IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පාසල් මුනුපුරා උදව්වට මනාලියක් ගේන්නදැයි ආච්චිගෙන් අහලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
දාසය හැවිරිදි පාසල් මුණුපුරා ගෙදර දොරේ වැඩ කර ගන්න මනමාලියක් ගේන්න දැයි මිත්තනියගෙන් අසා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


 දුෂ්කරතා ඇති ගම්මානයකි. මෙම ගම්මානයේ වයස අවුරුදු 77 ක හා 74 ක වයෝවෘද්ධ යුවළක් පදිංචිව සිටිති. මෙම යුවළගේ දියණිය විවාහ වී රජරට ප්‍රදේශයේ පදිංචිය. පිරිමි දරුවා විවාහ වී කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේය.


ලෙඩක් දුකක් හැදුණහම බලන්න කෙනෙකු නොමැති නිසා පදිංචිව සිටින ඉඩම කාට හෝ විකුණා තමන් ළඟට පැමිණෙන ලෙස පිරිමි දරුවා මව්පිය යුවළට අවස්ථා කිහිපයක දීම දන්වා ඇතත් යෝජනාව වයෝවෘද්ධ මව්පිය යුවළ එක හෙළාම ඉවත දමා තිබේ.


දියණිය ද මව්පිය යුවලට ඇගේ ළඟට ගැනීමට කතා කළ ද දුෂ්කර පළාතක් යැයි පවසා එය ද මව්පිය යුවළ ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වෙයි.


පිරිමි දරුවන් තිදෙනකුම සිටින දියණිය කල්පනා කර මීට වසර දෙකකට පමණ ඉහත දී දෙවැනි පිරිමි දරුවා වයෝවෘද්ධ මව්පිය යුවළ පදිංචිව සිටින මහ ගෙදර නිවෙසේ ඔවුන්ගේ තනි නොතනියට නතර කළාය. 
ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර ඇති මුණුපුරා ඔහුගේ පාසල් ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කර පාන්දර නැගිට කන්න උයා පිහා දෙන්නේ ද මිත්තනිය විසින්ය. සෑම දවසකම හැන්දෑවට වයෝවෘද්ධ සීයා ගමේ මත්පැන් කාලක් පානය කර නිවෙසට පැමිණ මිත්තනියට නගන දොස් වලින් ද අඩුවක් නොමැති බව ද ශිෂ්‍යයා හරි හැටි තේරුම් ගත්තේය.


මෙම වයෝවෘද්ධ යුවළ සමග පදිංචිව සිටින මුණුපුරා ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින ශිෂ්‍යයෙකි. අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද අති දක්ෂ නිසා විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ශිෂ්‍යයාට ආදරය, කරුණාව ද දක්වයි.  ඔහු මාස හත අටක සිට සිය පාසලේ 10 පන්තියේ ඉගෙනුම ලබන අල්ලපු ගමේ පදිංචිව සිටින පාසල් ශිෂ්‍යාවක සමග රහසිගතව ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය ද වයෝවෘද්ධ මිත්තනිය හා සීයා ද ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් දැන සිට නැත. 


මිත්තනිය කන්න බොන්න සකස් කර දෙනවා වගේම ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කර දෙන අයුරු දුටු මුණුපුරා දිනක් පාසල් ඇරී නිවෙසට පැමිණ සිටින අවස්ථාවේ දී මිත්තනිය අසලට පැමිණියාය.


‘‘කිරි අම්මේ කිරි අම්මාට දැන් බෑනේ මට කන්න උයලා ඇඳුම් පැළඳුම් හෝදලා දෙන්න. අපි තුන් දෙනාට කන්න උයයි. මගේ රෙදි ටිකත් හෝදයි කිරි අම්මගෙයි අත්තගෙයි චීත්තයක්, සරමක් පවා හෝදලා දෙයි ගැහැනු ළමයෙක් ඉන්නවා මම එක්කරගෙන එන්න ද? කිරි අම්මේ යැයි විමසීමක් කළේය. 


මිත්තනියගේ දකුණු අත කම්මුලට ගොස් ඇත්තේ එම අවස්ථාවේ දී විදුලි වේගයෙනි. මිනිත්තු කිහිපයක් මුණුපුරා දෙස එක එල්ලේ බලා සිට ඇති මිත්තනිය නෑ.. නෑ.. එපා එක්කරගෙන එන්න. උඹට දෙයි කෙල්ලගේ දෙමව්පියෝ ඔය කියන කෙල්ලව එක්කරගෙන එන්න. මට තවම හොඳට සවි ශක්තිය තියෙනවා ගෙදර දොරේ වැඩ ටික කර ගන්න. පුතේ උඹ දැන් හොඳට ඉගෙන ගනින්. දැන්ම මඟුල් විසේ ඔළුවට ගත්තොත් ඉගෙන ගන්න බැරි වෙයි.  කියා කීවේ මුණුපුරා හැකි ඉක්මනින් දියණියගේ ගෙදරට යැවීමේ ක්‍රමයක් ගැන සිතමිනි. 
 



අදහස් (2)

පාසල් මුනුපුරා උදව්වට මනාලියක් ගේන්නදැයි ආච්චිගෙන් අහලා

sampath Friday, 02 December 2022 10:58 PM

ඒ ළමයා වැරදි නෑ .ඔය වයසට ඔහොම දෙයක් හිතට ආවේ නැත්නම් තමයි පුදුමේ .මේවා දෙයියෝ සාක්කි වෙන්නේ කොහොමද

:       2       15

de silva berlin Saturday, 03 December 2022 11:21 AM

බටහිර රටවල් අවුරුදු 16 වෙනකොට මේවා සාමාන්‍ය දේවල්... දැන් මෙහෙ සිස්ටම් එකත් චේන්ජ් වේගෙන එනවා වගේ පේනවා...

:       4       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site