කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
සිය දුව වෙනුවෙන් මාමණ්ඩිය ලබා දුන් පරිත්‍යාගය ආපසු ගැනීමෙන් අලි අමාරුවක වැටුණු බෑනා කෙනකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මේ බෑනනුවන් හරි හම්බ කළ දෙයින් ඉඩමක් මිලයට ගෙන පොඩියට නිවෙසක් ඉදිකළේය. උයා පිහා ගත්තේ නිවෙස පිටුපස තාවකාලිකව සකසා ගත් මඩුවකය. වර්ෂා කාලයේදී එහි ඉවුම් පිහුම් කිරීම බොරුය. ඒ, එම මඩුවේ නොතෙමෙන තැන්වලට වඩා තෙමෙන තැන් වැඩි නිසාය. මේ නිසාම මේ බෑනනුවන්ට සිය නිවෙස සඳහා මුළුතැන්ගෙයක අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවැතියේය. ඒ සඳහා ඔහු මාන බලමින් සිටියේය.
එම අඩුව පිරවීමට ඔහු තමාට හැකි අයුරින් මුළුතැන්ගෙයක් ඉදිකිරීමට පටන්ගත්තේය. ඒ, ලැබෙන ලැබෙන විදිහට ටිකෙන් ටිකය. මෙය දුටු ඔහුගේ මාමණ්ඩිය බෑනා ඉදිකරනු ලබන මුළුතැන්ගෙයි වහලයට අවශ්‍ය සෙවිලි තහඩු ලබා දීමට පොරොන්දු වූවේය. පොරොන්දු වූවා පමණක් නොව එය ඉටු කළේය. ඒ, සිය දුව වෙනුවෙනි.
ඒ අනුව මුළුතැන්ගෙයි ඉදිකිරීම් බෑනා නිම කළේය. ඕනෑම වැසි කාලයකදී වුවත් දැන් නොතෙමී ඔවුහු මේ මුළුතැන්ගෙයි සිට ඉවූහ පිසූහ. මේ ආකාරයට දෑ අවුරුද්දක් පමණ ගෙවී ගියේය. මාමණ්ඩියත් බෑනන්ඩියත් අතර ආරෝවක් ඇති වූයේ මේ අතරය. ගහමරා නොගත්තත් එය දුර දිග ගියේය.
ගත වූයේ දින කිහිපයකි. බෑනා සිය පවුල සමඟ අවශ්‍යතාවකට නිවෙසින් එළියට ගියේය. එය නිම වී නිවෙසට ආ බෑනාට දැකගන්නට ලැබුණේ සිය නිවෙසේ මුළුතැන්ගෙයි වහලයේ සෙවිලි තහඩු ටික නැති බවය. ඔහු කලබල වූවේය. ඔහු පමණක් නොව ඔහුගේ භාර්යාව ද කලබල වූවාය. ඔවුහු මේ පිළිබඳව සොයා බැලූහ. දෙයියනේ, තමාගේ මාමණ්ඩිය වහලයට දමා තිබූ සෙවිලි තහඩු ටික ගලවාගෙන පටවාගෙන ගොස් හමාරය. මේ සඳහා කළ යුත්තේ කුමක් දැයි නොදත් මේ බෑනා මාමණ්ඩියගේ දෙමාපියන් සිහි කර කර ඉන්නේ ආයෙත් මේ වගේ මාමණ්ඩිෙයක් නොපතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd