දිනපතා පාහේ උදේ නිවස ඉදිරිපිට පාරේ බල්ලන් කැතකර තිබෙනු දුටු නිවැසි කාන්තාව මේ බල්ලන්ගෙන් බැල්ලියන්ගෙන් පුදුම කරදරයක් තමයි තියෙන්නේ කියා කියනු ඇසුණු අල්ලපු ගෙදර නෝනා ඒ බලු කතාව පටලවාගෙන හොඳින් ඇසුරු කළ පවුල් දෙක අතර විරසකයක් හදාගත් සිද්ධියක් පන්නිපිටිය දෙපානම ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

අසල්වැසි නෝනාගේ බලු කතාව වරදවා වටහාගත් අල්ලපු ගෙදර නෝනා ඒ බව තම සැමියාටත් පැවසුවාය. බිරිඳ කියන ඕනෑම කේළමක් අකුරටම අදහන සැමියා ආවේශ වී අසල්වැසි කාන්තාවගේ නිවසේ බිත්තියක ඉරි තැලීමකට පිළියම් යෙදීමට නොබෝදා ආ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු හා පෙදරේරුවකු ආපසු හරවා යවා ඇත. ඒ එම බිත්තිය පිහිටා ඇත්තේ අල්ලපු ඉඩමට යාව නිසා එම නිවසේ දොරටුවෙන් එහි ඇතුළට යා යුතුව තිබූ හෙයිනි.
මේ කියන අල්ලපු ගෙදර සැමියා උදේ ටවුමේ වෙළඳසලට ගිය පසු රාත්‍රි 10ට පමණ යළි එනතුරු මේ කියන බිරිඳ නිවසේ සිටින්නේ තනිපංගලමේය. පාළුව මකාගන්නට වෙන මගක් නැති නිසා ඇයගේ වැඩේ වරින් වර ඉහළ මහලට ගොස් අසල්වැසි නිවසේ කත මුළුතැන්ගෙය සිටී නම් ඒ දෙසට හැරී කුමක් හෝ ඕපාදූපයක් දෙඩීමය. එසේ නැතිවිට අසල්වැසි කතාබස්වලට කන තියා ගෙන සිටීම ඇගේ පුරුද්දයි. බලුකතාව ඇසෙන්නට ඇත්තේත් එවන් විටෙකය. මෝඩකමට බේත් නැත කියා කියන්නේ මේ වගේ විලම්බීතවලටයි කියා අසල්වැසියෝ කියති.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලු තොප්පියක් දාගෙන ජෝඩුවක් බලුවෙලා