IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මියගිය සැමියාට පොලිසියෙන් කෝල් එකක් ඇවිත්

මොරගොල්ලාගම සිසිර කැලේගම


වසර දෙකකටත් පෙර මියගිය තම සැමියා ඉකුත් සතියේ මැදියම් රැයක තනියම පොලිස් මාර්ග බාධකයකින් වාහනයක් පදවාගෙන යාම සම්බන්ධව පොලිසියෙන් පසු විපරමක් කළ අරුම පුදුම කතාවක් පිළිබඳව පුවතක් වයඹ පළාතෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය පිළිබඳව මියගිය සැමියාගේ විවාහක බිරිය පැවසුවේ මෙවැන්නකි.
මට උදේම කෝල් එකක් ආවා. පොලිසියෙන් කියලා කිව්වා.
“හෙලෝ මේ කවුද? ෆෝන් එකේ අයිතිකාරයා ඔයාද” ඔහු විමසුවේය.
“නෑ මේක මගේ මහත්තයාගේ.” මම උත්තර දුන්නා.
“කරුණාකර ෆෝන් එක එයාට දෙනවාද.” ඔහු ඉල්ලීමක් කළේය.
ඇයි මොකක්ද ප්‍රශ්නේ.” මම නැවත ඇසුවා.
“නෑ බය වෙන්න එපා. ඔයාගේ මහත්තයා පසු ගියදාක මැදියම් රෑ අපේ පොලිස් මාර්ග බාධකයෙන් ගමනක් ගියා. එතැනින් යන එන සියලු‍ වාහනවල විස්තර ලියා ගන්නවා. ඒ ආ ගිය අයගෙන් අහඹු ලෙස තෝරා ගත් මේ ජංගම දුරකතනයෙන් පසු විපරමක් කරන්නයි මං ගත්තේ.” ඔහු කීවා.


මට තරු පෙනුණා. එහෙත් ඒ ගැන කිසිවක් නොකියා මොනවාද කියන්නේ කියලා අහන්න මම තව ටිකක් විස්තර ඇහුවා.
එවිට මගේ මහත්තයාගේ නම වාසගමත් එක්ක පොතේ ලියා තිබෙන විස්තරයක් කිවා. නමත්, ලිපිනයත් හරි. රියැදුරු බලපත් අංකයත් වාහනයේ අංකයත් කිව්වා ඒ ඔක්කෝමත් නිවැරදි බවට මම පිළි ගත්තා.
“එහෙනම් කරුණාකර එයාට ෆෝන් එක දෙන්න” එයා මට ආයේත් කිව්වා.
එවිට මම ආයේ කිව්වා. “මහත්තයෝ කියපු ඔක්කෝම හරි. ඒ වුණාට, මගේ සැමියා ඔතැනින් ඔය කියන දා ගියේ නෑ. ඒක සියයට සීයක් ෂුවර්. මොකද මම එහෙම කියන්නේ. එයා මැරිලා. මැරිලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි. එහෙම කෙනෙක් කොහොමද ජීවමානව එතැනින් ගියේ. ඒ ඔක්කෝම බොරු. එයාගේ ජංගම දුරකතනය පාවිච්චි කරන්නේ මම. ඒක විතරයි ඇත්ත. මීට අවුරුදු දෙකකට පමණ මැරිච්ච මහත්තයාට ෆෝන් එක දෙන්න කියලා ඔයා කිව්වාට මම කොහොමද එයාට ෆෝන් එක දෙන්නේ. ලියපු අයට වැරදිලා වාගේ කියලා මම දුරකතන සංවාදය විසන්ධි කළා.



අදහස් (2)

මියගිය සැමියාට පොලිසියෙන් කෝල් එකක් ඇවිත්

Pradeep Kumara Monday, 28 October 2024 11:16 AM

පොලීසිය එයාලට ඕන ඕන විදියට දඩකොළ ලියන්නෙත් ඔහොමම තමයි. වැරැද්දක් නොකලත් එයාලට හිතුනොත් දඩකොළයක් දෙනවා. සමහර වාහනවල කැමරා නැති නිසා නිවැරදියි කියලා ඔප්පු කරන්නත් බෑ

:       0       5

වික්‍රම විදුර Monday, 28 October 2024 12:15 PM

විස්තර අවභාවිතා කරනවා නම් ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනැ නේද? මොනවාට භාවිතා කරනවාද කවුරු භාවිතා කරනවාද ක‌ොහොම භාවිතා කරනවාද කියලා ප‌ොලිසියට කියන්න‌ේ නැතුව හැබැයි රැ ජාමේ ප‌ොලිසි වලින් ක‌ෝල් කරන්නේ නැනේද

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site