IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අප කවදාවත් ඡන්දෙට බය වුණේ නෑ

මහ මැතිවරණයට මුහුණදීම ඇතුළු කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් ශ්‍රී.ල. පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී ලොකුගේ සහ සමගි ජලබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් යන මහත්වරු සමග කළ සාකච්ඡා මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතු කොහොමද?
පිළිතුර:- රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුව මැතිවරණය පැවැත්විය යුතු යැයි අපි දිගටම කිව්වා. කොරෝනා වසංගතයෙන් පසුව රට ගොඩනගන වැඩපිළිවෙළට සියලු පාර්ශ්වවල සහාය අවශ්‍යයයි. ඉතින් අපි මැතිවරණ නීති රීතිත් නිරෝධායන රීතිත් අනුව මැතිවරණ කටයුතු කරගෙන යනවා. ගෝඨාභය මහත්තයා නැවත වතාවක් පත්කරන්නේ ඇයි කියන කාරණාව පාක්ෂිකයන්ට තේරුම් කරලා දෙනවා. අනිවාර්යයෙන්ම අපි තුනෙන් දෙකට වැඩි බලයක් ලබාගන්නවා.

ප්‍රශ්නය:- එම්සීසී ගිවිසුම මහ මැතිවරණයෙන් පසුව අස්සන් කරන බවට තානාපති කාර්යාලය පවසද්දී රජය ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරමින් සිටිනවා. ජනාධිපතිවරණයට පෙර පැවැසුවේ එය අස්සන් නොකරන බව නේද?
පිළිතුර:- ඒක ඇවිල්ලා කුමන්ත්‍රණයක්. මොකද ඇමෙරිකන් තානාපති කාර්යාලය හැමදාමත් රාජපක්ෂලාට විරුද්ධයි. ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වෙනවට විරුද්ධව විවිධ කටයුතු කළා. මැතිවරණයෙන් පසුව සාකච්ඡා කරනවා කියලා දැන් අලුතින් මතයක් හදාගෙන යනවා. සාකච්ඡා කරන්න දෙයක් නෑ. අපි කොමිටියක් පත්කළා. ඒ කොමිටිය මේක ක්‍රියාත්මක කරන්නෙපා කියලා නිර්දේශ කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩලය ඒක තීරණය කරලා තිබෙනවා. ඉතින් මේක නොකෙරෙන දෙයක්. ඒත් ජනතාව අතරේ කුතුහලයක් හදන්න තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් කරනවා. ඒක අරගෙන ජේ.වී.පී එක එම්.සී.සී අස්සන් කරනවාය කියනවා. මේක ඡන්දදායකයා නොමග යවන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.

ප්‍රශ්නය:- 2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවා දුන් බවට මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිවරයා කළ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. තම පාලන කාලයේ වී යැයි මේ කාරණාව ගැන හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු හැටියට ඔබ දරන මතය මොකක්ද?
පිළිතුර:- මගේ මතය නම් අවිශ්වාසයක් ඇති කරලා ක්‍රීඩකයන් බාල්දු කරන්න නරකයි. එදාම ඒ ගැන පැමිණිලි කරලා විභාග කරන්න ඇමැතිවරයා හැටියට එතුමට යුතුකමක් තිබුණා. ඒක ඇමැතිවරයකුගේ වගකීමක්. එහෙම නැතිව පස්සෙ කතා කරන එකට මම එකඟ වෙන්නේ නෑ. අයි.සී.සී. එකේ දූෂණ විමර්ශන කමිටුවට පැමිණිල්ලක් කරලා විභාග කරවන්න එයාට එහෙම නම් තවම යුතුකමක් තිබෙනවා. කියන්න ඕන තැනට නොකියා ජනමාධ්‍යට කියලා සියලු දෙනාම බාල්දු කිරීමේ තේරුමක් නෑ.  

