IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්

දකුණු පළාතේ නගරයක තැපැල්  කාර්යාලයකට පැමිණි  වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරියාට ඇය තම කාඩ්පත ඉදිරිපත්  කළාය.
අනතුරුව  වැඩිහිටි  දීමනා  නාම  ලේඛනය  පරීක්ෂා  කළ  නිලධාරියා  කාන්තාව දෙස යම් තැතිගැන්මක්ද මුසු වූ හැඟීමකින්  බලන්නට විය. ඇයටද මෙය විශාල ප්‍රහේළිකාවකි. දැන් මොනවා  කරන්නදැයි නිලධාරියා කල්පනා කරන්නට විය.
ලේඛනයේ හැටියට තමා  ඉදිරියේ සිටින මහලු කාන්තාව මනුස්සයකු වන්නට බැරිය. ඇය මියගොස් ඇති පුද්ගලයකු බව එහි ඇයගේ නම ඉදිරියෙන් සඳහන් කර ඇත. 


අනතුරුව  නිලධාරියා  තතනමින්  වචන අමුණන්නට විය.  “ඔහේගේ නම මේ මේකේ නෑනේ.” “ඒක මහ පුදුම  කතාවක්නේ. මේ  ගිය මාසෙත් ඕක ගත්තනේ. ඇය මදක් කෝපයට පත්ව ඇති බවක්  දක්නට ලැබිණි. නිලධාරියා මෙසේ පැවසීය.  
 “අම්මේ අපිට කරන්න දෙයක් නෑ. මේකේ නම කපලා තියෙන්නේ.  ලේකම් ඔපීස් එකට ගිහින් හොයල බලන්න.”අනතුරුව ඇය කෝපයෙන් යුතුව සෙමින් කාටදෝ දොස් කියමින්  යන්නට ගියාය.   
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය ඇය අදාළ අංශය සොයා ගොස් 
මේ බව දැනුවත් කළාය. අනතුරුව එහි නිලධාරීන් කළ සොයා බැලීමේදී හෙළිවූයේ ඇය පදිංචි ග්‍රාම නිලධාරි කොට්ඨාසයේම මියගිය,  ඇයගේ නමම ඇති වෙනත් කාන්තාවකගේ නම සමග මෙම  කාන්තාවගේ නම පැටලී ඇති බවයි.   
පණපිටින් ඉන්න මිනිස්සු මරන්නනේ හදන්නේ යනුවෙන් ඇය  දොස් තැබුවාලු‍. කෙසේ හෝ සිදුවී ඇති අතපසුවීම නිවැරදි කර ඇයට  වැඩිහිටි දීමනාව ලබාදීමට නිලධාරීන් කටයුතු කළ බව ආරංචියි . 

 වලස්ගල නිමල් ලන්දගේ



අදහස් (0)

මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site