IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


ඡන්ද රහසක් රිළවුන්ගෙන් හෙළිවෙලා


කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ


මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා යොදා ගන්නා අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගයක් රිළවුන් රැගෙන යාම නිසා තමා සහාය දක්වන පක්ෂය සම්බන්ධයෙන් ගම පුරා ප්‍රචාරය වූ පුවතක් මහනුවර නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. 

සිද්ධියට මුහුණ පෑ පුද්ගල‍යා රහසින් එක්තරා පක්ෂයකට සහ අපේක්ෂකයකු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කළ පුද්ගලයෙකි.
මෙවර පැවත්වෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකුගේ ප්‍රචාරක කටයුතු සඳහා අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගයක් පසුගිය දා තම නිවසට රැගෙන පැමිණියේ සති අන්ත දිනෙක ඈත ප්‍රදේශයක සංවිධානය කළ ප්‍රචාරක වැඩසටහනක් සඳහා යොදා ගැනීමට ය.

එම අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය නිවසේ මුළුතැන්ගෙය තුළ තැබුවේ එදින ගෙන එන ලද ආහාර ද්‍රව්‍යයන් සහිත මල්ල ද සමගය.

පසුදින හදිසි අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරව යාමට මෙම පුද්ගලයාට සහ නිවැසියන්ට සිදුවන අතර එම අවස්ථාවේදී ප්‍රදේශය පුරා සැරි සරන රිළවුන් රංචුවක් නිවසට පැමිණ නිවසෙහි තිබුණු අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය සහිත ආහාර මල්ලද රැගෙන ගොස් ඇත.

නිවසට පැමිණි ඔහු ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය සොයන්නට වූ අතර ඒවා තිබූ තැන නොතිබූ බැවින් බිරිඳ ඇතුළු දරුවන්ගෙන් ද විමසීය.

ඒවා නිවසේ ‍නොතිබූ බැවින් අවට සොයා බලන විට දැක ගන්නට ලැබී ඇත්තේ ඒවා රිළවුන් විසින් රැගෙන ගොස්තැනින් තැන විසුරුවා ගොස් ඇති අයුරුයි. 

එය දුටු ඔහුට මෙතෙක් කල් රහසින් තමා කටයුතු කළ දේශපාලන පක්ෂය හා ආධාරකරුවා පිළිබඳව ගම්මානය සියලු‍ දෙනා දැනගෙන ඇති බව සිහි වූ බැවින් තම හිසමත අත්ල තබා ගත්තේ ය.



අදහස් (0)

ඡන්ද රහසක් රිළවුන්ගෙන් හෙළිවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බාලගිරි ඉහළ ගෙදරටයි කියා බෝඩ් ගහලා
2024 දෙසැම්බර් මස 04 89 0

දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත් වූ සහෝදරයන් දෙදෙනා කුඩා කල සිටම ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් යුතුව ජීවත් වූ අතර තරුණ වියට පිවිසීමත් සමගම ඔවුන් ද


පෙම්වතිය බලන්න ගිය මනමාල සීයාට ගුටි පූජාවක්
2024 දෙසැම්බර් මස 03 890 0

මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු‍ දිසාවෙන්


“කෝටියේ දිනුමට“ ගිහින් ගෑස් සිලින්ඩරයත් නැතිකරගෙන
2024 දෙසැම්බර් මස 02 629 0

ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ


ප්‍රෙග්නට් එස්.එම්.එස් එකෙන් බිරිද යකින්නියක් වෙලා
2024 නොවැම්බර් මස 30 732 0

සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද


අල්ලපු ඇදේ ලෙඩාගේ පිටි ටින් එක රෝගී යාළුවාට දීලා
2024 නොවැම්බර් මස 30 426 0

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා


සැමියාට වැඩිය ත්‍රිරෝදය ලොකු වෙලා
2024 නොවැම්බර් මස 30 242 0

සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 64 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 664 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 840 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site