ප්‍රශ්නය:- එක රැයකට හමුදා සෙබළුන් දහස් ගණනක් මරා දැමූ තමා කොරෝනාවලටත් වඩා භයානක යැයි කරුණා අම්මාන් හිටපු ඇමැතිවරයා කළ ප්‍රකාශය ගැන ආණ්ඩුවට නිල ස්ථාවරයක් තිබෙනවද? විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන්නේ මෙවැනි අපරාධයක් වැටෙන්නේත් යුද අපරාධ ගණයට බවයි. ඔබ එය පිළිගන්නවද?
පිළිතුර:- කරුණා අම්මාන් විතරක් නෙවෙයිනෙ. යුද්ධය ජයග්‍රහණය කළාට පසුව අපි රජයක් හැටියට යුද්ධයට සහභාගී වූ එල්.ටී.ටී.ඊයේ අය සියලු දෙනා පුනරුත්ථාපනය කළා. දැන් ඒ අය දේශපාලනයට ඇවිත් කටයුතු කරනවා. එහෙම නම් අසූ නවයෙදි ජනතා විමුක්ති පෙරමුණ කළේ මොකද්ද? පළමු වැනියට ඡන්දය දාන්න ගිය අය මැරුවා. රැස්වීම්වලට ගිය අය මැරුවා. මරණෙත් දණිහෙන් උඩට උස්සන්න එපා කිව්වා. එහෙම අය දැන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ඇවිල්ලා. ජනතා ඡන්දයෙන් මන්ත්‍රීවරුන් බවට පත්කළා. අපි ඒ අය එක්ක ගනුදෙනු කළා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ මිනීමරුවො කියල අපි කියනවද? නෑ. හැබැයි ඒ අය කරපු දේවල්ම අනෙක් පැත්තට අනෙක් මිනිස්සුන්ට කියනවා. ඒ වගේම තමයි කරුණා අම්මානුත් යුද්ධ කළා. ආණ්ඩුවෙ හමුදාවට එකතු වුණා. පුනරුත්ථාපනය වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ආවා. එහෙම නම් සන්නද්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා ඉඳලා දේශපාලනයට ආපු දෙමළ කොටස් කොච්චර ඉන්නවද?

ප්‍රශ්නය:- ඉදිරි මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව කැඳවීමේ දිනයක් ජනාධිපතිවරයා ප්‍රකාශ නොකළ තත්ත්වයක් තුළ ඇතැම්විට පාර්ලිමේන්තුව නොකැඳවා ආණ්ඩුකරණය ඉදිරියට යාමක් වේදැයි ඇතැමුන් ප්‍රශ්න කරමින් සිටිනවා. මේ ගැන ඔබේ මතය මොකද්ද?
පිළිතුර:- අපි ඡන්දවලට බය නැති බව ජනතාව දන්නවා.  මේ ආණ්ඩුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ආණ්ඩුවක්. අපි ඇයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ? විසුරුවන්න පුළුවන් පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා ජනාධිපතිවරණයේදී අපි ප්‍රසිද්ධියේ කිව්වා. අපිට තුනෙන් දෙක ඕනෑ. පැහැදිලි ආණ්ඩු බලයක් ඕනෑ. රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් කෙළින් තීන්දු ගත හැකි පරිදි ව්‍යවස්ථාදායකයේ බලය ඕනෑ. මොකද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයායි අගමැතිවරයායි අතර කෝලාහලයක් තිබුණේ. මැතිවරණ කොමසාරිස්වරයා ගන්නකෝ. එයා ආණ්ඩුව පාලනය කරනවයි කියනවනෙ දැන්. මෙතෙක් කල් තිබුණු මැතිවරණ ක්‍රමය නෙවෙයිනෙ දැන් යන්නේ. ඉතින් මේ වැරැදි නිවැරැදි වෙන විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්න වෙලා තියෙනවා. ඒකට අපි තුනෙන් දෙකේ බලයක් ඉල්ලනවා.


