IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා


රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි 



අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්පැන් තොල ගෑ පුවතක් රුවන්වැල්ලට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබිණි. 
හරිහැටි ආදායම් මාර්ගයක් නොමැතිව සිටි මෙම තරුණයෝ අවුරුදු උදාවන විට අරක්කු ටිකක් බීමට මුදල් නොමැතිව දැඩි ගැටලු‍වකට මුහුණ පා සිටියහ. එහිදී ඒ පිළිබඳව දහඅතේ කල්පනා කරමින් සිටි ඔවුන්ගේ මතකයට ආවේ ගමේ ගැහැනුන් පිරිසක් දින කීපයක සිට එකතු වී පවත්වාගෙන යන බූරුපොළය.
වැඩිහිටි කාන්තාවක මුල්වී ආරම්භ කර තිබූ මෙම බූරුපොළට අහල පහළ ගැහැනු කීප දෙනෙකුම සහභාගි වූයේ ඇඳිරි වැටීගෙන එන හවස් යාමයේදීය. තම සැමියන් මත්පැන් බොමින් සතුටු සාමීචියේ යෙදෙන අතරතුර රාත්‍රි ආහාර කල් ඇතිව උයාපිහා නිමකළ ඔවුන් අනතුරුව ගියේ බූරුපොළටය.
මේ අතර කතිකා කරගත් පරිදි තරුණ පිරිසෙන් දෙදෙනෙකු අල්ලපු ගමේ විශ්‍රාම ගොස් සිටි තැපැල්කරුවන් දෙදෙනකු හමුවී ඔවුන්ගේ නිල ඇඳුම්ද රැගෙන ආවේ පොලිස් පාට් එකක් රඟදැක්වීමේ අරමුණද ඇතිවය.


පොලු‍ දෙකක්ද අතින් ගත් ඔවුන් කළුවර වැටී තිබූ වේලාවේ බූරුපොළට කඩා පනින ලද්දේ දුවන්න එපා අපි පොලිසියෙන් යයි පවසමිනි. එවෙලෙහි සියල්ල අමතකව ගිය ගැහැනු පොලිසියෙන් බේරීම සඳහා හති දමමින් කළුවරේම හිස හැරුණ අත දිව ගියහ.
ඒ අල්ල පනල්ලේ බූරුපොළේ තිබූ මුදල් ටික එකතු කරගත් තරුණයන් දෙදෙනා අනතුරුව නගරයේ තැබෑරුමට ගොස් අරක්කු බෝතල් දෙක තුනක්ම රැගෙන විත් අනෙකුත් මිතුරන්ද සමග පදමද ඉක්මවා යමින් සිත්සේ අරක්කු බී ජොලියක් දමා ඇත.
එකී සිදුවීමෙන් පසු එයට සම්බන්ධ වූ තරුණයෙකු සිය මිතුරෙකුට පවසා ඇත්තේ මෙකී සිද්ධිය මේ වනතුරුත් ගමේ කිසිවෙකු නොදන්නා බවය. ඒ හා සමගම තමාද අනෙකුත් මිතුරන්ද සමග ඒ අයුරින්ම හැසිරෙන බවය.



අදහස් (1)

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා

ගුණරත්න Saturday, 19 April 2025 09:35 PM

මේවා නම් මාළිමවට ඡන්දය දුන්නු උන් කරන වැඩ,

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site