(වියලුව වාර්තාකරු)
තම කුඹුරේ ජල මුරය ඉක්මන් කර ගැනීම සඳහා ආරූඪ වූ ගොවි මහතෙකුගේ උපායක් පිළිබඳව ගොවි ජනපදකින් දැන ගන්නට ලැබේ.
සිද්ධිය මෙසේය.
එය ප්‍රදේශයේ ප්‍රධානතම ගොවි ජනපදයකි. ප්‍රධාන ඇළ මාර්ගයේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීම නිසා කුඹුරු ඉඩම්වලට ජලය සපයනු ලැබුවේ කලින් සකසා ගත් විශේෂ මුර ක්‍රමයක් යටතේය.
ගොවීන්ගේ කුඹුරුවලට ජලය සැපයීම සඳහා විශේෂ ජල මුර ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබූ අතර ඒ සඳහා ගොවීන්ට වෙන් වෙන් වශයෙන් වේලාවක් හා දිනයක් ද ගොවි සංවිධාන විසින් වෙන්කර දෙන ලදී.
නියමිත වේලාවට තම ඉඩම්වලට ජලය හරවන්නැයි ගොවි සංවිධාන කොතෙක් උපදෙස් දුන්නද ඇතැම් ගොවීන් ඒ සඳහා වැඩි කාලයක් ගත කළේ සෙසු ගොවීන්ගේ ජල මුරවලටද බාධා එල්ලවන පරිද්දෙනි.
පෙර කී ගොවි මහතා ද නියමිත වේලාවට තම ඉඩමට පැමිණියේ ජල මුරය ක්‍රියාත්මක කිරීමටය. එහෙත් ඊට පෙර කුඹුරේ ජල මුරය ක්‍රියාත්මක කරමින් සිටි (වතුර හරවමින්) ගෙවිලියක් පෙරකී ගොවි මහතාගේ ජල සැපයුම් මාර්ගය ද අවහිර කරමින් ඇගේ කුඹුරට තවදුරටත් ජලය සැපයීමට කටයුතු කළේ නියමිත වේලාවද ඉක්මවා යමිනි.
හෝරාවකට ආසන්න කාලයක් තිස්සේ බලා සිටියදී පෙර කී කාන්තාව හිතාමතාම තම ජල මුරය පමා කරන බව තේරුම් ගත් හෙතෙම ඇය පන්නා දැමීමට අපූරු උපායක් ක්‍රියාත්මක කළේය.
කුඹුරේ නියරක් මතට ගොඩවූ හෙතෙම එක්වරම ගොයම් ගස් කීපයක් ගලවාගෙන ඒවා ඉහළට ඔසවමින් යකැදුරෙකු පරිද්දෙන් හූ තබමින් කුඹුර පුරා නටන්නට පටන් ගත්තේ පෙර කී කාන්තාව ද බියට පත් කරවමිනි.
හූ හඬ මැද්දේ මිනිස් බිල්ලක් ඉල්ලමින් කෑගැසූ ගොවි මහතාගේ මුහුණ මෙන්ම ඔහුගේ නර්තන විලාසයෙන් තව තවත් භීතියට පත් ගෙවිලිය පසුපස නොබලාම වැටී වැටී නිවෙස බලා දිව ගියේ මර ලතෝනි දෙමිනි.
නියමිත වේලාවටත් කලින් තම ජල මුරය අවසන් කළ ගොවි මහතා සිය නිවස බලා පිය මැන්නේ මහ මග දී හමුවූ අසල්වැසියන් කීප දෙනෙකුටද සිද්ධිය විස්තර කරමිනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වෙලේ වතුර හරවන්න ආ ගොවියාට යකා වැහිලා