IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මෝටර් සයිකලේ ලියුම් බෙදන්න බයිසිකල් කබලේ බෙල් එකක් හයිකරගෙන

දිගු කලක් පාපැදියෙන්  ගොස් ලියුම් බෙදූ ගම්බද ප්‍රදේශයක  සේවය කළ තැපැල් පියුන් මහත්මයකු ඉතා අමාරුවෙන් මිලදී ගත් අලුත්ම අලුත් යතුරුපැදියට මළකඩ කෑ පාපැදි බෙල් එකක් සවිකර ගැනීමට සිදුවූ පුවතක් මොර සමග ගලක් යන අරුත් දෙන නමක්  ඇති දකුණේ ප්‍රදේශයකින් වාර්තා වේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු ඉතා කාරුණික ලියුම් බෙදන්නකු වූ අතර එකම කාර්යාලයක ඉතා දිගු කලක් සේවය කිරීමට තරම් වාසනාවන්ත වූයේය. එකම ප්‍රදේශයේ  සේවය කිරීම  නිසා  ප්‍රදේශයේ ජනතාව සමග සමීප සබඳතාවකින් සේවය කිරීමට හැකි වූ අතර ජනතාවද  ඔහුට අයියේ මල්ලී මාමේ ආදී වශයෙන් ආමන්ත්‍රණය කිරීමට පුරුදුව සිටියහ. ප්‍රදේශයේ මගුල් තුලා ආදියට පවා මොහුට ආරාධනා ලැබෙන අතර ඒ සියලුම අවස්ථා වලටද  ඔහු සහභාගි වූයේය. එබැවින් මෙම ප්‍රදේශයේ ජනතාව ඔහුට ගහට පොත්ත මෙන් විය.


කෙසේ වුවද මැදිවියට පත්වන විට රෝගාබාධවලට ලක්ව  මහන්සි ගතියක් දැනෙන්නට වූ නිසා පාපැදියට ආයුබෝවන් කීමට සිතූ ඔහු බැංකු ණය මුදලක්ද ලබාගෙන යතුරුපැදියක් මිලදී ගත්තේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය.


බයිසිකලය මිලදී ගෙන ඔහු එදා ලියුම් බෙදීමට නමෝ විත්තියෙන් දෙවියන් සිහිකර පිටත් වූයේ ලියුම් මිටියද හැඬලය මත තබාගෙන මහත් උජාරුවෙනි.


වෙනත් දිනවලදී පාපැදියෙන් ගොස් එක්වර බෙල් කරන විට නිවැසියන් කවුරුන් හෝ දිව එන්නේ ඉද්දගැසුවාක් මෙනි. එදින කොතෙක් නළාව ශබ්ද කළද කිසිවකු  නොපැමිණියෙන් මහත්සේ අපහසුවට පත්වූ ඔහු ගේට්ටුවලට හා දොරවල්වලට තඩිබාමින් ලියුම් මිටිය බෙදා අවසන් කර නිවසට එන විට  බොහෝ සවස් වී තිබුණි.


වෙනත් දිනවලදී වේලාසන නිවසට එන සැමියා ඉක්මනින් කටයුතු කිරීම සඳහා යතුරුපැදියේ ගොස් මෙසේ ප්‍රමාද වන විට බිරිඳ මහත් සේ බියට පත්ව සිටියාය.


ඒ ගැන විමසූ විට ඔහු බිරිඳට සිද්ධිය පැවසුවේ දැන් කුමක් කරන්නේදැයි මහත් සංවේගයකින් කල්පනා කරන බවයි.
එවිට බිරිඳ කදිම අදහසක් යෝජනා කළාය. ඔයා බයිසිකල් එකේ බෙල් එක ගලවල මෝටර්  සයිකලේ සවිකරල ගෙවල් ළඟට ගිහින් ඉන්ජිම නවත්වල බෙල් කරන්න. මිනිස්සු දුවගෙන ඒවි යනුවෙන් පැවසුවාය.


ඔහු අකමැත්තෙන් වුවද කබල් බයිසිකලයේ තිබූ මළ බැඳුණු බෙල් එක ගලවා මෝටර් සයිකලයේ සවිකර බිරිඳ පැවසූ ආකාරයට බෙල් කරන විටම සුපුරුදු සේ කටයුතු සිදුවිය.


සිද්ධිය දැනගත් හිතවතුන් කොහොමද? හැඳිමිටේ නුවණ යනුවෙන් පවසා පාපැදි යතුරුපැදි පියුම් මහත්මයා  යනුවෙන් නමකුත් පට බැඳලාලු.

රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන



අදහස් (0)

මෝටර් සයිකලේ ලියුම් බෙදන්න බයිසිකල් කබලේ බෙල් එකක් හයිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site