IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ආණ්ඩුව උතුර අමතක කරලා

එජාප අභ්‍යන්තර ගැටුම් නිමද? අලූතින් නියෝජ්‍ය නායකයන් කී දෙනෙක් පත් කරනවාද හා ආණ්ඩුවේ ගමන රටට ජනතාවට බලපාන අයුරු ගැන එජාප ප‍්‍රබලයකු වන වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ හඬයි මේ. 

 

ප‍්‍රශ්නය:- එජාපය ඇතුළේ ගැටුම් නිම බව ජනතාව හිතුවත් ඒවා අලූත් වෙමින් විවිධ ලෙස මතුවෙන බව ඇතැමුන්ගේ මතයයි. එකම පක්ෂයක් ලෙස ගොනුවී මේ ආණ්ඩුව පරාජය කරන්න දැන් එජාපය සූදානම් යයි කියන්න ඔබට පුළුවන්ද?
පිළිතුර:- ඔව්. 77 ඉඳල 94 වෙනතෙක් ශ්‍රීලනිපයේ තිබුණු මරාගැනිලි එජාපයේ අද නැහැ. ඒත් එජාපයේ මතවාද සංවාද තිබෙනවා. පක්ෂය ජයග‍්‍රහණය කරවන්නයි හුඟදෙනෙක් සංවාද කරන්නේ. හැබැයි විවිධ අද්භූත බලවේගත් තිබෙනවා. එජාපය ජයමාවතෙන් ඉවත් කරන්න ඔවුන් දඟලනවා.

එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර, නියෝජ්‍ය මහලේකම් වෛද්‍ය 
ජයලත් ජයවර්ධන


ප‍්‍රශ්නය:- එජාපය ජය මාවතට යාම වළක්වන අද්භූත බලවේග පක්ෂය තුළත් තිබෙනවාද? 
පිළිතුර:- මේ බලවේග වෙස් වළාගෙන විවධ ස්වරූපයෙන් පක්ෂයෙන් පිටත මෙන්ම පක්ෂය තුළත් ඉන්නවා. මේ බලවේග විවිධ අරමුණු තුළ කි‍්‍රයාත්මක බව මට හිතෙනවා. ලාභ ප‍්‍රයෝජන ලබාගැනීමට තම වෙලාව එනතෙක් කල්මැරීමට හිතන, තම පෞද්ගලික ප‍්‍රශ්න ගැටලූ යටපත් කර ගැනීට ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය අනුව මේ අය කි‍්‍රයාත්මකයි. මේ හරහා වසර 18 ක් දුක් විඳින පාක්ෂිකයා ලක්වන බලවත් අසාධාරණය මේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ආර්ථික පැත්තෙන් වෙන විනාශය මේ සමහරු තකන්නෙ නැහැ. කනගාටුව ඒකයි. මොවුන් එජාපයට විනයක් කරන්නේ. පක්ෂයේ ජයමාවත අහුරන්නයි හදන්නේ. ඒ සඳහා ආණ්ඩුවේ අයගේ උසිගැන්වීම තුළ විවිධ කුමන්ත‍්‍රණ දියත් වන්නේ ඒ ඒ අයගේ වැරැදි වහගන්න හා කල්මරලා තමාටම බලය ලබාගැනීමේ අරමුණෙන් කි‍්‍රයාකරන සමහරුන්ගේ පටු ආකල්ප නිසයි. මගේ පෞද්ගලික මතය ඒකයි.

 


ප‍්‍රශ්නය:- එජාපයේම අය අල්ලාගෙන ආණ්ඩුව කුමන්ත‍්‍රණ කරලා එජාප ජයමාවත අහුරනවා නම් ඉන් මිදෙන්න එජාපයට බැරි ඇයි? නායකත්වයේ දුබලතා හෝ එඩිතර තීන්දු ගැනීමට පක්ෂයට ඇති නොහැකියාව නිසාද?
පිළිතුර:- ඞී. ඇස්. මැතිතුමාගේ කාලෙ ඉඳලා එජාපයට එරෙහි කුමන්ත‍්‍රණ තිබුණා. ඒත් පක්ෂය නෙවෙයි අන්තිමට වැටුණේ ඒවා කළ අයයි. ඒ වගේ එජාපයේ අද පක්ෂ න්‍යායපත‍්‍රයට පිටින් යන විවිධ කුමන්ත‍්‍රණවලට හවුල් බලවේග ඉතා දුබල වෙලා එජාපය ජයමාවතට පිවිසී අවසානයි. එජාප ජයග‍්‍රහණය අත දුරින් තියෙන නිසා ඒවා වළක්වන්න කාටවත් බැරි වේවි.

