හසලක සුනිල් ඒකනායක
කිසියම් අමනුෂ්‍ය දෝෂයකින් තරුණ අඹුසැමි යුවළක් පදිංචි නිවසකට බල පා තිබු කොඩිවිනයක් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්වලින් සුව නොවුණත් වැඩිහිටියකුගේ එක් උපදෙසකින් වැළදි තිබූ එම කොඩිවිනය නිමාවට පත්වු පුවතක් හසලකට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තාවෙයි.
තරුණ අඹුසැමි යුවළගේ වැඩිමල් ගැහැනු දරුවා මෙවර විභාගයකට පෙනී සිටීමට නියමිතය. බාල පිරිමි දරුවා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකට ඇතුළත් කර ඇත. පවුලේ ගෘහ මුලිකයා ඈත එපිට ප‍්‍රදේශයක පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අතර ගෘහණිය නිවසේ කටයුතුවල නිරත වනවාට අමතරව දියණියගේ අධ්‍යාපන කටයුතුවලට වැඩිකාලයක් යොදවනු ලබයි.
ඇයගේ එකම අපේක්ෂාව තම දියණිය විභාගය උසස් අන්දමින් සමත් කිරිම හා එහි ප‍්‍රතිඵලයත් සමඟම ඇය මහනුවර නගරයේ උසස් පාසලකට ඇතුළත් කර ඇයගේ අනාගතය දීප්තිමත් කිරීමටය. දරුවාගේද ඇත්තේ දැඩි උත්සාහයකි. උනන්දුවකි. පාසලේ අනෙක් දරුවන් අතර කැපී පෙනෙන දරුවකු බවටද ගුරුවරුන්ගේ සිත් දිනා ගැනීමටද ඇය සමත්ව ඇත.
පියා දරුවාගේ මේ අධ්‍යාපන කටයුතු පිළිබඳව කිසිදු තැකීමක් නොකරන අතර ගෘහණිය නිවසේ ඉහුම් පිහුම් හෝ වෙනත් කටයුත්තක් කරන අවස්ථාවේදි දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය උපදෙසක් හෝ පාඩමක් කියාදීමට කීවත් ඔහු එයට ඇහුම්කන් නොදී තමන්ගේ කටයුතු කරමින් සිටින නිසා එම අඹුසැමියන් දෙදෙනා අතර ඇතිවන්නේ වාග් ප‍්‍රහාරයකි.
මෙම නොහොඳ නොක්කාඩුව වසරකට අධික කාලයක් සිට පැවත එන අතර එම යුවළ මෙන්ම ඔවුන්ගේ පවුල්වල වැඩිහිටියන්ද පවසන්නේ මේ දෙන්නා දෙමහල්ලන් අතර මෙවැනි ගැටුම් ඇත්වෙන්නේ නිවසට හෝ පවුලට බලපා ඇති අමනුෂ්‍ය දෝෂයක් හේතුවෙන් බවයි. ඒ උපදෙස් අනුව ඔවුන් පවුල් ආරවුල විසඳා ගැනීමට ප‍්‍රදේශයේ පිහිටි දේවාල කිපයකට ගියත් මුදල් වැය වුණා මිස ආරවුල් නිමාවක් නොවුණි.
මොවුන්ගේ මෙම ක්‍රියාවන් නිරික්ෂණයක යෙදී සිටි ප‍්‍රදේශයේ දැන උගත් වැඩිහිටියකු දරුවාගේ මවට යම් උපදෙසක් දී එය ක්‍රියාත්මක කරන ලෙසත් දින කිපයකින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනු ඇති බවත් පවසා ඇත. වැඩිහිටියා දුන් උපදෙස් වූයේ දරුවා අදාළ විභාගයෙන් සමත් වුවත් ඇය නගරයේ උසස් පාසලකට ඇතුළත් නොකරන බවට පියා ඉදිරියේ පවසා පියා නිවසේ සිටින අවස්ථාවල දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට මැදිහත් නොවී ඇයට ඇවැසි ලෙස ඉගෙනීමේ කටයුතු කිරිමට ඉඩහැර බලා සිටිමටත්ය. ඇය එම උපදෙස් ක්‍රියාත්මක කිරීමත් සමගම ඔහු පැවසුවා සේම ගෙවී ගියේ සතියකි. නිවසේ තිබූ අමනුෂ්‍ය දෝෂය පහව ගොස් සාමයේ සමගියේ අරුණළු උදාවී ඉතා සතුටින් කල් ගෙවන පවුලක් බවට පත්විය. ආරවුලට ප‍්‍රධාන හේතුව වී තිබුණේ දරුවා නගරයක උසස් පාසලකට ඇතුළත් කළහොත් ඇයගේ අධ්‍යාපනයට වැයවෙන මුදල කෙසේනම් සොයන්නේදැයි යන්න පියාට ගැටලුවක් වී ඇති නිසාවෙන් බවද පසුව අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
307
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෙදර කොඩිවිනය කපන්න අපූරු බේතක්