IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිෂ්ඨිය පන්නන්න ගිහින් තෙල් සාත්තු කරගෙන

සිරුරට අරක්ගෙන ලෙඩ රෝග පතුරුවන බව කියන යක්ෂ දිෂ්ඨියක් පන්නා දැමීම සඳහා කපුවකු විසින් ආතුරයකු වතුරේ ගිල්වමින් පොල් මලකින් සහ වේවැලකින් පහරපිට පහර දීම නිසා තුවාල ලැබූ ආතුර කාන්තාවට සති ගණනක් තිස්සේ තෙල් සාත්තු කරගන්නට සිදුවූ බව කියවෙන පුවතකි.
 එය වියලුවේ ග්‍රාමීය ප්‍රදේශයකි. ගමේ සැලකිය යුතු පිරිසක් යක්ෂ, දිෂ්ඨී , නෑයකුන් ඇදහීම සිදු කළහ. 
 මෙකී කාන්තාව ද කාලයක් තිස්සේ රෝගී වී සිටි අයෙකි. ඇය පරීක්ෂා කළ කපුවෙකු කියා සිටියේ ඇයට යක්ෂ දිෂ්ඨියක් වැලඳී ඇති බවකි. දිෂ්ඨිය එළවීම සඳහා ගුරුකමක් සිදු කළ යුතු බව ද කපුවා කීය. දිනයක් ද වෙන් කෙරිණි. කපුවා නිවසටම පැමිණියේ අවශ්‍ය අඩුම කුඩුම මෙන්ම ගෝලයකු ද රැගෙනය. මැදියම් රැය වනතුරුත් ජප කිරීම සිදු කෙරිණි.


ජප කරද්දී ආතුර කාන්තාව කොණ්ඩය විදහාලමින් නටන්නට වූයේ බෙරපදයට පාද තබමිනි. ඇය නර බිල්ලක් ද ඉල්ලු‍වාය. වේවැලක් අතට ගත් ගුරා ආතුරයාට පහරපිට පහර දුන්නේ ආතුරයා හැර යන ලෙස දිෂ්ඨීයට පවසමිනි.
 දිෂ්ඨිය ඊට අකමැති වෙද්දී ආතුරයාගේ කෙහෙවල්ලෙන් අල්ලාගත් ගුරා වේවැල පසෙක තබා පොල් මලකින් ඇයට පහර දෙන්නට පටන් ගත්තේය. කොණ්ඩයෙන් ඇදගෙන ගොස් දියේ ගිල්වමින් ඇයට පහර දුන්නේ ආතුරයා හැර යන්නැයි පවසමිනි.
පහර දෙක තුන වදිද්දී ආතුරයා හැර යන බව දිෂ්ඨිය කීවාය. යක්ෂ දිෂ්ඨිය පන්නා දමා ඇය සුවපත් කළ ද දැන් ඇයට වැදුණු පොල් මල් සහ වේවැල් පහරවල් නිසා සිරුරේ බොහෝ තැන් නිල්වී තඩිස්සි වී ඇති අතර සිය සැමියා ලව්වා ඒ තැන්වලට තෙල් බෙහෙත් සාත්තු කරන බව ගම්මු කියති.

 වියලු‍ව වාර්තාකරු



අදහස් (0)

දිෂ්ඨිය පන්නන්න ගිහින් තෙල් සාත්තු කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site