පදම වැඩිවී මැටි අනන්නා උපන් ඇඳුමෙන් මැටි ආශ්රිත නිෂ්පාදකයෙක් පැය කිහිපයක් පුරා දෙනෝ දාහක් බලා සිටිය දී උපන් ඇඳුමෙන් මැටි පදම් කිරීමේ පුවතක් වයඹ ප්‍රසිද්ධ මැටි ආශ්‍රීත කර්මාන්ත ගම්මානයකින් වාර්තා විය. 08 October 2022
සැමියාගේ උපන්දින සුබ පැතුමට බිරියට යක්ෂයා ආරූඪවෙලා සිය උපන් දිනයට තමන්ට සුබ නොපතා කාර්යාලයේ යුවතියකගේ උපන් දිනයට සැමියා කෙටි පණිවිඩයක් මඟින් සුබ පැතීම පිළිබඳව උරණ වූ තරුණ දෙදරු මවක සැමියා ගෙවත්තේ වගා කර තිබූ කෙසෙල් ගස් කීපයක් කපා දමා විරෝධය පළ කිරීමේ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 07 October 2022
අවුරුදු 30ක් දීග කෑ බිරියගේ නම අමතක වෙලා කන්ද උඩරට ප්‍රධාන පෙළේ රෝහලක පැවැති තම මවගේ මරණ පරීක්ෂණයේ දී හදිසි මරණ පරීක්ෂකවරයා බිරියගේ නම අසද්දී නිරුත්තර වූ සැමියකු බිරිඳගේ නම අසා ගැනීම සඳහා බිරිය සොයා රෝහල් භූමිය පුරා දිව යාමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 06 October 2022
බිරියගේ අමුතු ගැටයෙන් කපුවා කපෝති දේවාරූඪයෙන් පේන කියන සැමියාගේ හොර ඇල්ලීමට වෙස් මාරු කරගෙන පැමිණි බිරිඳට ආලවන්තකම් පා ඔහුගේ දුරකතන අංකය ලබා දුන් කපුවෙකු හට බිරිඳගෙන් කම්මුල් පාරක් ලැබුණු පුවතක් උඩරට ප්‍රදේශයෙන් වාර්තා වේ. 05 October 2022
කුණු බක්කියට පයින් ගහලා ආයෙත් ඉස්පිරිතාලෙ ගිහින් වයස්ගත වීමත් සමග නිතර රෝගී වන මවකගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා දියණියක විසින් ඇය රෝහල් ගත කරනු ලැබුවේ නේවාසික ප්‍රතිකාර ලබා දීමටය. 04 October 2022
නාඩගමට ගෙනා තුවක්කුව පොලිසියත් නටවලා එක ළඟ ඝාතන රැල්ලක් ගිය අම්බලන්ගොඩ මාර්ගයක යතුරුපැදියකින් තරුණයන් දෙදෙනකු ගෙනගිය තුවක්කුවක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් අලි අමාරුවක වැටුණු අපූරු පුවතක් අම්බලන්ගොඩින් වාර්තාවේ. 03 October 2022
අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නන්න ගිහින් කොන්ද කඩාගෙන අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නීමට ගොස් කොන්ද කඩා ගත් මනාලයකු පිළිබඳ මේ පුවත වාර්තා වූයේ මෙරට මැණික්වලට ප්‍රසිද්ධ නගරාසන්න ගම්මානයකිනි. 01 October 2022
ටක්කෙට හොරු අල්ලන කපුවාගේ මල්ලේ දේවාභරණත් සොරාගෙන දේවාලයක් පවත්වාගෙන යමින් දේවාරූඪයෙන් සාස්තර කීම සහ සොරකම් කිරීම් පිළිබඳව පේන බැලීම හා විවිධ අපල සඳහා ශාන්තිකර්ම සිදුකළ කපු මහතකුගේ ගමන් මල්ලේ තිබූ දේව ආභරණ සොරකම් කිරීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 30 September 2022
තෙල් පෝලිම පැන්නාට බල්ලකුගෙන් දඬුවමක් පෝලිමේ නොසිට ලොක්කා වගේ තෙල් ගැසීමට ගිය අයෙකුට බල්ලෙකු දුන් අපූරු දඬුවමක් පිළිබද පුවතක් දකුණු පළාතේ පිරවුම් පොළකින් අසන්නට ලැබේ. 29 September 2022
පැන්ෂන් පාටියේදී කනේ පාරක් තෑග්ගට ලැබිලා වසර තිහක් රාජ්‍ය ආයතනයක සේවය කළ සේවකයකු ආයතනයට නිසි වයසේ දී සමුදීම වෙනුවෙන් පැවැති අපූරු උත්සවයක් පිළිබඳව ඇතුගල්පුර පෙදෙසින් අසන්නට ලැබුණි. 28 September 2022
සද්ගුණවත් පරිත්‍යාගශීලියා පොලිසිය අන්දා හිඟන්නනුත් විකුණලා මහා කාරුණිකයකු යැයි පොලීසිය ද නොමග යවා නගරයේ යාචකයන්ගේ නාමයෙන් බඩ වඩා ගැනීමට ගොස් මාට්ටුවී මඩ කප්පරක් නාගත් අයෙකු පිළිබදව ගාලු දිසාවේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 27 September 2022
