කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
සමාජයේ ප්‍රසිද්ධ පියා තමා ඉතා හොඳින් හඳුනන බව එක වසරේ සිසුවාට පෙන්වීමට ගිය දහම් පාසල් ගුරුවරියකට වූ අලකලංචියක් පිළිබඳ අලුත් කතාවක් අලුත්වලින් අසන්නට ලැබුණේ මේ ඊයේ පෙරේදාය.
වැඩි උස මහත නැතිවුණත් මිනිහා සමාජයේ වැඩි ප්‍රසිද්ධියක් ඉසුලූ තැනැත්තෙකි. ඒ ඔහු කරන රැකියාවත් එක්කය. සමාජයේ මිනිසුන් එක්ක ඉන්නා විදිහයයි අමු හිංහලෙන් කීවොත් එය වඩාත් නිවැරදිය.
මිනිහට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා දියණියකි. බාලයා කටකාර පුතෙකි. පුතා එක වසරේය. මේ එක වසරේ පුතා යනුයේ ගමේ පාසලටය. දහම් පාසල ද ගමේය.
ඊයේ පෙරේදා ඉරු දිනක ඔහුගේ පුතා ඉගෙනුම ලබන දහම් පාසලේ එක වසරේ ගුරුවරිය මේ පුතාට කතා කළේය. ඒ සිය පියා ඇය හොඳින් හඳුනන බව පෙන්වීමටය. පුතා ඔයාලාගේ තාත්තා හැමදාම හවසට අපේ ගෙවල් ළඟින් යනවා මම දකිනවා. එයා කොහේද යන්නේ.
අනේ ටීචර් අපේ තාත්තා හැමදාම හවසට ඉතිං යන්නේ බොන්නනේ යයි ආවේගශිලීව දරුවා කීවේ දහම් ගුරුවරියගේ ඉහමොළ රත් කරවමිනි. මේ පුතා සන්සුන් කිරීමට මෙන් දහම් ගුරුවරිය කීවේ එහෙනම් පුතා අපි තාත්තා ගැන පොලීසියට කියලා මේක නතර කරවමු යයි කියාය.
මේ කටකාර කොලුවා ඊළඟට දුන් උත්තරයෙන් ඇය නිරුත්තර වූවාය. ‘වැඩක් නැහැ ටීචර් එයා පොලිස් මාමලා හඳුනනවානේ. සමහර දවසට බොන්නේ පොලිස් මාමලාත් එක්කනේ’ යයි දරුවා කියාගෙන කියාගෙන ගියේය. මේ දරුවා එනපොට හොඳ නැති බව දැනගත් මේ දහම් ගුරුවරිය කතාවේ මාතෘකාව වෙනස් කළේ මේ පියාගේ දිවියේ තවත් රහස් දරුවා හෙළි කරාවී යන සැකයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd