IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව

1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා ඉතිහාසයේ පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත. එල්ලූම් ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේද ඉංගිරියේ කළුඅප්පුය. ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම කළුඅප්පු කළ වරද විය. ගස් හැමතැනම තිබුණද එල්ලූම් ගස් හැමතැනම නැත. දැනට ලංකාවේ එල්ලූම් ගස් තියෙන්නේ දෙකකි. එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනෙක බෝගම්බර බන්ධනාගාරයේය. යාපනය බන්ධනාගාරයේද එල්ලූම් ගසක් තිබුණද පසුකාලයේදි එය ඉවත් කර තිබේ. ඉංගිරියේ කළුඅප්පු එල්ලා මැරුවේ වැලිකඩදී බෝගම්බරදී හෝ යාපනයේදී හෝ නොව පෑලියගොඩදීය. එයට හේතුව, මුල් කාලේදී එල්ලා මැරීම කරනු ලැබුවේ මිනීමැරුම් සිදුවූ ස්ථානයට ආසන්නම නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයකය. ඉංගිරියේ කළුඅප්පු එල්ලූමගහට ගියේ පෑලියගොඩ ප‍්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පෝරකයකය. එදා අළුගෝසුවා වශයෙන් කටයුතු කළේ කවුරුන්දැයි නිශ්චිත නැත. එහෙත් ඉංගිරියේ කළුඅප්පු එල්ලා මරා දැමීම සඳහා වියදම් වූ මුදල සම්බන්ධ වාර්තා තිබේ. එම වාර්තාවට අනුව ”කළු අප්පු”ගේ එල්ලූම් ගහේ වියදම මෙසේය. අවශ්‍ය ලී දඬු සඳහා වැය කරන ලද මුදල පවුම 12 අවශ්‍ය උපකරණ පෑලියගොඩට ගෙන යාම සඳහා කරත්ත මුදල පවුම් 3 කළු අප්පු එල්ලීම සඳහා ගත් කඹය පවුම් 1යි   පනම් 6 අළුගෝසු නිල ඇඳුම් සඳහා -  පවුම් 10 කළු අප්පුගේ විශේෂ ඇඳුමට - පවුම් 4 අළුගෝසු වැටුප - පවුම් 3 බටා - පවුම් 4යි, පැන්ස 4යි. කළු අප්පු එල්ලා දැමූ කඹයෙහි දිග අඩි 30කි. ගණකම අඟල් 3/4ත් 1ත් අතර විය. වැනිලා ගණ පැළෑටියෙන් ලබාගත් කෙඳි පළමුව හොඳින් තම්බා තිබේ. ඒ ”ඇදීම” අවම කර ගැනීම සඳහාය. එයට හේතුව එල්ලූම් ගසේ වේදිකාවේ දොරපළු දෙක විවෘත වී මරණකරු පහළට ඇද වැටුණු පසු යළි ඉහළට හෝ පැත්තට හෝ දුන්නක් මෙන් පොළා පැන වේදිකාවේ වැටීමේ සිදුවිය හැකි අමතර හානි වළක්වා ගැනීමටය. කළුඅප්පුගේ ගෙලට වැටුණ තොණ්ඩුවේ හා කඹයේ ඉටි සබන් හෝ ග‍්‍රීස් ගල්වා තිබේ. ඒ තොණ්ඩුවේ ගැටේ පහසුවෙන් ලිස්සා ගොස් සිරවීම පහසු කිරීම පිණිසය. එල්ලා මැරීමේ නියමිත මරණකරු පහතට හෙළීමට ගතවන කාලය තත්ත්පරෙන් හතරෙන් පංගුවෙන් තුනෙන් පංගුවක් අතර වේ. ඔහුගේ සිරුරේ බර අනුව යෙදෙන ගුරුත්වාකර්ෂණ බලයත් වැටෙන දුරේ බලයත් එකින් එක වැඩි කිරීමෙන් ලැබෙන අගයට තොණ්ඩුවේ ගැටේ ස්ථානගත කරන ස්ථානය හා සම්බන්ධ කර සලකා බලන කල මරණකරුගේ ගෙල ප‍්‍රදේශයේ අස්ථි ක්‍ෂණිකව විසන්ධි කිරීමට එම බලපෑම සමත් වේ. මේ ආකාරයෙන් එල්ලා මැරීමකදී විනාඩි තුනත්-හයත් අතර කාලයක් ඇතුළත මොළය මිය යාමත්, විනාඩි පහක් පහළොවක් අතර කාලයක් තුළ සමස්ත සිරුරම මිය යාමත් අපේක්‍ෂා කෙරේ. ඇතැම්විට විනාඩි විසි පහක පමණ කාලයක් ගත වන තුරු හදවත ස්පන්දනය වෙමින් පැවතීමට