ආර්ථික අර්බුදයෙන් පසු ක්‍රමිකව යථාතත්වයට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා ආර්ථීකය නිවැරැදි මාවතක ගමන් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ආර්ථීක විශ්ලේෂකයෝ සහ මහජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිති. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ඔස්සේ ආර්ථිකය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගණනාවක් පසුගිය රජය මෙන් ම නව රජය විසින් ද ක්‍රියාවට නංවනු ලබමින් සිටියි.
කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි හතරවැනි වටයේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එළැඹුණු කාර්ය මණ්ඩල එකඟතාව යටතේ සිව් වැනි වාරිකය මේ වන තෙක් නිදහස් කිරීමට එම අරමුදලේ විධායක මණ්ඩලය තවමත් තීරණය කර නොමැත. ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කර ඇති බව පෙනේ.
එම මූලික කරුණු ඉටුවීමකින් තොරව සිව්වැනි වාරිකය නිදහස් කිරීමට ඔවුන් යොමු නොවන බවක් ද දිස්වේ. මෙවැනි වාතාවරණයක් යටතේ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්වයක් පවතීද? එසේම ආර්ථිකය නිවැරැදි මාර්ගයේ ගමන් ගනිමින් තිබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් නැවත වටයකින් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී. එබැවින් මෙම ලිපිය අර්බුදයට ලක්වූ ආර්ථිකය යථාතත්වයට පත්වෙමින් පවතින්නේ ද යන්න පිළිබඳ ව සාකච්ඡාවට බඳුන් කරන අතර ම ආර්ථික කාර්යසාධනය වේගවත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න ගැනත් සාකච්ඡා කෙරේ.
අර්බුදයට ලක්වූ ආර්ථිකයක් ප්‍රකෘතිමත්භාවයට පත් වෙන්නේ ද යන කාරණය පිළිබඳ ව මූලික කරුණු කිහිපයක් යටතේ අධ්‍යයනය කළ හැකි ය. දළ දේශීය නිෂ්පාදනයෙහි ස්ථාවර වර්ධනය ඒවා අතර ප්‍රමුඛ වේ. ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමිකව ස්ථාවර ආර්ථික වර්ධනයක් කරා ගමන් ගන්නා ස්වභාවයක් පෙන්නුම් කරයි. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස 2022 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට අටකින් පමණ හැකිළිණි. එහෙත් 2023-2024 වර්ෂවල දී, විශේෂයෙන් සංචාරක සහ අපනයන ඉපැයීම් හේතුවෙන්, ආර්ථිකය ස්ථාවර වී මේ වන විට ධනාත්මක වර්ධනයකට නැවත පැමිණීමත් සමග ආර්ථිකය යථාතත්වයට පත්වීමේ සලකුණු දිස් වෙයි. වෙසෙසින් ම ආර්ථික වර්ධනය නිෂ්පාදන ආර්ථිකය මුල්කරගෙන සිදුවන්නේ නම් එය ඉතාම වැදගත් වෙයි. කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත යන අංශ මත ආර්ථිකය ඉදිරියට ගමන් කළ යුතුය. ඒවා නිෂ්පාදන ආර්ථිකයක ශක්තිමත් පදනම් වෙන හෙයිනි.
නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන වෙනත් ප්‍රවේශ ඔස්සේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3 ට වඩා පවත්වා ගන්නේ නම්, එයින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය වඩා හොඳ මාවතක ගමන් කරන බවයි. මෙම තත්වය 2025 වර්ෂයේදීත් ක්‍රමිකව ඉදිරියට යන බව පැහැදිලි ය. විශේෂයෙන් ම 2025 වර්ෂයේ මුල් මාස පහක කාලයේ දී විදේශීය සේවක ප්‍රේෂණ ලැබීම්වල සියයට දහ අටක වර්ධනයක් වාර්තා වේ. එය ඩොලර් බිලියන 3.1 ක් පමණ වේ. එසේම සංචාරක ඉපැයීම්වල ද සියයට දහයක පමණ වර්ධනයක් වාර්තා වේ. මේ අනුව ස්ථාවර ආර්ථික වර්ධනයක් ක්‍රමිකව පවත්වා ගනිමින් ආර්ථිකය ඉදිරියට යන බව පැහැදිලි ය. එසේවුව ද නිෂ්පාදන ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය කරුණක් වේ. විශේෂයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශවල ඵලදායීතාව වර්ධනය කිරීමට අවැසි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ. එසේම ජාත්‍යන්තර වශයෙන් එල්ල වෙන අභියෝගවලට මුහුණ දීමට සමත් ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් හඳුන්වා දිය යුතු ය. එහිදී අපගේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළඳපොළෙහි පවතින ඉඩ ප්‍රස්ථා තවදුරටත් පුළුල් කිරීම පිණිස ක්‍රියාමාර්ග ගැනීම ද ඉතා වැදගත් ය. බටහිර රටවල වෙළෙඳපොළ පමණක් ඉලක්ක කර ගනිමින් සිදුකරන නිෂ්පාදන වෙනුවට නව වෙළඳපොළ හඳුනාගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු ය. එසේම ජාත්‍යන්තර නිෂ්පාදන ජාලවලට සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ද වැදගත් ය.