එජාපය මැතිවරණ මෙච්චර පැරදුණා යයි ඇතැමුන් විග‍්‍රහ කරනවා. ඒත් දේශපාලනය අනුව එක් ප‍්‍රධාන මැතිවරණයක් වැරදුණාම ඒ බද්ධවූ අනිත් ඒවා ලොව  ඕනෑම රටක  ඕනෑම පක්ෂයක් පරදිනවා. ඒත් 2005 දී වුණේ මොකද්ද කොටි එක්ක ශ්‍රීලනිපය හොර ගිවිසුම් ගහලා කෝටි ගණන් මුදල් දීලා එජාපයට ලැබෙන්න තිබූ දෙමළ ඡුන්ද ලක්ෂ 06 ක් නවත්තලයි මේ ජනාධිපති ඡන්ද ලක්ෂ 1 1/2කින් යන්තම් දිනුවේ. සමහරුන්ට මේවා දැන් මතක නෑ. ඊළඟට මොකද වුණේ? එජාපයෙන් ඡන්ද දිනපු මන්තී‍්‍රවරු බුරුතුපිටින් ආණ්ඩුව බිලි බෑවා. සල්ලි, තනතුරු දීලයි බිලිබෑවේ. එහෙම පැනපු හුඟ දෙනෙකුට දුෂණ අක‍්‍රමිකතා ගැන ලොකු ප‍්‍රශ්න තිබුණා. ඒවා වහගන්නයි ඔවුන් ගියේ.  ඕනෑම හොරකමක් දුෂණයක් මිනීමැරුමක් කුඩු බිස්නස් එකක් හෝ  ඕනෑම පහත් වැඩක් කරලා ආණ්ඩුවට හේත්තු වුණොත් නීතිය කි‍්‍රයාත්මක වෙන්නෙ නෑ. රැකවරණ ලැබෙනවා. ඒ වගේ අන්ත දුෂිත රටක් හා ආණ්ඩුවක් යටතේයි අද අපි ඉන්නේ. අනික් කාරණය එහෙම ආණ්ඩුවට පැනපු අය නීතියෙන් රැකදීමට උසාවිය කි‍්‍රයා කළා. එජාපය ඇතුළු විපක්ෂය දුබලවීමට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශවීමට හේතු වුණේ ඒවායි. අද මුළු රටම දුක් විඳින්නේ ඒවා. මිසක් එජාප හෝ නායකත්වය මේ ප‍්‍රශ්නවලට මුල නෙවෙයි. මේ ආණ්ඩුව 2/3 ක බලය ඇති පාර්ලිමේන්තුවක් හැදුවෙත් උසාවියේ සහාය අරන්. අපේ මන්තී‍්‍රවරු බිලීබාලා මිසක් එවැනි බලයක් ජනතාව දීලා නෙවෙයි. අද අග‍්‍රවිනිශ්චයකාරවරියගේ මානව හිමිකම් පවා කඩන රටක් බවට ලංකාව පත්වෙලා. 
 


