IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මැඩම්ගේ විනෝදාංශය මාට්ටු වී මුදලාලි හාමිනේ රෙදි ගලවයි

හසලක සුනිල් ඒකනායක 
විනෝදාංශයක් ලෙස ඉතා සූක්ෂම අන්දමින් වෙළෙඳ සල්වලින් බඩු සොරකම් කරන ධනවත් කාන්තාවකට අපූරු පාඩමක් ඉගැන්වීමේ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා විය. 


හැටපස් හැවිරිදි වියේ පසුවෙන ඇය මනා රූ සපුවකින් යුත් ධනවත් කාන්තාවකි. සැමියාගේ වියෝවෙන් පසු ඔහුගේ විශ්‍රාම වැටුපද ඇයට හිමිවිය. ගෙවත්තේ වගාවෙන්ද ඇයට යම් මුදලක් මාසිකව ලැබේ. වැඩි වියට පත් විවාහක දූ දරුවෝ යම් යම් ආයතනවල රැකියා කරති. 


ඇයගේ විනෝදාංශයක් වන්නේ බඩු මුට්ටුවක් මිලදී ගන්නට ගොඩවෙන කඩයෙන් ඉතා සූක්ෂම අයුරින් මුදලාලිගේ ඇස වසා යමක් සොරකම් කරගෙන ගමන් බෑගයට දමා ගැනීමයි. පෙරළා නිවස බලා යන ගමනේදී යම් දිළිදු අයෙකු හෝ කුඩා ළමයකු මහ මගදි හමු වුවහොත් ගමන් මල්ලේ තිබෙන බොහෝ දේ ඔවුනට ලබාදීමට තරම් ඇය පරිත්‍යාගශීලී වන්නීය. 


මෙදින ඇය නගරයට ආසන්න ප්‍රදේශයක ගමේ කඩේකට ගොඩ වූයේ නිවෙසට අවශ්‍ය කළමනා කීපයක් රැගෙන යෑමටයි. ඒ වනවිට කඩේ කිහිප දෙනකු සිටි අතර මුදලාලි නොසිටි නිසා ඔහුගේ බිරිඳ ඒ අයට බඩුදීම හා මුදල් ලබා ගැනීම සිදු කළා. කඩයට ගොඩ වූ ඇය දුටු මුදලාලි හාමිනේ පාරිභෝගිකයන්ට බඩු දෙන ගමන් ඇය ගැන සෙවිල්ලෙන් සිටියේ ඇයගේ කල්කිරියාව කල් තබාම දැන සිටි බැවිනි. 


බඩු කීපයක් මිලදී ගත් ඇය ඒ බව මුදලාලි හාමිනේට පවසා තම බඩුවල ගාන කීයදැයි විමසා තිබේ. ඇය හොරෙන් ලබාගත් ද්‍රව්‍ය හා ඇය පැවසූ බඩුවල මිල ගණන් හදා මෙපමණ මුදලක් ගෙවිය යුතු යැයි පවසා ඇත. තමන් ගත් බඩුවලට එපමණ මුදලක් නොවන බවත් නැවත නිවැරදිව ගණන් හදන ලෙසත් ඇය එවිට පවසා තිබේ. 


එහිදී මුදලාලි හාමිනේ පැවසුවේ ඔයා අහවල් අහවල් දේ අරගෙන මල්ලට දා ගන්නවා මම දැක්කා. වෙන කඩවලට ගිහිල්ලා කරන සෙල්ලම් මාත් එක්ක කරන්න බැහැ. ඔයා කඩයට ගොඩවෙන අවස්ථාවේ ඉඳලා මම ඔයා ගැන සෝදිසියෙන් හිටියේ. මම ඔයාගේ මල්ලේ තියෙන බඩු ටික අරගෙන පෙන්නන්නද? නෝනා නම්බු පිටින් ගත්තු බඩුවල සල්ලි දීලා යන්න යැයි ඒ වනවිට කඩයේ සිටි පිරිස ඉදිරියේ මුදලාලි හාමිනේ පැවසුවෙන් අදාළ මුදල ගෙවා ඇය වහා පිටව ගියේ කඩේ සිටි අයගේ සිනා හඬ මධ්‍යයේය. සිද්ධියෙන් පසු දින කීපයක් කඩයට නගරයට නොගිය ඇය එතැන් පටන් වෙළඳසල්වලට ගොඩවුණත් විනෝදාංශයට තිත තබා තිබිණි. 



අදහස් (1)

මැඩම්ගේ විනෝදාංශය මාට්ටු වී මුදලාලි හාමිනේ රෙදි ගලවයි

de silva Friday, 11 November 2022 01:22 PM

ඔය පුරුද්ද මානසික රෝගයක්... ඕකට කියන්නේ ක්ලෙප්ටොමනි කියලා... දියුණු රටවල නම් ඔය ප්‍රශ්නය විසඳන්න තෙරපි ක්‍රම තිබෙනවා.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site