IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බොරුව අතේ පත්තු වී මඟු‍ලත් කැඩිලා

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි 
දහනව හැවිරිදි දියණිය රැකියාවකට ගිය පසු වසර විස්සකට වැඩි කලක් රහසක්ව තිබූ සැමියාගේ රැකියාවේ තත්ත්වය පිළිබඳව කරුණු හෙළිදරව් වීමෙන් පසු බිරිය සැමියා අත හැර ගිය පුවතක් ඉකුත්දා සියනෑ පුරවරයේ ගම්මානයකින් වාර්තා විය.
වසර විස්සකට ඉහතදී කෙරුණු යෝජිත විවාහයකි. මනාලයා   ප්‍රදේශයේ නම ගිය පෞද්ගලික ආයතනයක ඉහළ රැකියාවක් කරන බවට මඟු‍ල් කපුවාගෙන් ලැබුණු සහතිකය මත මේ මංගල්‍යය සිදු කරනු ලැබ ඇත්තේ දෙපාර්ශවයේ ඥාතීන්ගේ හිතවතුන්ගේ සහභාගිත්වයෙනි.
මංගල්‍යයෙන් පසු වසර විස්සක් තිස්සේ දෙන්න දෙමහල්ලෝ ඉතා සතුටින් කල්ගත කළේ දරු මල්ලන් එකා දෙන්නා ලැබෙද්දීය. වැඩිමලා දියණියක් වූවාය. 
 හැඩ වැඩ ඇතුව ඇඳුම් පැළඳුම් සහිතව රැකියාවට යන සැමියා සවස නිවසට එයි. ගෙදර දොර අඩු පාඩු සියල්ල සම්පූර්ණ කරයි.  කිසිදු අවස්ථාවක බිරියට සැමියාගේ රැකියාවේ තනතුර පිළිබඳ විමසීමට සිදු නොවූයේ මේ තත්ත්වය මතය.
වැඩිමල් දියණිය දහනව හැවිරිදි වූවාය. දියණියටත් සැමියාගේ ආයතනයේම රැකියාවක් සොයා දෙන ලෙසට බිරිය ඇවිටිලි කළාය.   කිසිදු පැකිලීමකින් තොරව සැමියා ආයතන ප්‍රධානීන් හා එක්ව සාකච්ඡා කර දියණියට තම ආයතනයේ ඉහළ තනතුරක් ලබා ගැනීමට සමත් විය.


පළමු දිනයේ වැඩ භාරගත් දියණිය දෙවෙනි දින සේවයට ගොස් ආපසු නිවසට පැමිණ  මව හා කුටු කුටු ගෑවා ය. සුළු වේලාවකින් සැමියා ද නිවසට ආවේය.
අපි හිතාගෙන හිටියේ මෙච්චර කල් තමුසේ මේකේ ලොක්කෙක් කියලා. අදනේ දැනගත්තේ තමුසෙ විසි අවුරුද්දක් තිස්සේ තේ හදලා කියලා බිරිය ඔහුගේ ඇඟට කඩා පනිමින් දෙස් දෙවොල් තියන්නට වූවාය.
රෑ  බෝ වෙද්දී බිරිය ඇඳුම් කැඩුම් සියල්ල සූදානම් කරගෙන අහවරය. දියණිය කියන දෙයක්වත් අසන්නට ඇය සූදානම් නොවූවාය. වාහනයක් ගෙන්වා ගත් ඇය දරු මල්ලන් සැමියාටම බාර කර තමන්ගේ මහ ගෙදරට  ගොස් දැන්  එහි කල් ගත කරන්නේ ආයතනයේ පාලන අංශයේ ලොක්කෙකු බව කී සැමියා විසි වසරක් තිස්සේ කර ඇත්තේ  ලොක්කන්ට තේ හැදීම බව හෙළිවීම නිසා මහත් ලැජ්ජාවෙනි.
එසේ සිදු වෙද්දීත් සැමියා තවමත් තමන්ගේ සුපුරුදු රැකියාවට යන්නේ දියණිය ඇතුළු ඉහළ නිලතලවල පිරිසට තේ හදා දෙන අදහස ඇතිව ම ය. 

 



අදහස් (1)

බොරුව අතේ පත්තු වී මඟු‍ලත් කැඩිලා

Pradeep Kumara Monday, 19 February 2024 11:15 AM

දරන තනතුරෙන් නොව ගතිගුණ වලින්..., හැසිරෙන විදියෙන්, තමන්ට පවුලට සහ අනෙක් අයට සලකන රැකබලා ගන්නා ආකාරයෙන් මිනිහෙක්ව මනින්න පුරුදු වෙන්න...! 

:       1       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 91 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site