*** සාකච්ඡා කළේ - බිඟුන් මේනක ගමගේ

--------------------------------------------------------------------------------------------------------------

ප්‍රශ්නය:- මේ මොහොතේ මැතිවරණය විපක්ෂයට බෙහෙවින් අවාසිසහගත නැද්ද?
පිළිතුර:- නැහැ. අපිට වාසිසහගත වෙලාවට මැතිවරණය තියන්න කියා අපි කියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කණ්ඩායමක් හැටියට නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ගැන අපි ගරු කරන්න ඕන. ඒක රටේ අවශ්‍යතාවක්. මූලික අයිතිවාසිකමක්. හැබැයි මේ සියල්ලම වෙන්න ඕන ජනතාව ආරක්ෂා වෙන ආකාරයටයි. අපිට වාසිද, අපිට අවාසිද කියා බලනවාට වඩා ජනතාවගේ ආරක්ෂාව ගැන බලන්න ඕන.
මේ වෙලාවේ මැතිවරණය පැවැත්වීම අපිට වාසිදායකයි. මේ ආණ්ඩුව බලයට ආවෙත් බොරුවෙන්. බොරුවෙන්ම ජීවත් වෙන ආණ්ඩුවක්. ජනතාවට කරපු දෙයක් නැහැ. අද බඩු මිල වැඩිවෙලා. ලයිට් බිල, වතුර බිල වැඩිවෙලා. රැකියා අහිමි වෙලා. ආදායම් අඩුවෙලා. ලීසිං වාරික ගෙවාගන්න බැරුව විශාල පිරිසක් අසරණ වෙලා. ණය වාරික පොලී ගෙවන්න සිදුව තිබෙනවා. රටට විදේශ විනිමය උපයා දෙන රට විරුවන්ට ලෙඩක් දුකක් හැදුනාම රටට එන්න බැරුව සිටිනවා. සාමකාමීව උද්ඝෝෂණ කරන්න බැහැ. දැන් මේ ආණ්ඩුවේ බොරුව, ප්‍රෝඩාව හෙළිවෙලා. ආර්ථික, සමාජීය වශයෙන් ජනතාව විශාල පීඩනයකට පත්ව සිටිනවා. එම පසුබිමේ මේ මැතිවරණය අපට බෙහෙවින්ම වාසියි.

ප්‍රශ්නය:- දෙකට බෙදී මැතිවරණයට ඉදිරිපත්ව සිටින මොහොතක ඔබ ඔය කියන ආකාරයේ වාසියක් ලැබෙන්නේ කොහොමද?
පිළිතුර:- පක්ෂය දෙකට බෙදිලා නැහැ. සියයට 95ක් එකපැත්තකත්, සියයට පහක් පමණ තවත් පැත්තකත් සිටිනවා. ජනාධිපතිවරණයකින් පැරදුනාම සාමාන්‍යයෙන් විපක්ෂය හතරගාතෙන් වැටෙන්න ඕන. එහෙත් අලුත් දේශපාලන සන්ධානය නිසා පාවෙන ඡන්දදායකයන් අතර ලොකු පිබිදීමක් ඇතිවෙලා. ගමට ගිහින් වැඩ ටික කරගෙන යන විට බිම් මට්ටමේ ඒ ගැම්ම අපට පේනවා. ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් පාවෙන ඡන්දදායකයන් ලක්ෂ 25ක් විතර සිටිනවා. ඒ අය දැන් මේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ගැන සම්පූර්ණයෙන් කලකිරිලා. ජනාධිපතිවරයා ගැන යම් ප්‍රසාදයකින් ඡන්දය දුන් ජනතාව අද ආණ්ඩුවේ සිටින දූෂිතයන්, මිරිස්කුඩුකාරයන් සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටිනවා. මෙවන් පිරිසකට ඡන්දය දෙන්න ජනතාව සූදානම් නැහැ. අපි අලුත් දේශපාලන ප්‍රවාහයක් නිසා මේ ඡන්දවලින් කොටසක් ගන්න අපට පුළුවන්. රට අලුත් ප්‍රවාහයකට ගෙනයාමේ වුවමනාවක් මධ්‍යම පාංතිකයන්ට තිබෙනවා. අලුත් තරුණ ජවසම්පන්න කණ්ඩායමක් අවුරුදු 53ක නායකයකු සමග නිර්මාණශීලී පිරිසක් ඉදිරිපත් වීම ඉතාම වාසියි.