ප‍්‍රශ්නය:- එජාපය නව ව්‍යවස්ථාවක් ගෙනැල්ලා නව නියෝජ්‍ය නායකයකු පවා පත්කර අලූත් මුහුණුවරක්දී ඉදිරියට යන්න හැදුවත් පක්ෂයේ කවුරුත් එකම ගමනක් යනවාට වඩා තම තමන්ට  ඕනෑ පාරවල්වල යන්න උත්සාහ කිරීම ගැන පාක්ෂිකයා දැඩි කළකිරීමකට පත්වීම නිමවන්නේ කවදාද?
පිළිතුර:- එක්කෙනා එක එක පාරවල්වල ගියානම් ඒක නවතා දමන තීන්දුව පක්ෂය 2012 දෙසැම්බරයේදී ගත්තා. එක පක්ෂයයි, එක නායකයයි, එක හඬයි, එක අරමුණයි, එක ප‍්‍රතිපත්තියයි යන දැවැන්ත තීන්දුව එජාපය ගත්තේ ඔය ගැටලූ නිසයි. දැන් එජාප බලය ලබාගැනීමේ සංග‍්‍රාමයක් ආරම්භ කරල තියෙන්නේ. ඒකට පිටින් කවුරු හරි යන්න හැදුවොත් ඔහුට පාක්ෂිකයා නිසි දඬුවම් දේවි. විනයක් නැතිව පක්ෂයක් දිනවන්න බැහැ. කවුරුත් ඒක අවබෝධ කරගත යුතුයි. මොකද 2011 දී එජාපය නව ව්‍යවස්ථාවක් හදලා 2012 තෙක් ආ ගමනේදීත් නොයෙක් ගැටලූ කඹ ඇදිලි පීලි පැනීම් සිදුවූ නිසා 2012 දී ඒවා නිවැරැුදි කිරීමයි සිදුකළේ. දැන් එක පක්ෂයයි, එක නායකයයි, එක අරමුණයි, එක න්‍යාය පත‍්‍රයයි. ඒකෙන් පිට පැන්නොත් පැනපු එකා ඉවරයි. එහෙම විනයක් නැතුව මේක කරන්න බැහැ. කෝකියො වැඩි වුණාම හොද්දක්වත් හදන්න බැරි බව කවුරුත් දන්නවා. 

දැන් පක්ෂ 11 ක් එක්ක සන්ධාන ගහලා වෘත්තීය සමිති එකතු කරලා ජාලයක් හදලා රාජපක්ෂ රෙජීමය පරදවන ජනතා රෙජීම හැදීමයි අපි කරන්නේ. ජනතාවත් මේ මකර කටෙන් ගැලවිලා අතමිට සරු, ජීවන බර අඩු රැකියා සුලබ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ ස්වාධීන බව අවශ්‍ය රටක්  ඕනෑ නම් කඩිනමින් මේ හා බද්ධවීම අත්‍යවශ්‍යයි.

 

 

ප‍්‍රශ්නය:- ඒත් 2012 එකම අරමුණක එකම ගමනක් යන්නට පක්ෂය ගත් තීන්දුවට ඇතැම් අය අවනත නැති නිසා නේද එක් නියෝජ්‍ය නායක තනතුර තනතුරු 04ක් කරන්න ගියේ ?
පිළිතුර:- එජාපයේ සියලූ දෙනාම සමගි කරලා එකම මාවතක ගෙන යන්නයි හදන්නේ. ඒක කාටවත් කැපිල්ලක් නොව සියලූ දෙනා නිසි මඟට කැඳවා ගැනීමක් බව බුද්ධිමත්ව තේරුම් ගන්න  ඕනෑ. වසර 18 ක් දුක් විඳින පාක්ෂිකයාට ද්‍රෝහී වෙන්න කාටවත් බැහැ. නියෝජ්‍ය නායකවරු එක්කෙනාද දෙන්නද හතර දෙනෙක්ද කියල පක්ෂය නිල වශයෙන් කියල නැහැ. පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් ඇතුළු කාගේත් අදහස් මත කිරලා මැනලා පක්ෂයට වඩාත් වාසි, ජයග‍්‍රාහී තීන්දුවක් කාලය විසින් ලබාදේවි කියලයි මම  හිතන්නේ.

 


ප‍්‍රශ්නය:- මේ විපක්ෂය ආණ්ඩුවට ආශිර්වාදයක් සේම මේ ආණ්ඩුව කරනා ජනතාවට අහිතකර දේවල් විපක්ෂයටත් ආශිර්වාදයක්. ජීවන බර ඉහළයි. ණය බර අධිකයි. රැකියා නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස නීතියේ ස්වාධීන බව ගැන ප‍්‍රශ්න තිබෙනවා. මානව හිමිකම් චෝදනා ඇතුළු ඉහත චෝදනා හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ආණ්ඩුව හිරවෙලා. ඒත් විපක්ෂයේ ඇති මරා ගැනිලි නිසා ආණ්ඩුව සුවසේ ඉදිරියට යනවා නේද?
පිළිතුර:- එහෙම කාලයක් තිබුණා නම් දැන් ඒක ඉවරයි. මොකද ඔබ ඉහත දක්වපු මේ ආණ්ඩුවේ  හැසිරීම නිසා ජනතාව සීමාව ඉක්මවා පෙළමින් හැම තැනදීම මෝඩයාට ඇන්දීම නිසා ජනතාවට මේ ආණ්ඩුව තිත්ත වෙලා දැන් තියෙන්නේ.
රණවිරුවන් ජීවිත පුදලා යුද්ධය දිනා දුන්නා. ඒ රණවිරුවන් අද කාණු හෝදන්න, එළවළු විකුණන්න දාලා. ජනතාවට ජීවත් වෙන්න අද වේල් 02ක් වත් දිනකට කන්න අමාරුයි. රැකියා නැතිව දශ ලක්ෂ ගණනක් ඉන්නවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, නීතියේ ස්වාධීන බව දැන් ලංකාවේ නැහැ. ආණ්ඩුවේ අය හැම දේකින්ම 30%ක් හොරා කනවා. ජනතාවට එජාප පිහිට විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. නිදහසින් පසුව 2005 දක්වා මේ රට ගත් ණය මෙන් දෙගුණයක් මේ ආණ්ඩුව 2005 සිට මේ දක්වා ණය අරන් තියෙනවා. අද සෑම උපදින බිළිඳෙක්ම රු. තුන් ලක්ෂ පනස් දාහක ණය කාරයෙක් කරලා තියෙන්නේ. ජනතාව වියදම් කරන සෑම රු. 100 කින්ම රු. 63ක් ආණ්ඩුව බදු ගන්නවා. දරුවෙකුට උපදින්න හොඳ රටවල් අතරින් හැත්තෑපස් වැනි තැන අපි ඉන්නේ. නැති එකාට එදාවේල නැතත් ඇති එකාට රු. කෝටි 16 ක් වටිනා ලැම්බෝගිනි කාර් පදින්න පුළුවන් ආශ්චර්යවත් රටක් දැන් තියෙන්නේ.
රටේ ප‍්‍රධාන පවුලක් හා ප‍්‍රාදේශීයව තවත් පවුල් කීපයක් හා ඔවුන්ට බැලමෙහෙකම් කරන සුළු පිරිසක් තමයි අද තුන්වේල කාලා හිතන හිතන දේ කරමින් කෝටි ගණන් උපයමින් ජීවත් වෙන්නේ. 99%ක් ජනතාවට හුළං හා වේදනාව විතරයි මේ ආණ්ඩුව දීල තියෙන්නේ. මේ රට හා ජනතාව ආර්ථික ලෙස සුවපත් කළ හැක්කේ එජාපයට විතරයි. ඒක කි‍්‍රයාවෙන්ම එජාපය ඔප්පු කරල තියෙනවා. ජනතාව මේක බුද්ධිමත්ව තේරුම් ගැනීම අවශ්‍යයි. මේ ආණ්ඩුවට ඇත්තේ විකෘති 2/3ක බලය විතරයි. මේ ආණ්ඩුවට රට ගොඩගැනීමේ මොළයක් නෑ. ඒ හැකියාව ඇත්තේ  එජාපයට විතරයි.

 


