කුලියාපිටිය සිට කුරුණෑගල දක්වා ධාවනය කෙරුණු පුද්ගලික බස්රියකි. දොර දෙකකින් යුතු එම බස්රියේ කොන්දොස්තරවරයා ගැටවරයෙකි. බසයේ අසුන්වල ඉඩකඩ ඇහිරී අසුන් දෙපේළිය අතර වූ ඉඩ පරිශ‍්‍රයද ඇහිරෙමින් තිබිණ. බස්රිය තුළ මගී තදබදය අවම කරන්නට කොන්දොස්තරවරයා පසුපස දොරෙහි එල්ලී මගීන් අයදියි. ”කරුණාකරලා ඉස්සරහට යන්න” බස්රිය ඉස්සරහට යන්න මගීන්ට ඉස්සරහ යන්න ඉඩක් නැත. උඩ ලෝහ දණ්ඬේද අත්දඬුවලට ඉඩක් නැත. කොන්දොස්තරවරයා කාර්යක්‍ෂමය. ගැටවර වියේ නිසා කාර්ය ශූරය. ඔහු පසුපස දොරෙන් බැස දුව ගොස් ඉදිරිපස දොරෙහි එල්ලූණේය. ”යමු යමු පස්සට යමු” ඔහු මගීන් අතරින් රිංගා මගීනට යෝජනා කළේය. එහෙත් යෝජනාව ස්ථිර වූයේ නැත. එහෙත් බස්රිය තුළ මැද හරියේ දැඩි මගී තදබදයෙන් ඇඟපත සමතලා වී සිටි වියපත් මගියෙක් මුවගුලූ ඇරියේය. ”ඈ කොන්දොස්තර ළමයො. ඔයා පිටිපස්සෙ දොරේ ඉඳන් කෑ ගහනවා ඉස්සරහට යන්න කියලා. ඉස්සරහ දොරෙන් නැගල සද්දේ දානව පස්සට යන්න කියලා. එතකොට මේ මැද ඉදන් චාප්ප වෙන අපි කොහාටද යන්නෙ” තදබදයෙන් පීඩාවට පත්ව සිටි මගීන්ට එය සවන් කුහර තුළින් ඇතුළු කළ වේදනා නාශක පෙත්තක් බඳු විය. ඔවුන් මුවඟ සිනාව ඒ බැව් පසක් කෙරිණි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට විසදුම පෞද්ගලික බස් නැතිකිරීමයි
කොන්දොස්තර රැකියාව දෙන්න ඕන උපාධි ගත්ත අයට තමයි (ස)
එහෙම තමයි වෙන්න ඕනේ
මේ පෞද්ගලික බස් වසංගතය කවදා අවසන් වේවිද? එදාට මිනිසුන්ට සැණසිල්ලේ ඉස් වල යන්න පුලුවන් වේවි
තව මේ වගේ අය 50 ක් හිටියොත් මුලු රටම ගොඩ
හැම බස් එකක්ම ඔය වගේ තමයි. කොන්දොස්තරලාට හොද පුහුණුවක් දෙන්න අවශ්‍යයි. වගකිව යුත්තන් ඒවා දන්නේ නැහැ. තෙල් මිල වැඩි වෙනකොට ගාස්තු ගැන කතා කරනවා විතරයි. මගීන්ට වෙන අසාධාරණ එමටයි