IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොල් ලෙලි ලොරිය දැක මඟුලක් තීන්දු කරගෙන

පොල් ත‍්‍රිකෝණය පැත්තේ කතාවකි. ඇය රූමත්ය. උගත්ය. තවමත් අවිවාහක වියෙහි පසුවූයේ උගත්කමට ගැලපෙන කෙනෙකු නැති නිසායැයි බොහෝ දෙනෙක් කීහ. අද කාලේ උගත්කම තිබුණට මදී වත් පොහොසත් කමක් තියෙන තැන් තමයි පිරිමි හොයන්නේ නැතිනම් දැන් හත් අට දෙනෙක්ම ආවානේ පවුලේ ඇතැම් වැඩිහිටියෝ එසේ කීහ. ඒ අනුව කටයුත්ත කපුවෙකුට පැවරුයේය. පසුදින වෙනස්කම් රැ‍සක් ගෙවත්තේ සිදු කළේය. පොල් ලෙලි ලොරි දෙකක්ද වියළි පොල් අතු ලොරියක්ද ගෙවත්තේ ගොඩගැසුණේ කපුවාගේ උපදෙසිනි. දින තුනක් ගෙවුණේය එදින නිවාඩු දිනයකි. මනාලිය බැලීමට තවත් පිරිසක් පැමිණියහ. ඔවුන් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකය. ගෙවත්තට ඇතුළු වෙද්දීම විශාල පොල්ලෙලි ගොඩකි. තවත් පසෙක පොල් අතු ගොඩකි. ගෙවත්තේ පොල්ගස් කිහිපයක් පමණක් තිබුණ ද විශාල ආදායමක් ඇති පොල්වත්තක් ඇති බව බලන්නෙකුට පෙනුනේය. පැමිණි අමුත්තන් සතුටින් ඉපිලී ගොස් ඇති බව පෙනී ගියේය. ඒ පොල් ලෙලි ගොඩ සහ පොල් අතු ගොඩ දැකීමෙනි. වරෙකට පොල් කොච්චරක් විතර කැඩෙනවද පැමිණි වැඩිහිටියෙක් ඇසීය. කියන්න බෑ ඔය සුළු ගණනක් කැඩෙනවා. නිවැසියෙක් කීවේය. ඔය ඔහොම කීවාට වාරෙකට ගෙඩි හත් අට දාහක් විතර කැඩෙනවා ඇති ආදායම් වැඩිපුර තියෙන අය ඒවා කියන්නේ නෑනෙ. අපේ කොල්ලගේ වාසනාව තියෙන්නේ මේ පැත්තේ තමයි. මනාල පාර්ශවයේ වැඩිහිටියෙක් කීවේය. කටයුත්ත තීන්දු විය. පසුදින හිස් ලොරි දෙකක් පැමිණ පොල්ලෙලි ගොඩ සහ පොල් අතු නැවත පටවාගෙන ගොස් තිබිණි.



අදහස් (0)

පොල් ලෙලි ලොරිය දැක මඟුලක් තීන්දු කරගෙන

දිල්කි වාසනා Tuesday, 21 February 2012 12:00 PM

ගොඩක් හොදයි. සල්ලි නැත්නම් මේ කාලේ ආදරෙත් ඉවරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site