රිළවුන් මට්ටු කිරීමට තම වෙළෙඳසලේ වහලය මත රිළා වෙස් මුහුණක් සහිත පඹයකු ඇටවූ ව්‍යාපාරිකයකුට රිළවකුගෙන්ම මට්ටු වීමට සිදුවූ අපූරු පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා විය.
කතාව මෙසේය.

අප කතා නායකයා වන මොහු ව්‍යාපාරිකයෙකි. හෙතෙම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබ තම නිවෙස ආශ්‍රිතව පුංචි පහේ සිල්ලර කඩයක් ද පවත්වාගෙන ගියේය. ඔහුගේ ගම්මානය ආශ්‍රිතව රිළා උවදුරු තදින්ම තිබිණි. ඇතැම් තැන්හිදී වෙළෙඳසලට ද කඩාපාත් වූ රිළවුන් එහි බඩුමුට්ටුවලට ද හානි කළ අතර මෙය ව්‍යාපාරිකයාට මහත් හිසරදයක් වී තිබුණි. රතිඤ්ඤා ආදිය දල්වමින් රිළවුන් මට්ටු කිරීමට ඔහු වෙරදැරූ වාර ද අනන්තය. එහෙත් ඒ එකකිනිදු සිතැඟි ඉටුවුණේ ව්‍යාපාරිකයාගේ නම් නොවේ.
රිළවුන් බියගැන්විය හැකි වෙස්මුහුණු ගැන ඔහුට තොරතුරක් ලැබුණේ මේ අතරය. එය සාර්ථක ක්‍රමවේදයක් බව ද ආරංචි වූයෙන් නගරයට ගොස් වහ වහා වෙස් මුහුණක් මිලට ගැනීමට ව්‍යාපාරිකයා කටයුතු කළේය. සුපුරුදු පරිදි රිළවු ද ඒ ප්‍රදේශයට ඇදී ආහ. වෙස් මුහුණු දමාගෙන බියගන්වද්දී රිළවුන් පලායනයුරු දුටු ව්‍යාපාරිකයාට සතුටක් ද දැනුණි.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. නිතර දෙවේලේ කඩය අසලට එන රිළවුන් පැන්නීමට වෙස්මුහුණු පැළඳ එළිපෙහෙළියට යාම ඔහුට මහත් හිසරදයක් විණි. ඔහු අපූරු උපායක් කල්පනා කර මොහොතකුදු නොසිට එය ක්‍රියාත්මක කළේය.
ලට්ට ලොට්ට එකතු කර පඹයකු තැනූ ඔහු ඊට අදාළ වෙස්මුහුණ ද සවිකළේය. ඉනික්බිති එය කඩයේ වහලය මත සවිකළ හෙතෙම මින් මතුවට රිළා කරදර මතු නොවනු ඇතැයි සිතා සැනසුම් සුසුමක් ද හෙලූ මුත් පසුදා වනවිට සිදුව තිබුණේ අනෙකකි.
පසුදා වහලය දෙසට ඇස යොමුකළ ඔහුට පඹයා දැකගත හැකිවුණ ද වෙස්මුහුණ එහි නැති බව පෙනුණි. සිද්ධිය වටහාගත නොහී උඩ බිම බැලූ ඔහුට පෙනුණේ කඩයට නුදුරු රූස්ස ගසක් මුදුණේ සිටි රිළවකු විසින් කිසිත් මායිම් නොකර වෙස්මුහුණ කැබැලි කරමින් බිමට විසිකරන අයුරුය. රිළවුන් මට්ටු කිරීමට ඇටවූ උගුල අසාර්ථක වී ඇති බැව් ව්‍යාපාරිකයා තේරුම් ගත්තේය.
රිළවුන්ගෙන්ම මට්ටු වීමට සිදුවූ ව්‍යාපාරිකයාට ආවේ තද කේන්තියකි. ඒ සමග හීන් දාඩියක් ද වැටුණේ ඔහුටත් නොදැනීමය.
(අමිල දොළපිහිල්ල)
2025 දෙසැම්බර් මස 16
29
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
826
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
රිළවුන් පන්නන්න ඇටවූ උගුලට තමන්ම අහුවෙලා