මගුල් කපුවා කතුන් දෙදෙනකුට වැඳගෙන සිංදු කියලා ආගන්තුක මඟුල් කපුවකු කතුන් දෙදෙනකුට වැඳගෙන ගීත ගායනා කළ සිද්ධියක් දිගාමඩුල්ලේ ගමකින් වාර්තාවේ. 26 September 2022
බෝතලේ සැරට වේටර්ට ඉල්ලමක් පෑදිලා ඔහු ව්‍යාපාරිකයෙකි. කලක් එක්තරා සුළු පක්ෂයක ආසන සංවිධායකවරයකු ලෙසද ඔහු කටයුතු කළ නිසා එම පළාතේ බොහෝ දෙනෙක් ඔහු දැන සිටියහ. ඔහු කිසිදු ලෝබකමක් නැතිව මත්පැනට අත දිගහැර වියදම් කළ පුද්ගලයෙක්ද වූයේය. මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයකදී පෙරමුණ ගත්තේද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරෝ පිරිසක්ද සිටියහ. 24 September 2022
මළ ගෙදරට ගෙනා මාළු පාන් පසුදා මහ පාරේ අතුරලා මළ ගෙදරක රාත්‍රියේ නිදිවර්ජිතව සිටි පිරිසකට මාළු පාන් සමග තේ පැන් සංග්‍රහයක් ලබාදුන් බේකරි හිමියකුගේ නිවෙසට යන මාර්ගයේ පසු දින උදෑසන මාළු පාන් පහළොවක් විස්සක් පමණ විසිරී තිබී යැයි බස්නාහිර පළාතේ කුඩා ගම්මානයකින් වාර්තා වෙයි. 23 September 2022
උපන් දිනේට මී කුණක් තෑගී ලැබිලා උපන් දින තෑග්ගක් ලෙසින් මියගිය මීයකු හමුවීමේ පුවතක් කන්ද උඩරට නගරයකින් වාර්තා වේ. 22 September 2022
නෝනා සතුටු කරන්න ගිහින් ණයකාරයෙක් පස්සෙන් පන්නලා නෝනා සතුටු කරන්න ලොකු හෝටලයක කෑමට ගොස් එහි දර්ශන මුහුණු පොතට දැමීමෙන් ගත්ත පරණ ණයක් ප්‍රසිද්ධියට පත්ව අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. 21 September 2022
සැමියාගේ හොරා කෑම වළක්වන්න බිරිය හාල් මල්ල ළඟ බුදි වෛද්‍ය උපදෙස් මත සිරුරේ වැඩිපුර ඇති සීනි සහ මේදය පාලනය කිරීම සඳහා රාත්‍රී ආහාරය ලෙස තැම්බූ එළවළු ආහාරයට ගත් පුද්ගලයකු නිවැසියන් නින්දට යන තෙක් බලා සිට මැදියම් රැයේදී බත් මුට්ටියක් උයාගෙන අනුභව කළ බව කියවෙන පුවතකි. 20 September 2022
වළලන්නම් කියා සල්ලි අරන්: බලු කුණ බසයක පටවා යවලා මියගිය සුනඛයකු භූමදානය කිරීමට පොරොන්දු වූ පුද්ගලයකු රුපියල් එක්දහස් පන්සියයක මුදලක් කුලිය ලෙස ලබාගෙන, පෝර උරයක බහා රැගෙන ගිය සුනඛයා මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක අසුනක් යට සඟවා පලායාමේ සිදුවීමක් ඉකුත්දා මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 19 September 2022
දොස්තරට බිය වී ’බෝතලේ පවර්’ එකෙන් දත ගලවාගෙන දිරාගිය දතක වේදනාව දරාගත නොහැකිව එය ගලවා ගැනීමට පෞද්ගලික රෝහලකට ගොස් හිරිවැටෙන එන්නත ද ලබාගෙන වෙද්‍යවරයා අත්මේස් නොගලවා අපිරිසිදු ලෙස ප්‍රතිකාර කරනු දැක එතනින් මාරුවී පැමිණ තම හිතවතකු මගින් දත ගලවාගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 17 September 2022
බිරිඳගේ ජංගම දුරකථනය නැතිවී ඩබල් හයර් ගෙවලා බිරිඳගේ ජංගම දුරකථනය ත්‍රීරෝද රථය තුළ අමතකවීමෙන් දෙවරක් හයර් ගෙවීමට සිදු වූ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි. 17 September 2022
ඥාති පුතාෙග් නම විකුණා ඇන්ටිගෙ සේසතට විදලා වසර දහඅටක් තිස්සේ අසනීපයකින් බැට කමින් සිටින 60 හැවිරිදි කාන්තාවකට තමා සන්තකයේ තිබූ අවසාන සේසත ද කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වෙන්නේ බස්නාහිර දිශාවෙනි. 17 September 2022
