කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
මිතුරාගේ උත්තර වලින් සිය පෙම්වතිය අහිමි වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය
ඔහු අවුරුදු ගණනක් ඇයත් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයද එක හිතින් ඔහුට ආදරය කළාය. මෙම ප්‍රේමයට ඔහුට උදව් උපකාර කර ඇත්තේ ඔහුගේ මිතුරෙකි.
බීමට තරමක් කෑදර මිතුරා මත්පැන් පානය කළ පසු ඔහු කියන කරන දෑ ගැන සිතන්නේ පසු දින වෙරි හිඳී ගිය පසුවය.
ප්‍රේම සම්බන්ධය ඔහුගේ පෙම්වතියගේ නිවෙසට ආරංචි වූයේ සෑහෙන කලක් ගෙවී ගියාට පසුවය. ඇයගේ මවුපියන් නිවෙසට පැමිණ මේ පිළිබඳව කතා බස් කරන ලෙස දැනුම් දුන්නේ ඒ සඳහා දිනයක්ද ලබාදෙමිනි.
යොදාගත් දිනයේදී මිතුරා උදෑසන සිය සුපුරුදු රාජකාරිය ආරම්භ කරමින් අරක්කු කාලක් පානය කළේ මිතුරාගේ මංගල කාරණාව පිළිබඳව සතුට සමරමිනි.
මෙම තරුණයා පොහොසත් පවුලක බැවින් ඒ පිළිබඳව තමන් කියනවාට වඩා මිතුරාට වැඩිකර පවසන ලෙස දැනුම් දුන්නේ වැඩි හොඳටය.
නිවසට ගොස් ආගිය තොරතුරු කතා කර විස්තර විමසද්දී සිය මිතුරා පවසන දේට වඩා වැඩිකර ඔහු උත්තර දුන්නේ මිතුරාගේ උපදෙස් සිහියේ තබාගනිමිනි. “කාර් එකකුත් තිබෙනවා යැයි ” මිතුරා පවසද්දී පිස්සුද ? මෙයාට කාර් දෙකක්ම තියෙනවා යැයි ඔහු පැවැසුවේය.
මේ අතර මිතුරාගේ අත මදුරුවෙක් දෂ්ට කර ඇති අතර ඔහු එම අත කසමින් සිටියදී තරුණියගේ මවුපියන් “පුතා අත කසන්නේ ඇයි ” දැයි අසද්දී ඔහුගේ මිතුරා වහා ඉදිරිපත් වී පිළිතුරු දුන්නේය. “පිස්සුද ? පොඩි කැසිල්ලක් නෙමෙයි, මෙයාලගේ පවුලෙම අයට කැසිල්ල තියෙනවා. මෙයත් දැන් අවුරුදු ගණනක් තිස්සේ බෙහෙත් ගන්නවා.
තරුණියගේ මවුපියන් මුහුණට මුහුණු බලා ටික වේලාවකට පසු පැවැසුවේ මගුල් තුලාව ගැන ඉක්මනින් උත්තරයක් දෙන බවය. සිය පෙම්වතිය පිළිබඳව අදහස අතහැර දැමූ තරුණයා නිෙවසින් පිටව ගියේ සිය මිතුරාට සාප කරමිනි.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි කයියට ගිහින් මිතුරාගේ පෙමත් හබක්