IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජලය නොසිඳෙන අපූරු ළිඳටත් බැරල්වලින් වතුර

දැඩි නියඟය නිසා ජල හිඟයට මුහුණ පෑ නැගෙනහිර පළාතේ ගම්මානයකි. ළිං සිඳීයාම නිසා ගම්වාසීන් බොහෝදෙනා වතුර සොයා ඈත ප‍්‍රදේශවලට ගියත් ගමේ විසූ පාරම්පරික ප‍්‍රභූ පවුලකට අයත් නිවෙසකට ජල හිඟයක් නොවීය.

අසල්වාසීන්ට ඔහු කීවේ ‘‘අපේ පප්පලා ඔය වගේ නියං කාල එන බව දැනගෙන අපූරු විදියට ළිං හාරලා තියෙන්නේ. රිදී කඳක්  වගේ ඒවායේ වතුර පිරිලා’’ කියාය. එසේ වූවත් අසල්වැසි කිසිවකුට වතුර දීමට ඔහු කැමති නොවූ අතර ඒ නිවසේ අයගේ උඩඟුකම දන්නා ගම්වැසියෝද එහි නොගියහ.

පසුගියදා ඒ නිවසට ද වාහනවලින්, වතුර බැරල්වලින් ගෙන එනු දුටු පුද්ගලයකු ඒ ගැන විමසීය. ප‍්‍රභූවරයා කීවේ’’ අපේ ළිඳට මීයෙක් වැටිලා. වතුර ඉහගන්න වෙලාවක් නෑ’’ කියාය. ඒත් කරුණු විමසීමේදී අනාවරණය වී ඇත්තේ ඒ ළිඳ ද අඩියටම සිඳීගොස් ඇතත් පරණ පම්පෝරිය රැුක ගැනීමට  මෙසේ බොරු කියන බවලූ.



අදහස් (0)

ජලය නොසිඳෙන අපූරු ළිඳටත් බැරල්වලින් වතුර

රෙජි-සිඩ්නි Wednesday, 27 August 2014 05:44 AM

ඕකට තමා කියන්නේ "කතාව දෝලාවෙන් ගමන පයින් "කියල. (අ0

:       0       0

ප්‍රේමරත්න Thursday, 28 August 2014 05:51 AM

ඕකට කියන්නෙ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා (නි)

:       0       0

ශාන්ති Thursday, 28 August 2014 08:32 PM

බොරු මොනවටද ළිඳේ වතුර හිදිලා කියල කියන්ඩ (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 04:32 AM

ලෝබයින්ගේ දේ කූඹි කනවා කියන්නේ කට කහනවාටයෑ . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site