හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
බිරිඳගේ නැගණිය විවාහ වන අවස්ථාවේ ඇයට ලබා දෙන දෑවැදි ප්‍රමාණයම තමන්ටත් ලබා දෙන මෙන් ඉල්ලූ සැමියාට නිවසින් යන්න වීමේ සිදුවීමක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක සිදුව තිබේ.
කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වන මෙම සිදුවීම සැකෙවින් මෙසේය.
ඔහු මෙයට වසර කිහිපයකට පෙර විවාහ වුයේ රූමත් තරුණියක සමඟයි. ඔහු විවාහ වන අවස්ථාවේ දෑවැදි ලෙස ඔහුට රන් ආභරණ, ගෘහ උපකරණ ඇතුළු දේපළ හිමි විය. මෙලෙස කාලය ගත වූ අතර ඔහු විවාහ වී වසර කිහිපයකට පසුව බිරිඳගේ නැගණියගේ විවාහයද තීන්දු විය.
ඇයගේ විවාහ වන දිනයද කෙමෙන් කෙමෙන් ළංවිය. නැගණියගේ විවාහ දිනය ළං වෙන්න ළං වෙන්න සැමියාගේ හැසිරීම වෙනස් වන්නට විය. බිරිඳට මේ බව තේරුණ නමුත් හේතුවක් සිතා ගත නොහැකි විය. මෙම තත්වය හමුවේ දිනක් බිරිඳ සැමියාගේ මේ වෙනස් වීමට හේතුව කෙළින්ම විමසුවාය. ඔහු එක් වරම කතාව කීවේය.
නංගීට දෙන දෑවැද්ද කොච්චරද අපට එහෙමද? අපිට දුන්නේ සොච්චමක්. අම්මලගෙන් අහන්න අපිටත් නංගිට වගේ දෙන්න කියලා. යැයි ඔහු කීවේ බිරිඳ කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ දෙයකි. මේ කතා බහ දුර දිග ගිහින් නිවැසියන්ටද කනින් කොනින් මේ කතාව ආරංචි විය.
සැමියාද මේ කාරණය වඩ වඩාත් කතා කරන්නට වූ අතර, අවසානයේ ඔහු කියා සිටියේ බිරිඳගේ නැගණියට ලබා දෙන ආකාරයට තමන්ටද දෑවැදි නොදුන්නොත් තමන් නිවසින් පිටවන බවයි. මේ කතාව ඔහු නිවැසියන් බිය ගැන්වීමට කිව්වද එය ඔහුට පඩිසම් දෙන්නට විය. බිරිඳගේ පියා එක් වරම කීවේ ඔහුට නිවසින් පිට වන ලෙසයි.
සැමියා බලාපොරොත්තු වුවේ දියණියගේ විවාහය අත ළඟ තිබියදී බිරිඳගේ මවුපියන් තමන්ව සමනය කර ගැනීම සඳහා තමන් ඉල්ලන දෑවැද්ද ලබා දෙනු ඇති බවයි. නමුත් සිදු වූයේ වෙනත් දෙයකි. ඔහුට මොහොතක් හෝ නිවසේ සිටීමට නොහැකි විය. ඔහු හෙමින් හෙමින් නිවසින් පිටත්ව ගියේ යම්දෝ නොයම්දෝ යැයි සිත සිතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd