IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


අස්ගිරි මහ නාහිමියන්ට වකුගඩුවක් දන්දුන් දානපතියකුගේ කතාව

19-Main-P-02 555

 

අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් සුපේශල  ශික්ෂාකාමී උතුම් යතිවරයාණන් වහන්සේ නමකි.
උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහනාහිමියන් වකුගඩු රෝගයට ගොදුරුවීම නිසා වකුගඩුවක් බද්ධ කිරීමේ සැත්කමකට ලක්කරනු ලැබුවේ 2008 වසරේ ජනවාරි මස 17 වැනිදාය.


ඒ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීය.


මහනායක හිමිපාණන්ට වකුගඩුවක් බද්ධ කර ජීවිතය පවත්වාගෙන යන බව ප‍්‍රසිද්ධ කරුණක් වුවත් උන්වහන්සේට බද්ධ කිරීමට වකුගඩුවක් පරිත්‍යාග කළේ කවුරුන්ද යන්න කියන එක මෙතෙක් කල් පැවතියේ රහසක් වශයෙනි.


මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට වකුගඩුවක් පරිත්‍යාග කළ තැනැත්තාද මේ ගැන මෙතෙක් කාලයක් ප‍්‍රසිද්ධියේ කියන්නට ගියේ නැත.


ඔහු කළ පරිත්‍යාග පළ කිරීමට මාධ්‍යයක් හමුවේ පෙනී සිටින්නේ පළමුවරටය. ඒ ඉරිදා ලංකාදීපය වෙනුවෙනි.


අපට මේ අවස්ථාව උදාකර දුන්නේ මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග අංශයේ රුධිර කාන්දු කරන ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය අරුණ අබේසිංහ මහතාය.


මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වකුගඩු රෝගය වැළඳී රෝගාතුර වූ පසු අපවත්වනතෙක්ම උන්වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ද කටයුතු කළේ අබේසිංහ මහතාය.


අස්ගිරි මහානාහිමියන්ට වකුගඩුවක් පරිත්‍යාග කළ කෙනා හඳුන්වාදීමෙන් කළ මෙහෙයට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය ද වෛද්‍ය අබේසිංහ මහතාට පිරිනැමිය යුතුය.


මේ මහා යතිවරයාණන් වහන්සේට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට එදා ඉරිපත්වූයේ කුරුණෑගල වීරඹුගෙදර පඹේගම ප‍්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්. අබේකෝන් මහතාය.


ජීවන ගමනේ 73 වැනි සැතපුම්කණුව මේ වනවිට පසුකරමින් සිටින අබේකෝන් මහතා එක් දියණියකගේ හා පුතුන් දෙදෙනකුගේ දයාබර පියෙකි.
අබේකෝන් මහතා අස්ගිරි නාහිමියන්ට වකුගඩුවක් පරිත්‍යාග කරන විට පසුවුයේ 65 හැවිරිදි වියේය.


ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින අබේකෝන් මහතා ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ සමාජ සේවකයෙකුද වන්නේය.


අපි මෙතැන් සිට අබේකෝන් මහතාගේ හඬට සවන් දෙමු.


මගේ බිරිය බී.එම්.මේරි මාර්ග‍්‍රට් අබේකෝන් මීට අවුරුදු 10 කට විතර කලින් මියගියා. මගේ ජීවිතයට මහා අත්වැලක් වූ බිරිය මියගියාට පස්සේ මම මේ ජීවිතය ගැන යම්තරමක කළකිරීමක් ඇතිවී තිබුණා. ටික කාලයක් යද්දී මට හිතුණා මගේ සිරුරේ තිබෙන අවයවයක් රෝගී කෙනෙකුට දන් දෙන්න. මගේ මේ අදහස දරුවන්ටත් කිව්වා. ඔවුන් ඒකට කොහොමවත් කැමතිවුණේ නැහැ. ඒ වෙන කිසිම දෙයක් නිසා නොවේ. මට තියන ආදරයටයි. මගේ වයස ගැනත් ඔවුන් මගේ මියගිය බිරිඳට පිං පමුණුවන්න හිතාගෙනත් එක්ක තමා මේ වාගේ පරිත්‍යාගයක් කරන්න කල්පනා කළේ. කවුරු විරුද්ධ වුණත් අවස්ථාවක් ලැබුණොත් මගේ සිරුරේ තිබෙන අවයවයක් රෝගී කෙනෙකුට පරිත්‍යාග කිරීමට අධිෂ්ඨාන කරගත්තා. එය ඉතා දැඩි අධිෂ්ඨානයක් කීවොත් වඩාත් නිවැරදියි.


