කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



සිය නැගණියගේ උපන්දිනය දා දාහක් බේරා ගන්න ගොස් දාහේ ඒවා සියයක් නැති කරගත් කතක ගැන කතාවක් අකුරළ වෙරළ තීරයෙන් ඇසේ.
ඔවුහු බටපොල නින්දානේය නැගණියගේ ජන්ම දිනයදා ඇය  නැගණිය සහ යහළු යෙහෙළියන් සමග අකුරළ වෙරළ තීරයට ගියේ  උපන්දිනය සමරනු වස් ඡායාරූප ගැනීමටය. සෙල්පි ඡායාරූප ගැනීමට යයි කිවහොත් වඩාත් නිවැරදිය. ඔවුහු යතුරු පැදිවලින් නිවසේ සිට යතුරු පැදිවලින් ගියහ.


   වෙරළට ගිය මේ නඬේ ඇතැම්මු වෙරළ පෑගූහ. තවත් සමහරු ඡායාරූප ගනිමින් සිටියහ. ඇය සිය පාවහන් යුගල වෙරළේ තබා ජංගම දුරකතනයෙන් මිතුරියන් සමග සෙල්පි ගනිමින් සිටියාය. ඒ එක්කම ඔවුන් සමග ගිය එකම පිරිමි පරානය වූ මිතුරා කෑ ගසා අන්න ඔයාගේ සෙරෙප්පුවක් ගහගෙන යනවා යයි කීවේය. එය ඇසුණු ඇය තමා සෙල්පි ඡායාරූපය ගනිමින් සිටි රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකතනය වෙරළේ තබා මුහුදේ ගසා ගෙනගිය සෙරෙප්පුව ගැනීමට නොගැඹුරු මුහුදට පැන්නාය.
    ගතවූයේ විනාඩි දෙක තුනකි ඒ අවස්ථාවේ  වැල්ලට ආ යෝධ රළ වලින් වැල්ලේ තිබූ ඇගේ රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතනය මුහුදේ ගසාගෙන ගියේය. දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ රුපියල් දාහක් වටිනා සෙරෙප්පුවක් බේරා ගන්න ගොස් රුපියල් දාහේ සියයක් වටින ජංගම දුරකතනය මුහුදේ ගසා ගෙන යාමෙන් වැළපුණු ඇය තමාගේ සෙරෙප්පුව මුහුදේ ගසා ගෙන යන බව කී තරුණයාට දෙහි කප කප ඉන්නේ දැන් ඉතිං මක් කොරන්නදැයි කියමිනි.