පෝද්දල - සරත් ආනන්ද ගමගේ
කොළඹ සිට මාතර දක්වා දිවෙන සාමාන්‍ය ගාස්තු බස් රථයකට ගොඩවූ කාන්තාවකට අර්ධ සුඛෝපභෝගී ගාස්තුව සහිත ටිකට්පතක් දික්කළ බස් කොන්දොස්තරවරයකු මතක හිටින පාඩමක් ඉගෙනගෙන ඇති පුවතක් ගැන ගාලු පුරයේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
මවක් සහ දියණියක් පොසොන් නිවාඩුවට ගාල්ලේ සිට අනුරාධපුරයට ගියහ. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දියණියගේ මිතුරියකගේ නිවසකටය. ඔවුහු දෙපල මිතුරිය හා පවුලේ අය සමග අනුරාධපුර පොසොන් අසිරිය හොඳින් විඳ ගත්තෝය. පසුව මව සහ දියණිය නැවත ගම්බිම් බලා පැමිණීමට සූදානම් වනවිට එම නිවසින් ලොකු හාල් මල්ලක්ද පරිත්‍යාග ලෙස ලැබී තිබුණි.
මව හා දියණිය කොළඹින් බැස ගාල්ල දක්වා යන බස් රථයක් අල්ලා ගැනීමට පෞද්ගලික බස්‍් රථ ගාලට පැමිණියහ.
ඒ අවස්ථාවේ ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණු මාතර දක්වා දිවෙන බසයක් දැක ඔවුහු ඒ පිළිබඳව විපරම් කළහ. එහිදී එය සාමාන්‍ය බස් ගාස්තු අයකරන බස් රථයක් බව පැවසීම නිසා හාල් මල්ලත් සමග අම්මා බස් රථයට ගොඩකළ දුව ඇගේ විශ්වවිද්‍යාලය බලා නික්ම ගියාය.
බස් රථය ගමන් ඇරඹීමෙන් පසු මෙම කාන්තාව වෙත පැමිණි බස් රථයේ කොන්දොස්තර තැන ඇයට රුපියල් පන්සීයක ටිකට් එකක් කඩා දික් කළේය. “අපි අහල නැග්ගෙ! ඇයි මේ තුන්සිය ගාණට පන්සිය ගාණක්” කියමින් ඈ බෑගය හැර රුපියල් තුන්සීයක් සෙව්වාය. ඒත් පසුම්බියේ තිබුණේ සීයේ කොළ දෙකක් පමණි. පන්සීයේ කොළයක් දුන්නොත් පන්සීයම කොන්දා තියාගනී යැයි සිතූ ඈ ඔහු වෙත සීයේ කොළ දෙක දික් කළාය. එම මුදල අතට ගත් කොන්දොස්තර “මෙතන දෙසීයයි තියෙන්නෙ. මේ ගාණට මගටවත් යන්න බැහැයි” කියමින් දෙසීය පොත අස්සට දමාගෙන ඇත. තම දුරකථනයේ වීඩියෝ කැමරාව ඔන් කරගෙන සිටි ඇය “හරි මාව දෙසීයක දුර එක්කරගෙන ගිහින් බස්සන්නැයි’’ කියමින් ඔහුගෙන් ඉල්ලා ඇත. . එන පොට හොඳ නැති බව ඉවෙන් මෙන් දැනගත් කොන්දොස්තර හිමින්ම මාරුවී බස් රථයේ ඉදිරියට ගියේය.
පන්සිය ගණනක ටිකට් එකක් ලබාගෙන රුපියල් දෙසීයක් පමණක් දී ඈ ඇගේ ගමනාන්තය වන හික්කඩුව දක්වාම නිරුපද්‍රිත පැමිණ ඇත. බසයෙන් බහිනවිට ඇගේ හාල් මල්ල බිමට ගැනීමටද ඔහු උදව් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd