ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල
මිතුරන් පිරිසක් එක්වී පැවැත් වූ මධු සාදයේදී මත්වුණු මිතුරන් ගායනා කළ විරහ ගී නිසා තම පැරණි පෙම මතක් වී හදවතේ වේදනාවක් ඇති වී සාදය නවත්වා වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගත් තරුණයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා වේ.
විවිධ රැකියාවල, විවිධ ප්‍රදේශවල සිටි මිතුරන් කිහිප දෙනෙකු පසුගිය දිනක එක්වී මධු සාදයක් පවත්වා ඇත. විවිධ වර්ගවල බීම හා කෑම සමගින් තිබු සාදයට සංගීත භාණ්ඩ කිහිපයක්ද රැගෙන ආ මධුවිත තොල ගාමින් ගීත ගායනා ද පවත්වා ඇත.
පැරණි ගීත මෙන්ම නව පරපුරේ ගීත ද ගායනා කරමින් පැවැත් වූ සාදයේදී ඉතා මිහිරි විරහ ගී කිහිපයක්ද ගායනා කර ඇත. මිතුරන් අතරේ සිටි එක් මිතුරකු එක් වරම මචං මගේ පපුව පොඩ්ඩක් රිදෙනවා යැයි පවසා ඇත. එන්න එන්නම පපුවේ රිදිල්ල වැඩි වූ නිසා සාදය අතර මග නවතා ප්‍රදේශයේ වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් රෝග ලක්ෂණ පවසා ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇත.
පසුවදා උදේ මිතුරන් පිරිස තම අසනීප මිතුරා බලන්න ගොස් ඊයේ රාත්‍රියේ මොකද මචං වුණේ යැයි විමසා ඇත.
එවිට අසනීප මිතුරා පවසා ඇත්තේ මචං උඹල ලස්සන බූට් සින්දු ටිකක් කිව්වනේ ඉතින් මගෙත් එක්ක යාළුවෙලා හිටිය අහවලා මතක් වුණා. ඒකි දැන් බැඳලනේ උඹලා දන්නවනේ මං එයාට කොච්චර ආදරේ කරාද කියලා, මමත් ටිකක් මත් වෙලානේ හිටියේ මට ඒ සින්දු දරා ගන්න අමාරු වුණා මගේ පපුව හිරවෙන්න ගත්තා මචං යැයි පවසා ඇත.
එවිට මිතුරන්, අනේ උඹ වගේ මෝඩයකු යැයි පවසා මහ හඬින් සිනාසි ඔහුට විහිළු කොට නිවසින් පිටවී ඇත.
2025 දෙසැම්බර් මස 04
447
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
458
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“බූට්“ සින්දුවට පැරැණි පෙම මතක් වී රෝහලෙත් ලැගලා