ගාමිණි කියලා මහත්තයෙක් ඉන්නවා. එයා ඇවිත් දවසක් කිව්වා උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියන්ට වකුගඩුවක් බද්ධකරන්න  ඕනෑ නිසා විශේෂඥ වෛද්‍යවරු තීරණය කර තියෙනවා උන්වහන්සේට වකුගඩුවක් බද්ධ කරන්න තියෙනවා කියා. මේ බව ගාමිණී මහත්තයා මුලින්ම කියා තිබුණේ මගේ පුතෙක්වන ප‍්‍රසන්න අබේකෝන්ටයි. ඊට පස්සේ තමා මට කිව්වේ. අස්ගිරි නායක හිමියන්ට මගේ දුර නෑකමක්ද තියෙනවා. මම දෙවරක් නොසිතා මහනායක හිමියන්ට මගේ එක වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති වුණා. මම මෙච්චර කාලයක් සිරුරේ අවයවයක් පරිත්‍යාග කිරීමට හොයමින් සිටියේ. ඉතිං නායක හිමියන්ට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ලැබීම මම ජීවිතයේ ලබන ලොකුම පිංකම කියා මට සිතුනා.


ගාමිණී මහත්තයා කියන්නේ නායක හිමියන්ගේ ළඟම ඥාතියෙක්. මම ගාමිණී මහත්තයත් එක්ක අස්ගිිරි නාහිමියන් බැහැදකින්න මහා විහාරයට ආවා.

මහත්තයා කැමතිද මම වෙනුවෙන් වකුගඩුවක් දන් දෙන්න කියා උන්වහන්සේ මගෙන් විමසුවා. මම ඔව් කියා කිව්වා. ඊට පස්සේ අවශ්‍ය පරීක්ෂා කරලා මම නායක හිමියන් එක්ක සැත්කම කරන්න සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ගියා. සැත්කමෙන් පස්සේ මාස 1 1/2 ක් විතර කාලයක් සිංගප්පූරුවේ අපි හිටියා. නායක හිමියන්ට වකුගඩුව පරිත්‍යාග කරද්දි මගේ වයස අවුරුදු 65 ක් විතර වෙනවා.


මෙතෙක් කාලයක් මම මේ ගැන ප‍්‍රසිද්ධියේ කියන්න ගියේ නැහැ. මුල් වතාවට තමා ජනමාධ්‍යයකට මේ කතාව කියන්නේ යැයිද ඔහු කියයි.
අබේකෝන් මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය.


අස්ගිරි නාහිමියන් තමන් වහන්සේ වකුගඩුවක් බද්ධ කළ කෙනෙක් කියා සැලකුවේ නැහැ. කිසිම පරිස්සමක් තිබුණේ නැහැ. මීට වඩා පරිස්සම් වුණානම් සැලකිල්ලෙන් කටයුතු කළානම් තවත් බොහෝ කාලයක් උන්වහන්සේට ජීවත්වීමට තිබුණ බව මම විශ්වාස කරනවා. මහ නායක හිමිපාණන්වහන්සේ කරගෙන ආ ශාසනික මෙහෙවර දිගටම කරගෙන ගියා. උන්වහන්සේගේ ජීවිතය ගැන හිතවේ නැහැ.


අස්ගිරි මහනායක හිමියන් අපවත් වූ බව අසා මට දරාගන්න බැරි දුකක් ඇති වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහයට අස්ගිරි මහාවිහාරයට වැඩම කළ අවස්ථාවේ අවසන් ගෞවරය දක්වන්න ගියා. ශ්‍රී දේහය ආදාහනය කරන මුළු දවසෙම ගත කළේ මහනුවර යැයි අබේකෝන් මහතා පවසයි.


වකුගඩුව පරිත්‍යාග කළාට පස්සේ ඔබ ගත කරන ජීවිතය කොහොමද අබේනායක මහතා එක්ක කළ කතා බහ අවසන් කිරීමට මත්තෙන් මම ඔහුගෙන් විමසුවෙමි.


බොහොම හොඳට ඉන්නවා. කිසිම ලෙඩක් නැහැ. නිරෝගිව ඉන්නවා. වකුගඩුව පරිත්‍යාග කළදා ඉඳන් හිතේ සතුටෙන් හිටියා. හිතට පුදුම සහනයක් දැනුනේ යැයි අබේකෝන් මහතා පැවසීය.


උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියන්ගේ රෝගය හඳුනාගත් දවසේ සිට උන්වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අරුණ අබේසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.


නායක හිමිපාණන් වහන්සේට වකුගඩු රෝගයක් තිබෙන බවට මුලින්ම හදුනාගත්තේ 2004 වසරේදියි. 2006 වසරේදී රුධිරය පිරිසිදු කිරීම (Diaysis) මහනුවර මහ රෝහලේදී සිදුකර මහනායක හිමියන්ට වකුගඩුවක් බද්ධ කළේ සිංගප්පුරුවේ මවුන්ට එලිසබෙත් රෝහලේදී. 2008 වසරේ ජනවාරි මාසයේ 17 වැනිදා. ඒ වෙනකොට නායක හිමිපාණන් වහන්සේගේ වයස අවුරුදු 77 මේ වයසේ පසුවන අපේ රටේ ඉන්නා කෙනෙකුට වකුගඩුවක් බද්ධ කළේ පළමු වතාවටයි.


