IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වීඩියෝ හුටපටයෙන් මායියාගේ සාත්තුව දැනගෙන

පිටරට ඉන්න සැමියාට වීඩියෝ කෝල්වලින් සිය මාමණ්ඩියට හොඳින් සලකන බව පෙන්වා දුන් ලේලියකට මිනිබිරිය එය හොඳින්ම වීඩියෝ කෝල් එකකින්ම පසක් කරදුන් අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
සැමියා පිටරටය. ඔහු සිය පියාට දැක්වූවේ අසීමිත සෙනේහයකි. දැඩි භක්තියකි. තමා කුඩා කාලයේදීම මව මිය ගියදා  කුඩම්මා කෙනකු නිවසට කැන්දාගෙන නොගෙන මවටත් පියාටත් දෙදෙනාටම සිටි පියා ඔහු ලොකු මහත් කිරීමට ගත් ලොකු මහන්සිය මෙයට ප්‍රධානතම කාරණයක් විය.
මේ නිසාම පියාත් ඔහුත් අතර තිබූ සම්බන්ධය ගහත් පොත්තත් පොත්තත් ගහත් අතර ඇති සම්බන්ධතාවයට එහා ගිය එකකි. ඔහු කිසිවිටකවත් පියා තනි කළේද නැත. පියාද ඔහු තනි කළේ ද නැත. එකම නිවසේ සිටි මේ දෙදෙනා ගෙවුවේ තාත්තා පුතාට වඩා මිතුරන් දෙදෙනකුගේ භූමිකාවකි. දෙන්නා අතර කිසිදු රහසක් නැති තරමටම ඔවුහු දෙදෙනා සමීප වූහ. එකතු වූහ.
සිය පුතුට කලවයස පැමිණ සිටි නිසා විවාහයකට යෝජනා කළේ පියාය. පුතු මෙයට අකමැති වූවේ සහේට ගන්නා උන්දෑගෙන් පියාට වෙනස්කම් සිදුවේ යයි තිබූ බිය නිසාය. එහෙත් අවසානයේ දී පියා ජය ගත්තේය. ඒ අනුව පුතු විවාහ දිවියට ඇතුළත්විය. කලක් ගත විය. චූටි පුතකු ද මේ යුවළට ලැබිණ. පවුලේ  වියදම දරුණු විය. විදෙස් රටකට යන්න පුතු තීරණය කළේය. ඒ වියපත් සිය පියා පණ මෙන් රැකගන්නා බවට සිය භාර්යාව පොරොන්දු කරගෙනය. භාර්යාව ද එයට එක පයින්ම කැමති වූවාය. ඔහු විදෙස් ගත විය.


බිරිඳ සැරින් සැරේ ඔහුට වීඩියෝ කෝල් ගෙන සිය මාමණ්ඩියගේ රැවුල බාවන සැටි පෙන්නුවාය. ඒ විතරක්ම නොව මාමණ්ඩියට කවන පොවන සැටි වීඩියෝ කරද යැවුවාය. මේවා දුටු ඔහු තමාට මෙවැනි භාර්යාවක් ලැබීම ගැන ඇත්තෙන්ම සතුටු වූවේය. ඒ විතරක්ම නොව මෙවැනි භාර්යාවක් ලැබුණේ තමාගේ පෙර පිනට බවද සිතුවේය. භර්යාව සිය පියාට සලකන සැටි වීඩියෝ පට ඔහු වැඩකරන ස්ථානයේ අපේ රටේ අයට පෙන්ව පෙන්වා මහත් ආඩම්බර විය. සිය භාර්යාව ගැන වර්ණා කළේය.
මේ පසු බිම යටතේ ඔහු වෙනදා මෙන් සිය නිවසට වීඩියෝ කෝල් එකක් ගත්තේය. එදා එයට සහභාගී වූවේ පොඩි පුතුය. දෙදෙනා අතර තොදොල් කතා බහෙන් අනතුරුව ඔහු සිඟිත්තාගෙන් කෝ පුතේ අම්මා යැයි ඇසුවේය. අම්මා කුස්සියේ උයනවා යයි සිඟිත්තා කීය. කෝ පුතේ වෙනදා පුටුවේ වාඩිවී සිටින සීයා යැයි ද ඇසුවේය.
තාත්ති සීයා ඇඳේ යැයි චූටි පුතා කීවේය. ඇයි පුතේ සීයට මක් වෙලාද අසනීපයක්වත් හැදිලා දැයි... තාත්තා පුතාගෙන් ඇසුවේ නිකමටය. තාත්ති, සීයට පුටුවේ චූ ගියා කියලා අම්මට හොඳටම කේන්ති ගිහිල්ලා අම්මා සීයට ගැහැව්වා. සීයා අඬ අඬා ගිහිල්ලා ඇඳට ගියා.
මගෙ පුතේ අම්මා සීයට හැමදාම ගහනවද..? යයි ඔහු පුතාගෙන් ඇසුවේ දැඩි සංවේගයෙනි. නැහැ තාත්තේ සීයා ඇඳුමේ චූ කර ගත්තාම, කක්ක කර ගත්තාම තමයි අම්මා ගහන්නේ.. යයි පුංචි පුතු කී විට ඔහුට සිය භාර්යාව තමාගේ පියාට සලකන ආකාරය හොඳින්ම තේරුම් ගියේලු‍.

 කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

වීඩියෝ හුටපටයෙන් මායියාගේ සාත්තුව දැනගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site