කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
විවිධ පළාත්වල හා ජන වර්ග අතර ව්‍යවහාර වන භාෂාව හරිහැටි තේරුම් නොගැනීම නිසා සිදු වූ කලබගෑනියක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ එක්තරා පෙදෙසකින් වාර්තා වෙයි.
ඈත පළාතක සිට ඔහු දකුණු පළාතේ ඇතුළත ගමකට පැමිණියේ වැදගත් කටයුත්තක් සඳහායි. එම කටයුත්ත නිමාකර තම ගම් පෙදෙසට යන අතරතුර සරමක් හා බැනියමක් ඇඳගත් තරුණයෙක් කෙසෙල් කැනක් කරේ තබාගෙන යනු දුටු ඔහු තම මෝටර් රථය නවතා ‘මුදලාලි අය්යා ඔය කෙසෙල් තැරිය කීයදැයි‘ විමසීය. මෙය තේරුම්ගත නොහැකි වූ ඔහු එම පුද්ගලයාගෙන් විමසා සිටියේ ‘ඔහේ මක්කෙයි කිව්වෙ‘ යනුවෙනි. ‘ඔය කෙසෙල් තැරිය කීයක් වෙනවාද‘ කියලයි මම ඇහුවෙ. මෙය ඇසූ තරුණයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය හෙයින් ‘කොහෙද ඕයි මේක තැරියක් වෙන්නෙ. බලනව කෙසෙල් කැනේ අපූරුව. අනෙක ඔහේ මට අයියෙ කියන්න ඔහෙගෙ වයස කීයද. කොණ්ඩෙත් ඉදිල නේදැයි‘ ඇසුවේය.
මේ ප්‍රදේශයේ ව්‍යවහාර වන භාෂාව පිළිබඳ තමන්ට යම් වැරදීමක් සිදුවී ඇති බව සැනෙකින් වටහා ගත් ඔහු ‘අනේ මල්ලි සමාවෙන්න. මම කෙසෙල් තැරිය කිව්වෙ කෙසෙල් කැනටයි. අනෙක මම ඔයාට අය්යා කිව්වෙ වයස ගැන බලලා නොවෙයි. අයියා කියන්නෙ අපේ භාෂාවෙන් මහත්තයා කියන එකටයි‘. මේ කතාව අසා සිටි තරුණයා ‘මහත්තයා මට සමාවෙන්න. මම යි වැරදි විදියට තේරුම් ගත්තෙ. ඔහේට ඕන ගණනක් දීල මේක අරන් යන්න‘ යැයි පැවසූයෙන් එයට වටිනා මුදලක් දී ඔහු එය රැගෙන යන්නට ගියේ තම දුරකතන අංකය ද ඔහු අත තබමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හම්බවෙන්න ආපු කෙනෙක් අපේ ගෙදර අයට කියලා තිබුණා මහත්තයාට දෙකක් කතාකරන්න ඕනෑ කියලා. ඉතින් ගෙදර අයට ඕකට තරහ ගිහින් පස්සේ මම ගිහින් බැලුවාම ඒ මනුස්සයාගේ ප්‍රශ්නයක් කියන්නයි ඇවිත් තියෙන්නේ. සාමාන්‍යෙයන් දෙකක් කතාකරනවා කියන්නේ ආරවුලකට එනවට.. ඒ අපේ භාෂාවේ හැටි. ගොයම් කොළේට මුවාවෙලා වෙඩිතැබීමක් කියන එකත් ඔය වගේ. ගොයම් ගොඩටයි කොලේ කියලා කියන්නේ. ඔහේ කියලා කිව්වාමත් මිනිස්සු ඇඟට ගොඩවෙන්න එනවා. නමුත් ඔහේ කියන්නේ ඔයා කියන එකටමයි.