මට ලොකු තනතුරක් ලැබිලා තියෙන්නේ ඒ තනතුරේ වගකීම් සම්භාරයක් ඉටුකරන්න තියෙනවා. දොස්තර මහත්වරු කියන විදිහට හිටියොත් මට ඒ වගකීම් ඉටුකරන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් මම මේ තනතුරින් ඉවත්වෙන්න  ඕනෑ කියා තමා නායක හිමියෝ අප පිළිපැදිය යුතු වෛද්‍ය උපදෙස් ලබාදුන්නාම කිව්වේ.


අස්ගිරි නාහිමියෝ වෛද්‍ය උපදෙස් ගැන එතරම් සැළකිල්ලක් දක්වන්නේ නැතුව උන්වහන්සේ කරගෙන ආ ශාසනික මෙහෙවර නොකඩාව කරගෙන ගියා. තමන් වකුගඩුවක් බද්ධ කළ කෙනෙක් කියා මොහොතකටවත් හිතුවේ නැහැ. හිතේ පුදුම හයියක් ධෛර්යක් තිබුණා වකුගඩු බද්ධ කළ අයෙකුට නියුමෝනියා රෝගය වැළඳුනාම හුඟක් පරිස්සම් වෙන්න  ඕනෑ. නැත්නම් ජීවිතේ හරිම අවදානම්. අපේ නායක හිමිපාණන්ටත් සුළු නියුමෝනියා තත්ත්වයක් ඇතිවුණා. මහනුවර මහ රෝහලට ඇතුළුවී ප‍්‍රතිකාර ගත්තා. ඊට පස්සේ බද්ධ කළ වකුගඩුවේ අකර්මණ්‍ය තත්ත්වයක් හටගත්තා. ඊට පස්සේ තමා නායක හිමිපාණන් වහන්සේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට රැුගෙන ගියේ. පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් මමත් නායක හිමියන් සමඟ ගියා. ඒ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිිිටියදී උන්වහන්සේ අපවත්වුණා යැයි වෛද්‍ය අබේසිංහ මහතා කීය.


අස්ගිරිය පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන්ට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.

 

m



අදහස් (0)

අස්ගිරි මහ නාහිමියන්ට වකුගඩුවක් දන්දුන් දානපතියකුගේ කතාව

කමනි Wednesday, 22 April 2015 07:08 AM

ඔබ තුමා බලාපොරොත්තු උන සසරගමනේ කෙලවර නිවනට යන්නට ඔබ කරගත් පින හේතු වේවා, (ස)

:       0       0

නවිනි Wednesday, 22 April 2015 02:02 PM

අහන්නත් ආසයි. උතුම් පින්කමක්. (නි)

:       0       0

අසෝක Wednesday, 22 April 2015 03:44 PM

ඉඳලා ඉඳලා ලංකාවේ හොද නිව්ස් එකක් අහන්න ලැබුනා. මෙතුමාට ඉතාමත් පින්. හැමදාම හොර නඩයේ බයිලා අහලා එපාවෙලා හිටියේ (බ)

:       0       0

උපුල් Sunday, 26 April 2015 03:10 AM

සාදු සාදු මේ උතුම් පිංකම ඔබතුමාට සසර කතරින් එතෙර වීමට හේතු වාසනා වේවා!! (දිල්)

:       0       0

සංජීව Tuesday, 21 April 2015 07:47 AM

මෙම උතුමාණන් පිලිබඳ මට ලිවීමට වචන නැත. ඔබට නිදුක් නීරෝගී සැපවත් ජීවිතයක් පතමි. ඔබ තුමාට තෙරුවන් සරණයි. දළඳා සමිඳු පිහිටයි.! (ර)

:       0       0

තිත්තවැල්ල Sunday, 26 April 2015 03:19 AM

වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (බ)

:       0       0

විපුල Tuesday, 21 April 2015 05:02 PM

සංසාර ගමනේ ඔබතුමා බලාපොරොත්තු පින කිරීම සම්බන්ධව අපගේ සිත් වලට යම් උනන්දුවක් ලැබුණි (ස) ,

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දය එදා කී දේ අද කියන දේ
2024 ජුලි මස 27 7 0

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්නා බවට විරුද්ධ පක්ෂ පසුගිය මාස කිහිපයක් තිස්සේ චෝ


ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු
2024 ජුලි මස 27 4 0

2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21


අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 259 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 128 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 291 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 136 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site