ප්‍රශ්නය:- අලුත් ප්‍රවාහයක් කිව්වට ඔබලා වසර පහකට ආසන්න කාලයක් රට පාලනය කළා. ඒ කාලයේ කළේ කුමක්දැයි ප්‍රශ්න කෙරෙන තැනක ඔබ කියන ආකාරයේ ජන රැල්ලක් හැදෙයිද?
පිළිතුර:- ඒ කාලයේ නිර්මාණශීලීව කෙරුණු වැඩ ගොඩක් තිබෙනවා. එහෙත් පාක්ෂිකයන්ට සලකන්න, ඔවුන්ට රැකියා, සමෘද්ධිය, නිවාස දෙන්න නායකයාට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම් ගැන සොයා බැලුවේ නැහැ. එදා පාක්ෂිකයන්ට නොසැලකීමේ පීඩනයට අද මුහුණ දෙනවා. පාක්ෂිකයන්ට සැලකුවා නම් අපි පරදිනනේ නැහැ. පරාජය නොවුණා නම් මෙහෙම බෙදීමක් වෙන්නෙත් නැහැ. අපේ පැත්තෙ සිටින සියලු දෙනාම සර්වසම්පූර්ණ යැයි කියන්න මම ලෑස්ති නැහැ. සාපේක්ෂව බැලුවාම විශිෂ්ට කණ්ඩායමක් ඉන්නේ අපේ පැත්තේ. ජනතාව මනාප දෙද්දී හොඳම කණ්ඩායම තෝරා ගනීවි.

ප්‍රශ්නය:- සමගි ජනබලවේගය උත්සාහ කරන්නේ සිරිකොතේ බලය අල්ලන්න මිස රටේ බලය අල්ලන්න නොවන බව කියනවා නේද?
පිළිතුර:- සිරිකොතේ බලය අල්ලන්න දෙයක් නැහැ. එජාප කෘත්‍යාධිකාරියේ තීරණය අනුව පිහිටවූ සන්ධානය ජයගත්තාම ඔය ප්‍රශ්නය නිකම්ම විසඳෙනවා. අපේ අරමුණ ඕව නෙමෙයි. අපට අවශ්‍ය මේ රටට ගැළපෙන නිර්මාණශීලී හැකියාවෙන් නිපුණතාවෙන් පිරි කණ්ඩායමක් සමග රට අලුත් මාවතකට ගෙනයන්නයි. අපි මහන්සි වෙන්නේ ඒ වෙනුවෙන්. පොඩි පොඩි කණ්ඩායම් සමග හැප්පෙන්න වෙලාවක් අපට නැහැ.

ප්‍රශ්නය:- සමගි ජනබලවේගයේ අපේක්ෂකයන්, ප්‍රබලයන් එකිනෙකා ඉවත් වෙන්නේ ඇයි?
පිළිතුර:- මංගල සමරවීරගේ ඉවත්වීම එතුමාගේ පෞද්ගලික තීරණයක්. එතුමා ආණ්ඩුවට සම්බන්ධ වුණේ නැහැ. එතුමා අපත් සමග සිටින විට ඔහුගේ ප්‍රකාශ නිසා සිංහල බෞද්ධ ඡන්ද නැති වන බව යම් යම් අය කිව්වා. දැන් ඔහු ඉවත් වූ පසු ඔහු නැතිවීම පාඩුවක්ද කියා අසනවා. අපි මේවට රැවටෙන්න ඕන නැහැ. තව පොඩි පොඩි අය ඉවත්වීම ප්‍රශ්නයක් නෙමෙයි.

