IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


සෙවණ සොයා ගිය ක්ෂුද්‍ර‍ ජීවීයෝ

මිනිසුන් ඇතුළු සත්ත්ව වර්ගයා දැඩි සූර්ය රශ්මියෙන් ආරක්ෂාවීමට සෙවණ සහිත ස්ථානයක් සොයා ගන්නා ආකාරයට පෘථිවියේ මුල්ම පරිසරයේ ජීවත් වූ ප්‍රාග් කේම්බ්‍රීය ක්ෂුද්‍ර‍ ජිවීන් ද දැඩි සූර්ය කිරණින් ආරක්ෂාවීමට සෙවණ සහිත ස්ථානවලට යොමු වී ඇතැයි විද්‍යාඥයෝ කියති.

අදින් වසර කෝටි 300ට පමණ පෙර පෘථිවිය මත විසූ ක්ෂුද්‍ර‍ ජීවී ෆොසිල පරීක්ෂාවකින් විද්‍යාඥයෝ මේ නිගමනයට එළැඹ ඇත. මේ කාලයේ දී පෘතිවි පෘෂ්ඨය සහ එහි ස්ථර සැකැස්ම ආරම්භ වූවා පමණි. ඒ කාලයේ දැඩි හිරු රශ්මියක් පෘථිවිය මත පතිත වූ බැවින් මතුපිට පරිසරය දැඩි කර්කෂ තත්ත්වයක පැවතිණි. පෘථිවිය සිසිල් වීම ආරම්භ වූ අවධිය ද එයයි.

විද්‍යාඥයන් පවසන්නේ හිරුගේ කිරණ මතින් පැතිරුණු පාරජම්බුල විකිරණ මගින් ආරක්ෂාවීම සදහා වායු බුබුළු මගින් සැකසුණු උදම් අවසාධිතයන් අතර මේ ක්ෂුද්‍ර‍ජීවීන් සැගවී සිටින්නට ඇති බවයි.

මේ මතය ප්‍ර‍කාශ කරන්නේ දකුණු අප්‍රිකාවේ බර්බටන් ග්‍රීන්ස්ටෝන් කලාපයේ වසර කෝටි 322ට වඩා පැරණි කදු ශිඛරයන් හි ස්ථරවල කරන ලද පර්යේෂණ වාර්තා පදනම් කර ගනිමිනි.

විද්‍යාඥයන් පවසන්නේ පසු කාලීනව සිදුවූ ගිනි කදු ක්‍රියාකාරකම් හේතුවෙන් මේ ගිරි ශිඛට පෘථිවි පෘෂ්ඨය මතට තල්ලුවී පැමිණ ඇති බවයි.

මේ පර්යේෂණ සිදුකර ඇත්තේ ජර්මානු සහ ස්විට්සර්ලන්ත පර්යේෂක කණ්ඩායමක් විසිනි.

ඔවුන් පවසන්නේ එකළ සිටි ක්ෂුද්‍ර ජීවින්ට තම සිරුරේ දිග හා පළල පාලනය කිරීමේ හැකියාවක් ද පැවති බවයි. මෙම ෆොසිල මෙතෙක් හමුවී ඇති පැරණි ම ෆොසිල වලට වඩා වසර මිලියන කෝටි 50 කටත් වඩා පැරණිය. ඒ අනුව එය ලෝකයේ මෙතෙක් හමුවූ  ජීවය හටගත් මූලාරම්භක අවස්ථවේ පොසිල බව ද  විද්‍යාඥයෝ පවසති.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි ජර්මනියේ බර්ලින් හි ෆ්‍රී විශ්ව විද්‍යාලයේ ඇලිසැන්ඩ්රෝ අයිරෝ නිව්සයන්ටිස්ට් සඟරාවට පවසා ඇත්තේ මෙම ක්ෂුද්‍ර ජීවින්ගේ හැඩය සමරූපී බවයි.

පර්යේෂකයන් විසින් ප්‍ර‍කාශකැර ඇති තවත් වැදගත් මතයක් වන්නේ මේ ක්ෂුද්‍ර‍ ජීවීන් පොළොව මත ජීවත්ව සිටි කාලයේ පෘථිවියේ පරිසරය හා එයට එල්ල වූ සූර්යයා ගේ පාරජම්බූල කිරණවල තත්ත්වය වර්තමාන අගහරු ග්‍ර‍හයාගේ මතුපිට පෘෂ්ඨයේ පරිසරයට සමාන බවයි. රතු ග්‍ර‍හයා මත ජීවය සොයා කරන පර්යේෂණ සදහා මෙමගින් ද යම් ඉගියක් ලබා ගත හැකිය.

 



අදහස් (0)

සෙවණ සොයා ගිය ක්ෂුද්‍ර‍ ජීවීයෝ

කරු ජයසුන්දර Sunday, 03 January 2016 08:11 AM

අපට ඇති මිහිතලයට දෙවෙනි නොවන දෙය තමයි සුර්යයා. ඉර එළිය නැත්නම් අපිවත් වෙන ජීවයන් ( ශාක සමඟ ) මෙලොව නැහැ. (නි)

:       0       0

ජගත් Sunday, 03 January 2016 03:44 PM

ලංකාවෙත් ඉන්නවා රටම වනසන ක්ෂුද්‍ර‍ ජිවීන් කොටසක්.ඒ ජිවීන්ට උත්තරිතර සභාවකින් අවශ්‍යකරන ආරක්ෂාව හා සෙවණ ලැබෙනවා. (බ)

:       0       0

ගමගේ Friday, 01 January 2016 01:49 AM

අද මේ තත්වය තිබුනත් කාටත් "මුල" මතක්කරගන්න වටිනා ලිපියක්. ලංකාදීපයට ස්තුතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site