ඉඩ තිබේ. ඉංගිරියේ කළුඅප්පු එල්ලූම් ගහට ගිගේ එසේය. ඒ මොහොතේදී කළු අප්පුට වේදනාවක් දැනුනේදැයි කීමට සමතෙක් නැත. එල්ලා මරා දැමීමට ලක් වූ  ඕනෑම අයකුට ඒ වේදනාව දැනුනේදැයි කීමට සමතෙක් නැත. විද්‍යාඥයන්ගේ මතයට අනුව එල්ලූම් ගහට ගිය අයකුට වේදනාවක් දනෙන්නේ නම් ඒ ගෙලෙන් අස්ථි විසන්ධි වන මොහොතේදී පමණි. මේ එල්ලූම් ගහ මෙරටට හිමි වූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුගයේදීය. ඇතුන් ලවා පෑගවීම, වංගෙඩියේ දමා කෙටීම, උල තැබීම, හිස ගසා දැමීම ආදී දඬුවම් ක‍්‍රම පසුකර පැමිණි යටත් විජිතයක එල්ලූම් ගහ බරපතළම දඬුවම් වශයෙන් අවධාරණය කෙරිණි. තල්¥වේ සෝමාරාම ඉතිහාසයට එක්වූයේ බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයේ වැරැුදිකරුවා ලෙසය. මාපිටිගම බුද්ධරක්ඛිත එම්.පී. ජයවර්ධන යන දෙදෙනාද වැරැුදිකරුවෝ වූහ. එහෙත් ඒ දෙදෙනාට හිමි වූයේ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමය. එහෙත් තල්දුවේ සෝමාරාමට එල්ලූම් ගහ නියම විය. ඒ අනුව 1962 වසරේ ජූලි මාසයේ දී වැලිකඩ බන්ධනාගාරයේදී තල්දුවේ සෝමාරාම එල්ලා මරා දැමූ බව බන්ධානාගාර වාර්තාවන්හි සඳහන්ය. තල්දුවේ සෝමාරාම එල්ලූම් ගහට ගියේ ගිහියකු ලෙසය. එහෙත් ඔහු වරද කරන අවස්ථාව වන විට භික්‍ෂුවක ලෙස සිටියේය. එහෙත් ඉතිිහාසයේ සඳහන් වන්නේ තල්දුවේ සෝමාරාම එල්ලූම්ගහට ගිය බවය. එය එසේ වූවද එල්ලූම්ගහට ගිය පළමු බෞද්ධ භික්‍ෂුව තල්දුවේ සෝමාරාම නොවේ. එල්ලූම්ගහට ගිය පළමු බෞද්ධ භික්‍ෂුව ලෙස ඉතිහාස ගත වූයේ ”කහවත්තේ උන්නාන්සේය.” කහවත්තේ උන්නාන්සේ එල්ලූම්ගහට ගියේ සමාජ විරෝධි කි‍්‍රයා හෝ නීති විරෝධී කි‍්‍රියා හේතුවෙන් නොවේ. මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සටන් කිරීම කහවත්තේ උන්නානසේ කළ එකම වරද විය. 1823 වසරේදී මාතලේ ප‍්‍රදේශයෙන් නිපැදුණ අධිරාජ්‍ය විරෝධි සටනට දායකත්වය සැපයීම උන්වහන්සේගේ නමට ඉදිරියෙන් වැරැද්ද ලෙස සටහන්ව තිබේ. එහෙත් එය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට රාජ්‍ය විරෝධී කැරැල්ලකි. දඬුවම වූයේ එල්ලූස් ගහය. බෞද්ධ භික්‍ෂූවක එල්ලා මරා දැමීමට එරෙහිව ජන උද්ඝෝෂණ ඇවිලී ගියද මරණ දඬුවම අත්හිටුවීමට එවකට ආණ්ඩුකාරධූරය ඉසිලූ මේජර් ජෙනරල් සර් කැමල් ප‍්‍රතික්ෂේප කළේය. මාතලේදි අත්අඩංගුවට පත් ”කහවත්තේ උන්නාන්සේ” මාතලේ ප‍්‍රදේශයේදී එල්ලා මරා දමන ලදැයි බන්ධනාගාර වාර්තාවන්හි සඳහන්ය. ආණ්ඩුකාර මේජර් ජනරාල් සර් කැමල් කහවත්තේ උන්නාන්සේට දුන් මරණ දඬුවම අහෝසි කරන ලෙස කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළද 1826 දී එවකට ආණ්ඩුකාර ධූරය දැරූ එඞ්මන්ඞ් බාන්ස් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම එක් අවස්ථාවකදී  අත්හිටෙව්වේය. එයින් ජීවිත දානය ලද්දී පහළ ගෙදර ඩිංගිරි මැණිකාය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරටට පැමිණෙන සමයේදී ස්ත‍්‍රීන්ට එරෙහිව ක‍්‍රියාත්මක වූ එක් දඬවම් ක‍්‍රමයක් වූයේ දියේ ගිල්වා මරා දැමීමය. විශේෂ පනතක් මගින් එම දඬුවම් ක‍්‍රමය අහෝසි කළ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු කාන්තාවන්ටද පොදුවේ මරණ දඬුවම නියම කෙරෙන නීති සම්පාදනය කළහ. ඒ එල්ලූම්ගහට නියම වූ පළමු කාන්තාව වශයෙන් ඉතිහාසගත වූයේ පහළගෙදර ඩිංගිරි මැණිකාය. ඒ වන විට ඇය ගැබිණියක්ව සිටියාය. එහෙයින් දරු ප‍්‍රසූතියෙන් දෙමසක් කල් ඉක්ම යනතුරු මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අත්හිටිවිණි. දරුවා ඉපදිණි. දෙමසක් කල් ඉක්ම යන තැන සිය ආදරණීය මව එල්ලූම් ගහට යන බව නොදැන කිරි කැටියා එම මව් උකුලේ සැනසුනේය. දුටු දුටුවන්ගේ සිත් කම්පා විය. වරද, දඬුවම, නීතිය අතරට මානුෂිකත්වය කඩාපාත් විය. ප‍්‍රතිඵලය වූයේ ඇයගේ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම ආණ්ඩුකාර එඞ්මන්ඞ් බාන්ස් අත්හිටුවීමය. ඒ වෙනුවට ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. 1964 වසරේ මාර්තු 12 වැනිදා කොළඹ කොටුවේ කයිමන් දොරකඩ තාවකාලික එල්ලූම් ගහක් ඉදිවිය. ඒ එල්ලූම් ගහ ඉදිවූයේ ජේ. අප්පුතම්බි වෙනුවෙන් බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු වූ ජේ.බී. වින්සර් මහතා මරා දැමීම ඔහුට එරෙහිව නැගුණ චෝදනාව විය. ඔහු එයට වරදකරු විය. ඒ අනුව කොළඹ කොටුවේ කයිමන් දොරකඩ ඉදිවූ තාවකාලික එල්ලූම් ගහෙන් ජේ. අප්පුතම්බි අවසන් ගමන් ගියේය. බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු මරා දැමීමට වරදකරු වූ අප්පුතම්බි එල්ලූම් ගහ නියම වූවා සේම බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරු වූ බි‍්‍රතාන්‍ය ජාතිකයකු එල්ලූම් ගස් යාමට සිදුවිය. ඒ කොළඹ ගාලූ මුවදොර ඉදිකළ තාවකාලික එල්ලූම් ගහකදීය. කපිතාන් හැඞ්න් ස්මිත් හා ජෝන් ස්ටීවන් අඹ යාළුවෝ වූහ. එහෙත් ඔවුන් අතර විසඳාගත නොහැකි ප‍්‍රශ්නයක් මතු විය. ප‍්‍රතිඵලය වූයේ ඉතාම රහසිගත ලෙස කපිතාන් හැඞ්න් ස්මිත් මරා දැමීමය. වරදකරු වූයේ ජෝන් ස්ටීවන්ය. 1868 වසරේ එක්තරා දිනකදී ගාලූ මුවදොර පිටියේදී ඔහු එල්ලූම් ගස් ගියේය. 1857 වසරේ ජුනි මස 12 වැනිදා කෑගල්ල නගරය සිසාරා භීතියද ශෝකයද ගලා ගියේය. ඒ එකම දිනක් තුළදී පුද්ගලයන් අට දෙනෙකු කෑගල්ල නගරය මධ්‍යයේදී එල්ලූම් ගස් යාමය. කෑගල්ලේ ගම්මුලාදෑනියෙකුව සිටි ජූනියස් අප්පුආරච්චි මරා දැමිණි. කෑගල්ලේ විසූ පුද්ගලයන් 15 දෙනකුට චෝදනා එල්ල විය. නඩු විභාගයේදී ඉන් අට දෙනෙක් වැරදිකරුවෝ වූහ. කෑග්ලල නගරය මධ්‍යයේ ඉදිවූ තාවකාලික ඉල්ලූම්ගහේදී මෙම වැරැුදිකරුවෝ අට දෙනාම අවසන් ගමන් ගියහ. 1871 වසරේදී වැලිකට බන්ධනාගාරයේදී ස්ථිරවම ඉල්ලූම්ගහ ස්ථාපනය කෙරෙනතුරුම අපරාධය සිදුවූ ප‍්‍රදේශයේම තාවකාලිකව ඉදි කෙරෙන එල්ලූම්ගහකදී පුද්ගලයෝ අවසන් ගමන් ගියහ. ඒ එල්ලූම්ගහේ ඉතිරි කතා ලබන සතියට... (පුනරුත්ථාපන හා බන්ධානාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතාට විශේෂ ස්තූතිය)

