රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි
ඕපාදූප සෙවීම සම්බන්ධයෙන් නම්දරා සිටි කාන්තාවක ගමේ පිරිසක් අතර සිදුවූ රණ්ඩුවක් පිළිබඳව විපරම් කිරීම සඳහා කුස්සියේ ළිප මත තබා තිබූ වෑංජනයක් හැඳිගාමින් සිටි පොල්කටු හැන්ඳ ද අතැතිව දිවයාමේ පුවතක් රුවන්වැල්ලට නුදුරු ගමකින් අසන්නට ලැබිණි.
මැදිවියේ පසුවූ මෙම කාන්තාව ගමේ සිදුවන සෑම දෙයක්ම පාහේ දැන සිටි අතර, ඒවා සොයාබැලීම සඳහා දෛනික කටයුතුවලින් ප්රමුඛ තැනක්ද දී තිබිණි. ඒ අනුව ඇයට හොරා කිසිම දෙයක් කළ නොහැකි තැනට ගම පත්වී තිබුණේ උකුසු ඇසින් ඇය ඒ සියලු තොරතුරු දැන සිටි නිසාවෙනි. එසේම ඒ සඳහා අපූරු දක්ෂතාවයක් ද ඇය සතුව තිබූ බැවිනි. ඒ නිසාම රොයිටර් යන අන්වර්ථ නමකින්ද ගම්මුන් විසින් ඇය හඳුන්වනු ලැබුවාය.
මේ අතර පසුගිය දිනෙක හවස්යාමයේ ගම කෙළවර විසූ දෙපිරිසක් අතර රණ්ඩුවක් ඇතිවූයේ පවුල් ආරවුලක් නිසාවෙනි. රණ්ඩුව දිගින් දිගට ඇවිළී යද්දී ගමේ අහල පහළ උදවිය එම ස්ථානයට එක්රොක් වූහ. ඒ අතරේ එහි දිව ආ ඕපාදූප සොයන කාන්තාව අතේ පොල්කටු හැන්ඳක්ද විය. සිදුවන්නේ කුමක්දැයි දැනකියා ගැනීමේ ඇති බලවත් ආශාව හා කුතුහලය නිසාම හොද්ද හැඳිගාමින් සිටි හැන්ඳ ද අමතක වී හදිසියට එයද ඇය විසින් රැගෙනවිත් තිබිණි.
රැස්ව සිටි සෙනඟ අතර සිටිමින් තොරතුරු විමර්ශනය කරමින් සිටි ඇයගෙන් එවෙලෙහි එහි සිටි අයකු ඇසුවේ අතේ පොල්කටු හැන්ඳක් ඇයි දැයි කියාය. එම පැනයෙන් සිහිඑළඹ ගත් ඇය අතින් හිසට ගසාගෙන ඇත්තේ ළිපේ තබා හැඳිගාමින් සිටි පරිප්පු හොද්දට කුමක් සිදුවී ඇතිදැයි සිතාගැනීමට වත් නොහැකි වීමෙනි.
එහිදී කලබල වූ ඇය නිවස දෙසට දිවයනු දුටු සමහරු පවසා සිටියේ තොරතුරු සොයන්නට ඇවිත් මෙදාපාර නම් එයා හොඳ පරිප්පුවක් කන්නට ඇති බවය. ළිපේ තිබ්බ පරිප්පු හොද්දට ගිනි ඇවිළිලාද දන්නෙත් නැහැ යයි එහි සිටි අයකු හඬ ගා කියත්ම, රණ්ඩුවද අහවර වී සිනාසෙන්නට වූ පිරිස, රෑ බෝවීමට පෙර නිවෙස් බලා ගිය බව එහි සිටි
අෙයක් මෙකී පුවත විස්තර කරමින් පවසන්නට විය.
2025 දෙසැම්බර් මස 18
298
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕපාදූප හොයන්න හොදි හැන්දත් අරන් ගිහින්