IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බිරියගේ සනුහරේ ඉස්සර පළා බබාගේ රෙදි ගැලවිලා

 

  • කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත

එදා තිබූ බලයෙන් මෙවර වෙසක් දන්සලක් වදින්නට බිරින්දෑ සහ ඇයගේ සනුහරේම අය සමඟ ගොස් රෙදි ගැලවී රුපියල් දහදොළොස් දහක් නැති කරගත් පළා බබකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

මෙවර නගරයේ වෙසක් දන්සල සංවිධානය කළේ සිය ප්‍රාදේශීය සභාව ආසන්නයේ ගැවසුණු තමන් හොඳින් දන්නා තරුණ පිරිසකි. එදින පස්වරුවේ සිය නිවෙසට පැමිණ සිටි බිරින්දෑගේ සනුහරේ ඈයෝම මේ පලා බබා නතර කර ගත්තේ රෑ නගරයේ පැවැත්වෙන දන්සලෙන් කිසිදු කරදරයකින් තොරව පෝලිම්වල නොසිට වදින්න පුළුවන් යැයි උජාරුවෙන් වහසි බස් දොඩමිනි.

 නගරයේ දන්සල ගැන දන්නා අය එය වැඳීමට දැඩි කැමැත්තක් දැක්වූයේ තරුණ සංවිධායකයන් එය අපූරුවට කරන නිසාය.

කටට රස කෑම දෙන වෙසක් දන්සලක් ලෙස එය ප්‍රදේශය පුරාම ප්‍රචලිතවීමත් සමඟම මේ දන්සල ගැන දන්නා ඕනෑම අයෙකුට එය මතක් කර සැනින්ම කටට කෙළ උනන්නේ ඉබේටමය. ඒ තරමටම ප්‍රනීත ආහාර වේලක් ලබාදීමට සංවිධායකයෝ වග බලා ගත්හ.

රෑට නොමිලයේ කෑම කන්න පුළුවන් යයි සිතූ පළා බබගේ බිරියද රෑට සිය නිවසේ එකදු වළදකුදු ළිපේ නොතිබ්බාය. කට්ටියම වෙසක්දා රෑ පළා බබාගේ වෑන් රියේ නැගී ගියේ නගරයේ දන්සල වැදීමටය. දන්සල් පෝලිම කිලෝමීටරයකට වඩා දිග මිසක් අඩුවක් නම් දක්නට නොලැබිණි.

මෙය මායිම් නොකළ පළා බබා පෝලිමේ මුලටම ගොස් පෝලිමෙන් තොරව ඇතුළුවීමට ගියේ එතන සිටි දන්නා හඳුනන සංවිධායක තරුණයන් කිහිපදෙනකුගේ නම් කියා හා කොහොමද මල්ලිලා යයි අසමිනි.

අපටත් කීවනම් ලොකු සපෝට් එකක් දෙනවනේ යැයි කතාවක් එකක් දමමින් සිය සනුහරේම අය සමඟ ඇතුළුවීම නොරිස්සූ සංවිධායක තරුණ පිරිස ඊට එරෙහි වූවේ අපෝ ඔව්, ඔව් අපි ඔයාට ගිය සැරේ කියලත් මොකුත්ම දුන්නේ නැහැනේ යයි අනේ අනේ ඔයාත් කට්ටියත් එක්ක පෝලිමේ එන්න යයි කියමිනි.

පෝලිමේ සිටි අයගේද විරෝධය නිසා ඔහුට එතනින් නික්ම යන්න වූවේ මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතුවී දිලිසි දිලිසි තරහෙන් පිරි පිරී සිටි සිය බිරින්දෑගේ නෝක්කාඩු මධ්‍යයේය.

දැන් යමු යන්න ගෙදර මටනම් ආයෙ උයන්න බැහැ දවල් දවසෙත් බත් තම්බල තම්බලයි මම හිටියේ මේ අය නවත්ත ගත්තානම් කඩෙන් හරි මේ මිනිසුන්ට කන්න දෙනවා යයි කියමින් ඔහුගේ ඇඟට කඩා පනිමිනි.

දන්සල වදින්න බැරිවීමෙන් බිරින්දෑගේ ඥාතීන් ඉදිරියේ වූ අවනම්බුව වහගන්නත් එක්ක භාර්යාවගේ එම යෝජනාවට අකැමැත්තෙන් හෝ එයට ඔහුට එකඟ වන්නට සිදුවූයේ ඊට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි.

 



අදහස් (0)

බිරියගේ සනුහරේ ඉස්සර පළා බබාගේ රෙදි ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site