සටහන : ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / ජයන්ත සමරකෝන්



අදහස් (0)

එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව

අභිලාශිනී Tuesday, 26 June 2012 01:18 PM

එල්ලුම් ගහ ගෙනාවත් මැරෙන්න වෙන්නේ සල්ලි නැති දුප්පත් අයටනේ.....

:       0       0

ඩබ්.එම්. රාජරත්න බණ්ඩා Saturday, 30 June 2012 12:11 PM

මිනිස් ජීවිතයක් තත්ත්පයක් හරි ජීවත් කළ යුතුයි. අපරාධයට දඩුවම මැරීම නෙමෙයි. අපරාධය වෙන්න තියන ඉඩ අවම කළ යුතුයි.. දඩුවම වෙනත් ආකාරයකට තවත් මිනිසෙක් ජීව්ත කර ඔහුට ජිව්ත් වෙන ක්‍රමයක් අති කිරීම වැදගත්..

:       0       0

ශිෂ්‍යයා Thursday, 28 June 2012 12:24 PM

මේ රටේ අපරාධ වෙන හැටියට මේ දරැණු අපරාධකරැවන් දෙතුන් දෙනෙකුටවත් මේ දඩුවම නියමයි කරන්න ඕන... දෙවියනේ..

:       0       0

දයා,saudi Monday, 25 June 2012 06:02 PM

නීති හදන්නට බැරිනම් මීට ජනමත විචාරයක්වත් පවත්වා එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතුයි.නැත්නම් අපේ රට කොතන නවතීවිද කියලා සැකයි

:       0       0

ඉන්දික Thursday, 28 June 2012 08:08 PM

එල්ලුම් ගහකින් රටක අපරාද නැවැත්විය නොහැක .

:       0       0

සම්පත් Monday, 25 June 2012 12:52 PM

ඉක්මනින්ම ලංකාවට එල්ලුම්ගහ ගෙනආ යුතුයි....

:       0       0

මාතලන් Monday, 25 June 2012 12:09 AM

අනේ අපේ රටෙත් එල්ලුම් ගභ ක්‍රියාත්මක කරනවනම් කොච්චර අපරාධ අඩු වෙයිද

:       0       0

ප්‍රනාන්දු Monday, 25 June 2012 02:08 PM

මගෙත් අදහස එල්ලුම් ගස තියෙන්න ඕනි කියලයි

:       0       0

ප්‍රියදර්ශනී Monday, 25 June 2012 08:16 PM

රටේ අපරාධ අඩු කරන්නනම් මේ නීතිය අපේ රටට ගේන්නම වෙනවා

:       0       0

අචිනි Sunday, 24 June 2012 01:42 PM

ආයෙත් මේ නීතිය ගේන්න ඕන....නැත්නම් මේ රට ඉවරයි...

:       0       0

උදය Saturday, 30 June 2012 12:04 AM

ලංකාවේ එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම හොදයි.හැබැයි සැබෑ ලෙසම අපරාධ කළේ කවුරුන්ද යන්න සොයා බැලුවනම් තවත් හොදයි.