ප‍්‍රශ්නය:- උතුරු නැගෙනහිර අවතැන්වුවන් යළි පදිංචි කිරීම, පුනරුත්ථාපනය, යටිතල හා සෙසු අවශ්‍යතා සැපයීම 95%ක් සම්පූර්ණ බවට ආණ්ඩුව කියනවා. ඒ පළාත්වල සැරිසරන ඔබ ඒ ගැන මොකද කියන්නේ? 
පිළිතුර:- පාරවල්වල දෙපැත්ත විතරක් බලලා උතුරු නැගෙනහිර මිනිස්සුන්ගේ වේදනාව තේරුම් ගන්න බැහැ. ඒ නිසා ආණ්ඩුව කියන්නේ අමූලික බොරු. මම ඔය හැම තැනම ඇවිදිනවා. යළි පදිංචි කරපු බහුතරයක් ඉන්නේ ගස් ගල් යටයි. ආහාර, ජලය, හිසට සෙවණක් හා මූලික අවශ්‍යතාවන් ඒ අයට නැහැ. ඒ මිනිස්සුන්ට ආදායම් මාර්ග ඇත්තෙත් නැහැ. තරුණයන්ට රැකියා හෝ දරුවන්ට අධ්‍යාපනය පවා නැහැ. ඒත් ආණ්ඩුවේ ප‍්‍රචාරය නම් දෝරගලනවා. රාජ්‍ය මාධ්‍ය අනුව නම් දැන් උතුරු නැගෙනහිර සුරපුරයක් වෙන්න  ඕනෑ. ඒ ජනතාවට මේ ආණ්ඩුව බරපතළ අසාධාරණයක් කරන්නේ. මූලික අවශ්‍යතා විතරද දේශපාලන විසඳුම පවා ආණ්ඩුව අමතක කරලයි තියෙන්නේ. 

 


ප‍්‍රශ්නය:- ජාත්‍යන්තරව ලංකාවට එන තර්ජන දිනෙන් දින ඉහළ යනවා. මාර්තුවල තවත් යෝජනාවක් ලංකාවට විරුද්ධව ජිනීවා වල සම්මත වුණොත් මොකද වෙන්නේ ...?
පිළිතුර:- අපේ ප‍්‍රාර්ථනාව එහෙම නොවේවා කියලයි. ගිය මාර්තුවලත් මේ ආණ්ඩුවට විරුද්ධව යෝජනාවක් සම්මත වුණා. මේ විරෝධතා ජාත්‍යන්තරයෙන් එන්නේ ලංකාවට හෝ අපේ ජනතාවට විරුද්ධව නෙවෙයි. මේ ආණ්ඩුවේ පහත් හැසිරීම්වලට විරුද්ධවයි ඒවා එන්නේ. ඒත් ආණ්ඩුව මේ රටේ ජනතාව නොමඟ යවලා ජිනීවාවලට විරුද්ධව ජනතාව පාර දිගේ යවනවා. මේක ජනතාව තේරුම් ගන්න  ඕනෑ. ලෝකයට ලංකාවට විරුද්ධවීමට අමුද්‍රව්‍ය ලබාදෙන්නේ මේ ආණ්ඩුවමයි. 

ගියවර ආණ්ඩුව පැරදුණත් ඡන්ද 15ක් ලැබුණා. මේ පාර ඒ ඡන්දවලින් භාගයක් ලැබේදැයි සැකයි. මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න කියලයි ගියවර ජිනීවාවලින් ඉල්ලූවේ. මේ ආණ්ඩුවේ අඥානකමට ඒවා හරියට කළේ නැ. රටේ මිනිස්සු මෝඩයාට අන්දලා යනවා වගේ ලෝකයත් අන්දලා ඇඟ බේරාගන්න පුළුවන් බවයි ආණ්ඩුව හිතන්නේ. ඒක මෝඩ සිතිවිල්ලක්. මේ රටට ආර්ථික තහංචි දාගන්නයි දඟලන්නේ. ජී.එස්.පී. ප්ලස් රු. කෝටි 5000ක් දැනටත් ආණ්ඩුව වසරකට මේ රටට අහිමි කරගෙන ඉන්නේ.
 