ආර්ථික අර්බුදයකට ලක් වූ රටක විදේශ සංචිත ඉහළ නංවා ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. ආර්ථිකයක් ක්‍රමිකව ඉදිරියට ගමන් කරන බවටත් ශක්තිමත්ව ඉදිරියට යන බවටත් පෙන්නුම් කරන එක් නිර්ණායකයක් වනුයේ එරට විදේශ සංචිතවල ක්‍රමික වර්ධනය යි. විදේශ සංචිතවල වැඩිදියුණු වීම මත ශ්‍රී ලංකා ආර්ථිකය මේ වෙන විට ස්ථාවර ආර්ථිකයක ලක්ෂණ පෙන්නුම් කරයි. 2022 දී විදේශ සංචිත ඩොලර් බිලියනයකට වඩා පහත වැටුණු අතර විදේශ ණය ගෙවීම පැහැර හැරීම ද සිදු විය. 2024 අවසන වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය හිමිවීම, ප්‍රේෂණ ඉහළ යාම සහ සංචාරක ව්‍යාපාරය යථා තත්වයට පත්වීම යන වර්ධන සමග, විදේශ සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවා ගියේ ය. තව ද රුපියල ස්ථාවර විය. තේ, ඇඟලුම් සහ කුළුබඩු අපනයනය ද යථා තත්වයට පත්වීමට පටන් ගත්තේය.
මේ සන්දර්භයේ රුපියල ශක්තිමත් වීමත් කැපී පෙනේ. මෙපරිදි ආර්ථිකයේ ඇති වූ පුනර්ජීවනය තවදුරටත් පවත්වා ගෙන යෑම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ. ආනයන පාලනය වෙනුවට අපනයන ආදායම් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත නැඹුරු විය යුතු ය. අපනයන ආදායම් වර්ධනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේදී විදේශීය ආයෝජන රටට ගෙන්වා ගැනීම කෙරෙහි සාවධාන විය යුතු ය.
ආර්ථීක අර්බුදයෙන් අගාධයට ගිය රටකට නිසි මූල්‍ය විනයක් සහ ණය කළමනාකරණයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. අයවැය හිඟය අඩු කිරීම, බදු ආදායම් වැඩි කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම දිගුකාලීන ප්‍රකෘතිමත් වීම සඳහා ඉතා වැදගත් වේ. අර්බුදයට පෙර සිදු කරන ලද බදු කප්පාදු සහ විශාල සහනාධාර හේතුවෙන් අයවැය හිඟය තවත් නරක අතට හරවන ලදී. පසුව රජය අයි.එම්.එෆ්. හි සහාය ඇතිව බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ අතර ජාත්‍යන්තර ණය දෙන්නන් සහ විදෙස් රටවල් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළේ ය. මේ වන විට දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ඇත. එසේම දේශීය ආදායම් වැඩිදියුණු වූ අතර ප්‍රාථමික හිඟය ද අඩු විය. ශ්‍රී ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගෙන ගියහොත් සහ ණය-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය සියයට සීයට වඩා පහත වැටීමට හේතුවන පරිසරයක් නිර්මාණය වන්නේ නම්, එමගින් වගකිවයුතු මූල්‍ය කළමනාකරණයක් පෙන්නුම් කරයි. විශේෂයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එහි ආදායම් ඉලක්ක මේ මේවන විට සපුරා ගනිමින් සිටියි. රජයේ අනෙක් ප්‍රධාන ආදායම් මූලාශ්‍ර වෙන ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒවායෙහි ආදායම් ඉලක්ක වෙත ළඟා වෙමින් සිටින බව එම ආයතනවල වාර්තා පෙන්වා දෙයි.
