(ගයාන් සූරියආරච්චි)
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ‘ෆියුචර් ඩ්‍රෝන්ස්’ ආයතන එකමුතුවෙන් සංවිධානය කළ ‘ඩ්‍රොන් සිම්පෝසියම් 2017’ සම්මන්ත‍්‍රණය මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේදී පැවැත්විණි.
දේශීය වශයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන තාක්‍ෂණය සංවර්ධනය කිරීම පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික හා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ අංශ ප‍්‍රධානී මහාචාර්ය රෝහාන් මුණසිංහ මහතා ප‍්‍රධාන දේශනය පැවැත්වීය.
2011 වසරේ ලංකාවේ ප‍්‍රථම සාර්ථක ඩ්‍රෝන යාත‍්‍රාව ලෙස ‘ක්වාඞ් රොටර්’ යානය නිපදවූ අතර 2012 දී ස්වයංක‍්‍රීය ධාවන පාලන පද්ධතියක් නිර්මාණය කෙරිණි. ඉන්පසුව ඉලෙක්ට්‍රෝනික හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සිසුන්ගේ පශ්චාත් උපාධි අපේක්‍ෂක ව්‍යාපෘතියක් ලෙස රෙජිෆෝම් උපයෝගී කරගෙන කිලෝග‍්‍රෑම් 1.2 ක කුඩා ප්ලේන් යානයක් නිපදවීය.
‘රාවන්’ නමින් රියල් ටයිම් වීඩියෝවක් සහිත ස්වයංක‍්‍රීය ඩ්‍රෝනයක් නිපදවනුයේ මේ අතරතුරය. 2014 වසරේදී ‘සී හොක්’ නමින් බල්සා අමුද්‍රව්‍ය යොදාගෙන මධ්‍යම ප‍්‍රමාණයේ ඩ්‍රෝනයක් නිර්මාණය කරන අතර එය ඉතා වේගවත් යානයක් ලෙස හැඳින්විය හැකිය. ඉන් අනතුරුව කාබන් ෆයිබර්වලින් මෙම යානය වාණිජ වශයෙන් නිර්මාණකරුවෝ නිපදවූහ. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේද සහාය ලැබිණි.
‘සී බී’, ‘සී හැක්ස්’, ‘සී හෝනට්’, ‘සී ට්වින්’, සී මැපර්’ ඇතුලූ ඩ්‍රෝන යානා රැසක් මොරටුව විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති අතර කෘෂිකර්මාන්ත, මාර්ග තදබදය, බඩු බාහිරාදිය රැගෙනයාම, ඩෙංගු මර්දනය, ආපදා තත්ත්වවලදී අනතුරු හඳුනාගැනීම, විදුලි රැහැන් සැලසුම් කිරීම, ඉදිකිරීම්, ගබඩා පරිමාව ගණනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් සිදුකිරීමට යොදාගත හැකිය.
මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා, උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා ඇතුලූ මහත්ම මහත්මීහු රැසක් ඊට සහභාගිවූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද ක්‍රියාවක්, මේවගේ ප්‍රදර්ශන වැඩි වැඩියෙන් තියෙන්නේ ඕනි. හැබෙයි ඩ්‍රෝන් කියන්නේ බටහිර රටවල ගොඩක්ම විනෝදාංශයක් විදිහට කරන දෙයක්. අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඩ්‍රෝන් වල තියෙන ප්‍රධානම ගැටලුව බැටරි , පුලුවන්නම් අන්න ඒ වගේ දෙකට විකල්ප ක්‍රම ගැනත් පරීක්ෂණ කරන, ලංකාදීප පත්තරේම තිබ්බ හන්තාන පරික්ෂනගරටේ ලිතියම් අයන් බැටරි පරීක්ෂණ කරනවා කියල. ඒ වගේ අයත් එක්ක සම්බන්ද වෙලා පරීක්ෂණ දියුණු කරන්න.
මේවාට බදු ගහන විදියක් බලමු ...
මෙරට විශ්ව විද්‍යාලවල පර්යේෂණ මෙලෙස ප්‍රදර්ශනය කිරීම ඉතා අගය කරමි. පාසල් සිසුන්ගේ නවෝත්පාදන හැකියා සදහා මෙයින් හැකියාව ඇති අතර පරිගණක ආශ්‍රත නිශ්පාදන මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැක. මොරටුව විශ්ව විද්‍යාලයට මගේ සුභ පැතුම්