කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
මේ ආපනශාලා හිමියා නොමිලයේ කොත්තු කෑමට පොලිස් රාලහාමි කෙනකු ආ විගසම ආ මල්ලී පොලිස් කොත්තුවක් දමන්න යයි කොත්තු බාස්ට කියන්නේ යටිගිරියෙන් කෑගසමිනි. මුදලාලි කී පරිදිම කොත්තු බාස් ද පොලිස් කොත්තුවක් දමා දෙන්නේ දුම් දමමිනි.
තමන් කෑ කොත්තුව ඉතා රසයයි වර්ණා කොට මුදලාලි මුරුංග අත්තේ තියා උදව්වක් ඕනෑ වෙලාවක හමුවන්න යයි කියමින් මේ රාලහාමිලා ආපනශාලාවෙන් පිටව යන්නේ දත් අස්සේ ඇති කොත්තු කෑලිද ඉරටු කෑල්ලකින් අස්කරමිනි.
කාලය කෙමෙන් ගෙවි ගියේය. මේ අපනශාලාවේ කොත්තු බාස් එහි අයිතිකරුත් එක්ක ආරවුලක් ඇති කර ගත්තේ වැටුප් ප්‍රශ්නයකටය. ප්‍රශ්නය දිගේ ගියේය. එහි හිමිකරු කොත්තු බාස් එයින් අයින් කළේය.
ආපනශාලාවෙන් කොත්තු කන පොලිස් නිලධාරීන් දෙදෙනකුට මෙම කොත්තු බාස් හමුවන්නේ අහම්බයෙන් මෙනි.
හා මොකද කඩෙන් ගියේ යයි මේ නිලධාරීන් කොත්තු බාස්ගෙන් අසන්නේ පරණ හිතවත්කමටය. ‘‘අනේ වැඩක් නැහැ මහත්තයා මුදලාලියා මහ සවුත්තු මිනිහා. අපෙන් ගන්න මහන්සියට හරියට ගෙවන්නේ නැහැ. දෙන පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. ඒක නිසා අස්වුණා.’’
මිනිහා සර්ලාටත් කරන්නේ හරිම බලු වැඩක් තමයි කියමින් කොත්තු බාස් කියාගෙන කියාගෙන ගියේය.
මොකක්ද මල්ලි මිනිහා අපිට කරන බලු වැඩේ යයි රාලහාමිලා ඇසුවේ නළලේ රැලි නංවමිනි. සර් සර් ලා කොත්තු කන්න ආවම මුදලාලි අමුතුම තාලයකට මට කියනවා මල්ලී පොලිස් කොත්තුවක් දාන්න කියලා.
එතකොට මම මෙහේ වෙනත් අය කාලා කරලා පිගානේ ඉතිරි කර ගිය අවශේෂ කොටසුත් කලවම් කරලා වියදමක් නැතිව හදපු කොත්තුවක් තමයි සර්ලාට දෙන්නේ යයි කොත්තු බාස් කීවේ කිසි ගණනකට නොගෙනය.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
Rupa Friday, 02 December 2022 09:41 PM
පිනට කන කාලකන්නි පොලිස්කාරයන්ට නම් ඒකත් හොඳ වැඩියි.