ප්‍රශ්නය:- රටට ඉදිරිපත් කරන වැඩපිළිවෙළ මොකද්ද?
පිළිතුර:- කොරෝනා සමග ආර්ථිකයේ සිදුව ඇති දෙදරීම කළමනාකරණය අත්‍යවශ්‍යයි. පළමු වැඩපිළිවෙළ ජනතාව ජීවත් කරවීමයි. ආදායම් උත්පාදනය දෙවැන්න විය යුතුයි. එයට අලුත් ඉසව් සොයාගෙන යන්න ඕන. කොරෝනාවෙන් උගෙනගත් පාඩම් මහපොළොවේ යථාර්ථයක් කිරීම මූලික ඉලක්කය විය යුතුයි. සංවෘත ආර්ථිකයකින් මේක ගොඩදාන්න බැහැ. විවෘත ආර්ථිකයේදී දේශීය වටිනාකම් වැඩි කර ගත යුතු බොහෝ දේ තිබෙනවා. කළමනාකරණ දුර්වලතා නිසා අහිමි වූ දේ බොහොමයි. විශාල ණය බරක් ඇත්තේ කළමනාකරණ දුර්වලතා හේතුවෙන්. මේවා නිවැරදි නොකර රට ඉදිරියට ගෙනියන්න බැහැ. දේශීය නිෂ්පාදන  ශක්තිමත් කරන අතර මේ වැඩපිළිවෙළට අපි ප්‍රමුඛතාව දෙනවා. නිවාස, නිසි අධ්‍යාපනය ලබාදීම, තාක්ෂණය සමග ඉදිරියට යන සමාජයක් නිර්මාණය කළ යුතුයි. අලුත් මාවත් සොයාගෙන ඉදිරියට යාම අපේ ප්‍රතිපත්තියයි.

 

*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ



අදහස් (4)

අප කවදාවත් ඡන්දෙට බය වුණේ නෑ

සෙනෙවිරත්න Monday, 22 June 2020 12:16 PM

කතාව හරි මෙතුමා කිසිම දවසක බය වුනේ නැහැ.. අපිට මතකයි 82, 83, 88, 89 කාලේ කැස්බෑව පැත්තේ මෙතුමාලගේ පක්ෂයේ අයගෙ වැඩ... දැන් සිල් අරගෙන වගේ, පරණ ශ්‍රී ලංකා කාරයෙකුගෙන් අහගන්න කියලා කියන්න වෙනවා දැන් පොහොට්ටුවේ උදවියට...

:       0       252

Appachchi Tuesday, 23 June 2020 01:23 AM

මේ මනුස්සයා මේ රටට කළ එක වැදගත් දෙයක් කියන්න.. දියවන්නාවට වෙලා සැප අරන් ඇතිවෙන්න සැප හෙව්වා... ළඟදි කළ එක ගොන්කමක් හින්දා... මහරගම අපේක්ෂා රෝහලට එන මිනිස්සුන්ට නොමිලේ දුන්න කෑමවේලටත් වැඩේ දුන්නා.. මේ අය ඔතනට යවන අයට තමයි ගහන්න ඕනේ...

:       0       254

Rata Perata Tuesday, 23 June 2020 02:08 PM

මේ වගේ අයට ඔබේ පුවත්පතේ වටිනා ඉඩ වෙන් කරන්න එපා...

:       0       260

ranjith Wednesday, 24 June 2020 11:03 PM

මේ වගේ මහලු අය තවම තණ්හාව තියෙනවා... තරුණ අයට දීලා ඉන්නේ නැතිව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 314 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 170 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 487 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 558 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 165 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 46 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 266 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 76 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site