:       0       0

උදය Friday, 29 June 2012 11:24 PM

ලංකාවෙ එල්ලුම් ගහ ක්‍රියාත්ම කිරීම හොදයි. හැබැයි සැබෑ ලෙස හරියටම අපරාධකරැ කවුරැන්ද යන වග සෙයා බලා සිටිය යුතුයි...!!

:       0       0

කැන්ඩි මැන් Wednesday, 27 June 2012 07:29 PM

නීති කඩන අය ජීවිතයෙන් දඩුවම් ගෙවිය යුතුයි.එවිට මිනිසුන් මීට වඩා වගකීමෙන් කටයුතු කරාවි.

:       0       0

දුමින්ද Tuesday, 26 June 2012 10:29 AM

ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාත්මක වුනොත් කවුරු කවුරු ඉතිරි වේවිද දන්නෑ..මුලින්ම දේශලාඥයෝ තමයි ඉවර වෙන්නේ....

:       0       0

අසා Monday, 25 June 2012 03:46 AM

කොහොම උනත් මිනිස් ජීවිතයක් නසනවා කියන්නේ හෙණ ගහන අපරාදයක්.

:       0       0

රිෂාන් Tuesday, 26 June 2012 12:34 PM

මේක හොදයි. නමුත් අවස්ථාවක් නැ දැන් . ඔබ දන්නවා පොට්ට නෞෆර්. ඔහුත් මෙඉන් නිදහස්??? ඇයි ඒ

:       0       0

හිරන්ත Monday, 25 June 2012 09:22 AM

මෙය නැති නිසා තමයි මිනිස්සු අනිත් මිනිස්සුන්ව කපන්නේ කොටන්නේ.මෙය ක්‍රියාත්මක කරා නම් මේ අපරාධ බොහෝ දුරට අඩුවෙවි. හැබැයි දුප්පත් කම නිසා නඩු කියන්න සල්ලි නැතුව නිවැරදි කරුවන් එල්ලුම්ගස් යන එක නම් පව්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අයි.එම්.එෆ්.. රටේ ප්‍රශ්න විසඳෙයිද?
2024 ජුනි මස 18 69 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාව ලබාගෙන ඇති විස්තීරණ ණය පහසු කමේ තුන්වැනි වාරිකය වන ඩොලර් මිලියන 336ක් පසුගියදා නිකුත් කළේය. ලංකාව මෙතෙක් ලබාගෙන ඇති ප


පරිත්‍යාග රැසක් සිහිකරන හජ් වන්දනාව
2024 ජුනි මස 17 70 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (17) යෙදී ඇත. මෙම ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.


මෝදිගෙන් ගතයුතු පාඩම්
2024 ජුනි මස 17 267 0

ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය, දෙවතාවක් අගමැති ධුරය හෙබවූ නරේන්ද්‍ර මෝදි හා නේරු පවුලේ බලයේ උරුමකරු වූ රාහුල් ගාන්ධි යන ප්‍රධාන තරගකරුවන් දෙදෙනාම කනස්


පොහොර ටිකෙනුත් ගසාකන මොවුන්ට දඬුවම් නැද්ද?
2024 ජුනි මස 17 82 0

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළින් කෝටි ගණනක් ගසාකෑ බවට චෝදනා ලැබ සිටින පොහොර සමාගම් හතකට සහ ඊට අනුබල දුන් කොළඹ පෙට්ටි කඩ පහකට එරෙහිව අධිකරණයට කරුණු වාර


හිටිගමන් මතක් වූ දහතුන
2024 ජුනි මස 15 298 1

උතුරේ ඇතැම් දේශපාලනඥයන් ඉදිරි ජනාධිපතිවරණය වර්ජනය කරන්නේද නැත්නම් වෙනම දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේදැයි විවාද කරමින් සිටින අතර තුර දකුණේ ප


ඖෂධ ප්‍රමිති පරීක්ෂණ අත්හැරියේ කාගේ වුවමනාවටද?
2024 ජුනි මස 15 195 0

මේ රටේ ජනයා කොයි කලෙක කළ පාප කර්මයක් ගෙවා දමමින් සිටින්නේද යන ප්‍රශ්නය යළි යළිත් මතු කිරීමට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් රටක ජනතාවක් මුහුණ දිය යුතු නැති ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1322 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3047 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2497 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site