IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මොළයේ සංඥා වලින් පාලනය වන ක්‍රෘතිම අතක්

(ගයාන් සූරියආරච්චි)

මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත‍්‍රිම අතක් නිපදවීමට මොරටවු විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.

යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන කාලිංග නිසල්, ජනක සුබෝධ සහ ඉසුරු රුහුණගේ මෙය නිපදවූහ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න සහ පශ්චාත් උපාධි අපේක්ෂක චාමික පෙරේරා යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම ඔස්සේ මෙම රොබෝ අත නිපදවා තිබේ.

විවිධ රෝගාබාධ, හදිසි අනතුරු සහ පශ්චාත් යුදමය වාතාවරණය නිසා අත් අහිමිවූවන් වැඩි ප‍්‍රතිශතයක් ශ්‍රී ලංකාව තුළ ජීවත්වේ. ඔවුන් අතරින් වැලමිටත් උරහිසත් අතරින් අත අහිමි අය වෙනුවෙන් කෘත‍්‍රිම අතක් නිපදවීම පර්යේෂකයන්ගේ උත්සාහය විය. ඔවුන් වෙනුවෙන් විවිධ වර්ගයේ කෘත‍්‍රිම අත් දක්නට ලැබෙන අතර ඒවා බොහෝමක් සක‍්‍රීය මට්ටමේ නොමැත.  එවැනි සක‍්‍රීය කෘත‍්‍රිම අතක් මිලෙන් ඉතා අධිකය.

ශ්‍රී ලංකාව වැනි රටකට එවැනි මිලෙන් අධික කෘත‍්‍රිම අත් භාවිත කිරීම අපහසු කටයුත්තක් විය හැක.  බොහෝමයක් සක‍්‍රීය අත් පාලනය කිරීමට මාංශපේෂීවලින් ලබාගන්නා සංඥා  (ඊඑම්.ජී. සංඥා) යොදාගෙන තිබේ. එහෙත් වැලමිටට ඉහළින් අතක් අහිමිවූ අයකුගේ සංඥා ලබාගත හැකි මාංශපේෂී සීමිත වේ. එවිට බොහෝවිට අතේ ඇඟිලි පාලනය කිරීමට අපහසුවේ.

ඊට විසඳුමක් ලෙස මෙම නිර්මාණකරුවන් විසින් මාංශපේෂී සංඥාවලට අමතරව මිනිස් මොළයෙන් ලබාගන්නා සංඥා යොදාගෙන වැඩි ක‍්‍රියාකාරකම් ප‍්‍රමාණයක් කළ හැකි සාමාන්‍ය අතකට සමාන කෘත‍්‍රිම අතක් නිපදවීමට පර්යේෂණ කණ්ඩායම සමත්විය.

මේ සම්බන්ධයෙන්  වැඩිදුර  විස්තර  කළ ආචාර්ය තිළිණ ලලිතරත්න මහතා මෙසේ පැවසීය.

‘‘මෙම කෘත‍්‍රිම අත නිර්මාණය කිරීමට පෙර  මොළයේ සංඥා සහ මාංශපේෂී සංඥා ලබාගන්නා අකාරය ගැන පිඹුරුපත් සකස්කරන්න වුණා. ඒ අනුව බාහිරින් පැළැඳිය හැකි මාංශපේෂීවල (ඊ.එම්.ජී.) සංඥා අත් කරගත හැකි පද්ධතියකින් සහ බාහිරව හිසට පළඳින සංවේදක පද්ධතියක් මාර්ගයෙන් මොළයේ සංඥා ඊ.ඊ.ජී. සංඥා ලෙස ලබාගැනීමට අපට හැකිවුණා. කෘත‍්‍රිම අතේ වැලමිටෙහි චලනයන් කෘත‍්‍රිම අත භාවිත කරන පුද්ලයාගේ ද්විශීර්ෂ සහ ත‍්‍රී ශීර්ෂ මාංශපේශීන්ගෙන් නිකුත්වන සංඥා මගින් ක‍්‍රියාත්මක වෙනවා. අතේ ඇඟිලි චලන සිදුවන්නේ මොළයෙන් ලබාගන්නා ඊ.ඊ.ජී. සංඥා මගිනුයි.

මෙහිදී (SSVEP) නැමැති විශේෂිත ක‍්‍රමවේදයක් පාදක කරගත්තා. මෙම ක‍්‍රමවේදයේදී සිදුවන්නේ කෘත‍්‍රිමව ඇති කරනු ලබන යම් කිසි සංඛ්‍යාතයකින් යුත් ආලෝක ප‍්‍රභව දෙස පියවි ඇසින් බලා සිටින විට එම සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් මිනිස් මොළය තුළින් ඊ.ඊ.ජී. සංඥා ලෙස නිකුත් වෙනවා. මෙමගින් එම ඊ.ඊ.ජී. සංඥා එකිනෙක වෙන්කර හඳුනා ගන්නා ගන්නා අතර අවසානයේ එම ප‍්‍රතිඵල අනුව අතෙහි ඇඟිලි ක‍්‍රියාකිරීමට අවශ්‍ය විධාන නිකුත් කිරීම මෙම කෘත‍්‍රිම අතෙන් කෙරෙනවා.

ඊට අමතරව ඇඟිලි සහිත මැණික් කටුවෙන් පහළ කොටස වෙනම කොටසක් ලෙස ගලවා වැලමිටට පහළින් අත අහිමිවු අයකුට වුවද භාවිත කරන්න පුළුවන්. එවැනි යොදාගැනීමකදී අතෙහි වැලමිටට යටින් ඉතිරිව පවතින කොටසේ මාංශපේෂීවලින් ඊ.එම්.ජී. සංඥා ලබාගෙන එදිනෙදා ජීවිතයට අවශ්‍ය පරිදි අතෙහි ඇඟිලිවල චලන සිදුකිරීමට හැකිවෙනවා.

මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේ ප‍්‍රතිඵල ලෝකයේ ප‍්‍රමුඛම ජාත්‍යන්තර ඉංජිනේරු හා වෛද්‍ය පර්යේෂණ සම්මන්ත‍්‍රණයක් වන දකුණු කොරියාවේදී පැවැත්වෙන IEEE EMBC 2017 සම්මන්ත‍්‍රණයේදී එළිදැක්වීමට තෝරාගෙන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් යොදාගෙන මෙම උපකරණය මේ වන විටත් පරික්ෂා කර ඇති අයුරු පර්යේෂණය සිදුකළා. ඉදිරියේදී අබාධිත පුද්ගලයන් යොදගෙන සායනික පර්යේෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවද එහි  නිර්මාණකරුවෝ පවසති.

මෙය අනාගතයේදී නිෂ්පාදනයක් හැටියට හඳුන්වා දෙනු ලබන  අතර වෛද්‍ය ක්ෂේත‍්‍රය, වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ආයෝජකයන්ටත් තමන් හා එක්වෙන්න යැයි ආරාධනා නිර්මාණකරුවෝ කරති. මෙම ව්‍යාපෘතියේ වැඩි විස්තර [email protected] විද්‍යුත් ලිපිනයෙන් හෝ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව හරහා ලබාගත හැකිය.

මෙය නිර්මාණය කිරීමේදී මොරටුව විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රාහුල අත්තලගේ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා, අංශ ප‍්‍රධානී ආචාර්ය රුවන් ගෝපුර, යාන්ත‍්‍රික කොටස් නිර්මාණයේදී සහාය වූ ඩයි ඇන්ඞ් මෝල්ඞ් ෆැසිලිටේෂන් ඇන්ඞ් ඩිවොලොප්මන්ට් ආයතනයේ අධ්‍යක්‍ෂ කථිකාචාර්ය ජනක මංගල, තාක්ෂණ නිලධාරී ජනත් ප‍්‍රියංකර සහ එල්. පෙරේරා යන මහත්වරු ද සහය වී තිබේ.

 



අදහස් (9)

මොළයේ සංඥා වලින් පාලනය වන ක්‍රෘතිම අතක්

Saumya Monday, 15 May 2017 08:29 AM

අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී, ජාතියේ පිනට පහල වූ ලක් පුතුනි, ඉදිරියටත් මේ වගේ අලුත් අලුත් දෑ තනන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා....!!!

:       0       65

ravin Monday, 15 May 2017 08:34 AM

හොඳ අදහසක්/නිපැයුමක්..... බලන්නකෝ අපේ හමුදාවන්ට/ ආරක්ෂක අමාත්‍යංශයට කියලා අබාධිත රණ විරුවන්ට උපකාරයක් කළ හැකිද කියලා. දෙපැත්තෙන්ම සපෝර්ට් එක අපේම කොල්ලන්ටනේ....

:       0       92

Kalyana Jayawardena Monday, 15 May 2017 08:51 AM

රොබෝ කොප්. මෙවැනි කෘත්‍රිම අතක් සවිකරගෙන රොබෝ කොප් වගේ ජීවත් වෙන්න මම ආසයි.

:       8       1

kap Monday, 15 May 2017 10:51 AM

අතේ සංඥා වලීන් මොලේ වැඩ කරන්න හොයාගෙන නැද්ද? අපේ රටේ ඉන්නවා 225 දෙනෙක් අත් හොයා ගන්නකල්....

:       0       17

sarath Monday, 15 May 2017 06:41 PM

අපෝ ඒක හොයාගෙන බොහොම කල්. ඔය ටියුෂන් පන්ති වටේට කැරකිලා බලන්නකෝ.

:       0       3

lalith Monday, 15 May 2017 06:39 PM

ඉතාම ඉහල නිපැයුමක්. එබෝලා වැනි වසංගත රෝගීන්ට නිරෝධායන කුටියකින් පිටත සිට ප්‍රතිකාර කිරීමට උපකාර වෙන සොයාගැනීමක්. නමුත් අපේ සුදුවෑන් කාරයින්ට අහුවෙන්න තියන්න නම් එපා. ඇඟිලි සලකුණු නැතිවම වැඩේ දීල යයි.

:       1       6

සිරි Tuesday, 30 May 2017 05:57 AM

යුධ සමයේ සියළුම දේවල් අධික මිල ගණන් ගෙවා පිට රටවල් වලින් ගෙන්න ගත්ත. ඒ කාලේ යුද්ධයට දායක වීමට මෙවැනි නිර්මාණ කරුවන් අපේ විශ්ව විද්‍යාල වල හිටියේ නැද්ද ?

:       0       1

upul Friday, 02 June 2017 01:18 PM

ආනන්දීයයෙක් වන ඉසුරු රුහුණගේ පුතා ගැන ආදී ආනන්දීයයෙක් විදිහට ආඩම්බරයි. අනිත් පුතාලටත් සුබ පැතුම්.

:       0       0

lalith Sunday, 04 June 2017 03:43 PM

ආනන්දය වගේම මේ රුහුණු පුතාට මුලික අධ්‍යාපනය ලබාදුන් රුහුණේ පාසල් වලටත් ආඩම්බර ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 275 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 763 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site