කුරුඳු කැලෙන් හමුවූ බිරිඳගේ තුරුල්ලේ ෆෙස් බුක් පෙම්වතෙක් ජංගම දුරකථනයත්, සමාජ මාධ්‍ය ජාලාවත් නිසා සිය සොඳුරු පවුලක අනාගතයම කාබාසිනියාකර ගැනීමට ගිය තරුණ විවාහක කාන්තාවකගේ පවුල් ජීවිතය පොලිසියේ මැදිහත්වීමෙන් යළි යථා තත්ත්වයට පත්කර දුන් පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මානයකින් වාර්තා වේ. 17 September 2022
’එකට කොට’ බෙහෙත හොයා රටක් පීරලා බෙහෙත් ඖෂධයක නම නොදැන තුවාලය ඔඩු දුවන තුරා රෝගියාට වෙදකම් කිරීමට නොහැකි වූ පුවතක් මොරගොල්ලාගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 17 September 2022
’සැන්ටිපෝට්’ ට රැවටී හැංගු තෙල් බූලිය වතුර වෙලා දිනපතා පෝලිමේ ගොස් ත්‍රිරෝද රථයට ලබා ගන්නා පැට්රල් ප්‍රමාණය කෑන් එකකට එකතු කර නිවසේ සඟවා තිබිය දී ඩෙංගු පරීක්ෂාවට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බියවී පැට්රල් බූලිය ලඳු කැලෑවක සැඟ වූ පුද්ගලයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 17 September 2022
කෑම රසය හෙළිවෙලා පවුල් 2ක් ඇවිලිලා ගැබිනි කතට දොළදුකට දුන්නු කෑම එකේ ඇත්තම රසය තුන් හැවිරිදි දරුවා හෙළි කොට සහෝදරකමත් නැති වූ අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 16 September 2022
සාස්තරකාරියට සාස්තරයක් කියා මුහුණ රතුවෙලා ඌව පළාතේ ප්‍රධාන නගරයක පදික වේදිකාවේ අත්ල බලා ශාස්ත්‍ර කියූ තරුණියකගේ අත්ල බැලීමට ගිය ආයුර්වේද වෛද්‍යවරයකු පිළිබඳ පුවතක් ඉකුත් දා වාර්තා විය. 15 September 2022
කොළඹ යාළුවාගේ ගෙවත්ත සුද්ද කර තණකොළ ටිකත් ආණ්ඩුවේ වාහනේම ගෙනත් බස්නාහිර පළාතේ වෙසෙන මිතුරාගේ ගෙවත්ත තණකොළ කැපීමට සිය සේවස්ථානයේ ලොරියකින් සේවක පිරිස පටවාගෙන ගොස් එහි කැපූ තණකොළ පෝර උරවල පටවාගෙන යළිත් සිය පළාතටම ගෙන ආ දකුණු පළාතේ පළාත් පාලන ආයතනයක ලොක්කකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 14 September 2022
නාන කාමරේක සෙල්පි ගහලා කෙල්ලෝ රොත්තක් අමාරුවේ වැටිලා ඥාතියකුගේ නිවෙසේ සාදයකට පැමිණ එම නිවෙසේ ඉදිකර තිබූ නවීන අංගෝපාංගවලින් සමන්විත නානකාමරයේ සෙල්පි ඡායාරූප ගැනීමට ගොස් වටිනා ජංගම දුරකතනයක් නානකාමරයේ වැසිකිළියට වැටීම නිසා අකරතැබ්බයකට මුහුණ දුන් තරුණියන් පිරිසක් පිළිබඳ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශයකින් වාර්තාවේ. 13 September 2022
සහන සේවයට ගිය ලොක්කි ආයතනයේ මල් පෝච්චි පන්නලා සහන සේවය සඳහා වෙනත් සේවා ස්ථානයක සේවයට වාර්තා කළ නිලධාරිනියක සිය දින තුනක සේවය නිමවා ආපසු නිවස බලා යද්දී සහන සේවයේ නිරතව සිටි ආයතනයේ අලංකාරය සඳහා වගා කර තිබූ මල් පෝච්චි දෙකක් ද තමන් පැමිණි වාහනයේ පටවාගෙන ගිය බව කියවෙන පුවතකි. 12 September 2022
කොට්ට දෙකට රෙද්ද පොරවා මනාලිය අතුරුදන් ගමේ ගොඩේ අහල පහළ නිවැසියන් වූ සුනිල් හා කමලා කුඩා කාලයේ සිට එකට හැදී වැඩී උස් මහත් වුණු ගැටවර වියේ පසුවෙන නිසා මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවුනත් දෙපැත්තේම මවුපියෝ හා වැඩිහිටියෝ එයට එකහෙලාම විරුද්ධ වූහ. 10 September 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026