ආර්ථික අර්බුදයෙන් නිදහස්වන ආර්ථිකයක තවදුරටත් හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් වනුයේ අඩු උද්ධමන අනුපාතයක් පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් පැවතීමයි. ආර්ථික අර්බුද සමයේ මෙරට ආර්ථිකයේ උද්ධමනය සියයට හැත්තෑවත් ඉක්මවිය. එහෙත් යහපත් ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට උද්ධමනය අවම මට්ටමකට පැමිණ ඇත. මහ බැංකුවේ මූලික ඉලක්කය වනුයේ සියයට පහක පමණ උද්ධමනයක් යටතේ ආර්ථිකය මෙහෙයවීමයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති එම ආයතනය ගනිමින් සිටියි. එසේවුව ද එය අභියෝගාත්මක කරුණක් වන බව ද පැහැදිලි ය. ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරබයා බැංකු පොලී අනුපාතය පහළට ගෙන යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයෙහි යම් පිබිදීමක් උද්ගතව ඇත. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වාරිකය සම්බන්ධයෙන් වන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස විදුලි බිල ඉහළ නැංවීමට ආණ්ඩුවට සිදු ව ඇති බව පෙනීයයි. විදුලි ගාස්තු වැඩි කළහොත් අනිවාර්යයෙන්ම උද්ධමනයේ ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි ය. එම තත්වය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හඳුනාගැනීම මහ බැංකුවේ වගකීමකි. විදුලි බිලෙහි ඇති වී තිබෙන තත්වය ගැඹුරින් අවධානයට ලක් කළ යුතු කරුණකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල එකඟතාව යටතේ හතරවැනි ණය වාරිකය නිදහස් කිරීමට නම් විදුලි බිල ඉහළ දැමිය යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇත. එයට හේතු වී ඇත්තේ විදුලි මිල පිරිවැය ආවරණය වන පරිදි පවත්වාගෙන යෑමට රජය එකඟ වී තිබීමයි. එහෙත් විදුලි බිල ඉහළ නැංවීම උද්ධමනයට සෘජු ලෙස බලපාන්නකි. අප කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විදුලි ඒකකයක මිල සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. එවැනි තත්වයක් යටතේ තවදුරටත් විදුලි ගාස්තු ඉහළ නැංවීම ආර්ථික වශයෙන් අංශ ගණනාවකට බලපානු ඇත. එබැවින් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය පහත දමා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුය. ඒ වෙනුවෙන් පසුගිය රජය විසින් ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නා ලදී. එම වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගෙන යන්නෙහි ද එසේ නොමැති නම් වෙනත් ක්‍රියාමාර්ගවලට යොමු වන්නේ ද යන්න පිළිබඳව රජය අධ්‍යයනය කරමින් සිටින බව පෙනී යයි.
ලංකා විදුලි බල මණ්ඩලය සඳහා කඩිනමින් ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දිය යුතු ය. විදුලි බල ක්ෂේත්‍රය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන අත්‍යවශ්‍ය වේ. මේ සඳහා පවත්නා විදුලි බල මණ්ඩල පනත තවදුරටත් සංශෝධනය කිරීම පමණක් විසඳුමක් නොවන බව පැහැදිලි ය. පාරිසරික තත්ව යටතේ වර්ෂා ලැබෙන අවස්ථාවල නිෂ්පාදන පිරිවැය පහළ යෑමත් වැසි පතනය නොවන කාලවල දී විදුලි පිරිවැය ඉහළ යෑමත් යහපත් තත්වයක් නොවේ. මේ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වැදගත් වෙයි.
අවසාන විග්‍රහයේ දී කිව හැක්කේ උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට ක්‍රමිකව යථා තත්වයට පත්වෙමින් තිබෙන බවය. පවත්නා යහපත් ආර්ථික තත්වය තවදුරටත් ස්ථාවර කර ගැනීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාවට නැංවිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි.
නාස්තිය සහ දූෂණය අවම කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නොමැත. එහෙත් නාස්තිය සහ දූෂණය අවම කිරීම සඳහා පමණක් ප්‍රමුඛතාව ලබාදීම මගින් ආර්ථිකය ස්ථාවර නොවේ. ඒ වෙනුවෙන් පුළුල් සහ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය වේ. එහිලා පවත්නා යහපත් ආර්ථික වාතාවරණය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම පිණිස හඳුන්වා දී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාත්මක කිරීමත් මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමත් පුළුල් සහ කල්පවත්නා ආර්ථික සංවර්ධනයක් සඳහා ප්‍රමුඛ අවශ්‍යතාවක් බව අවසන් වශයෙන් දක්වනු කැමැත්තෙමි.
(*** සකස් කළේ උපුල් වික්‍රමසිංහ)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආර්ථිකයේ ගමන්මග නිවැරැදිද?
sene Monday, 09 June 2025 11:46 AM
දැනට රටේ ආර්ථිකය මුළුමනින්ම රඳා පවතින්නේ සන්චාරක සහ විදේශ පරීක්ෂණ මත නේද? ඊට අමතරව අධික බදු. ඔබගේ මතයට අප රට ආර්ථික වර්ධනයක් ලැබිය හැක්කේ මේ මත පමණද? සමාවන්න ඉතා දුප්පත් ආර්ථික දර්ශනයක්. උදාහරණයක් වියට්නාමය ඔවුන්ගේ ඉදිරි ගමන ගැන සොයා බලන්න. එතකොට තේරේවි දියුණුවට මග...