ප‍්‍රශ්නය:- යාබද ඉන්දියාව ගියවර අපට විරුද්ධව කි‍්‍රයා කළා. මෙවර ඉන්දියානු පසුබිම කුමක්ද? ළඟදී ජනාධිපතිතුමා එරට කළ සංචාරයේදී ඇතිවූ විරෝධතා ගැන ඔබේ විග‍්‍රහය කෙබඳුද?
පිළිතුර:- යාබද ඉන්දියාවත් හරිහැටි මිත‍්‍රශීලීව තියාගන්න බැරි ආණ්ඩුවට ලෝකයම සතුරුවීම පුදුමයක්ද? මේ ආණ්ඩුව ඉන්දියාවත් සීමාව ඉක්මවා අන්දවන්න ගියා. දැන් ඒ ආදීනවයි විඳින්නේ. ජනාධිපතිතුමා ඒ රටේ ගිය වෙලාවේ ජනතාව දැඩි විරෝධතා දැක්වූවා.
අද ඉන්දියාව ඇතුළු ලෝකය ලංකාවට විරුද්ධවීමට අවශ්‍ය පසුබිම හදා දුන්නේ මේ ආණ්ඩුවේ අඥානකම විසිනුයි. උගත් පාඩම් නිර්දේශ යටපත් කිරීම, උතුරු නැගෙනහිරට විසඳුමක් නොදීම, ඒ ජනතාවට මනුෂ්‍යයන් විධියට නොසැලකීම, ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් නැති කිරීම මේ ආණ්ඩුවට විරුද්ධව ඇති බරපතළ චෝදනායි. ඒත් එජාපය ජනතා සහායෙන් මේ රටත් ජනතාවත් ඉක්මනින් ගොඩ ගන්නවා. 

 

සංවාද මෙහෙවර  අශෝක ජයතුංග



අදහස් (0)

ආණ්ඩුව උතුර අමතක කරලා

ලලිත් Saturday, 23 February 2013 01:54 PM

සමහරු ඉපදුනේ දකුණේ වුණත් ඇගේ දුවන්නේ උතුරේ ලේ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

අස්ලාම් Thursday, 21 February 2013 08:09 PM

රටේ දියුණුව බලාගන්න පුලුවන් හාල්මැස්සෝ 250ක් ගන්න ගියහම? (නි)

:       0       0

සාලිය Monday, 18 February 2013 05:37 PM

මට නම් එහෙම හිතෙන්නේ නැහැ (දී)

:       0       0

මහේෂ් Thursday, 21 February 2013 10:18 PM

ඇයි හැමදාම උතුරේ දුක ගැන විතරක් හිතන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සදුනි Wednesday, 20 February 2013 06:49 PM

අපිට අතීතය අමතක නැත. (නි)

:       0       0

සේකර Friday, 22 February 2013 02:17 PM

එහෙම කියන්නත් බැහැ. සමහරුන්ටනම් රටක් තියෙනවාද ගානක් නැහැ. නමුත් රටට වැඩ කරන පිරිසකුත් ඉන්නවා (දී)

:       0       0

සේකර Wednesday, 20 February 2013 08:52 PM

එක එක්කෙනාට තියෙන්නේ එක එක මත (දී)

:       0       0

සේනක Wednesday, 20 February 2013 08:55 PM

මොන පිස්සුද (දී)

:       0       0

ලාල් Wednesday, 20 February 2013 08:57 PM

ගිහින් බලන්න අර කියුවා වගේ (දී)

:       0       0

කස්සප Tuesday, 19 February 2013 10:36 AM

ලංකාව දැන් හරි දියුණුයි (දී)

:       0       0

ලාල් Saturday, 23 February 2013 08:44 PM

මොන දේ වුණත් අපි අපේ රට පාවා නොදිය යුතුයි. (නි)

:       0       0

දිසා Tuesday, 19 February 2013 03:53 PM

ගිහින් බලන්න ඕනේ දියුණුව (දී)

:       0       0

අනුර Tuesday, 19 February 2013 04:01 PM

මේ රට අමාරුවෙන් රණවිරුවන් විසින් බේරාගත් එක නම් අමතක කරන්න එපා. (නි)

:       0       0

ජයා Friday, 08 March 2013 11:46 AM

ඔබ හරි . ඒ කාලේ එහෙම කර නිසානේ නියපොත්තෙන් කඩන්න තියපු දේ , පොරොවෙන් කපන්න තිස් අවුරුද්දක්ම ගත වුනේ. (ස)

:       0       0

හිල්ම් Tuesday, 19 February 2013 04:45 PM

උතුරු වසන්තය කියන්නේ මොකද්ද එතකොට (දී)

:       0       0

ජගත් Wednesday, 20 February 2013 11:15 PM

අනේ මන්දා (දී)

:       0       0

ලක්මාල් Thursday, 21 February 2013 04:52 PM

දේශපාලනය... බල තණ්හාව.... රට පාවාදීම.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 233 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 113 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 239 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 608 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4819 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site