කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරුණු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි.
මේ විහාරස්ථානයේ වැඩ වාසය කළ නායක හිමියන් වයෝවෘද්ධ ය. ඇවිද ගැනීමටවත් නොහැකි තත්ත්වයේ පසුවූහ. මේ කරුණු කාරණා නිසා උන්වහන්සේ පිරිසුදු කිරීම සිදු කෙරුණේ දායකයින් විසිනි.
මෙය දැනගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් උන් වහන්සේගේ රැවුල බෑවේය, නෑව්වේය. ඔහු මේ කළ සියලු ක්‍රියාවන් ඡායාරූප සහිතව මුහුණු පොතට එකතු කළේය. එය දුටු දනන් මේ මන්ත්‍රීවරයාගේ මේ ක්‍රියාවට ආශිර්වාද කළේය.
නුදුරු දිනක මේ මන්ත්‍රීවරයාම සිටින ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු මේ හිමි නම හමුවට ගියේ අවශ්‍යතාවකටය. අවශ්‍යතාව ඉටු කරගත් එම මන්ත්‍රීවරයා සිය සහෝදර මන්ත්‍රීවරයා මෙම හිමිනමට කරන දේ සම්බන්ධයෙන් තමන් මුහුණු පොතෙන් දුටු දේ ගැන ඇසුවේ ඔහුට ගෞරවයක් පිණිසය. ඒ සමගම කතා කළ හිමි නම කීවේ ‘අපෝ මන්ත්‍රීතුමා මතක් කරන්න එපා ඔය මන්ත්‍රීතුමානම්. එයා තව ටික දවසක් පන්සල් ආවානම් මුළු පන්සලම සුද්ධ කරනවා’.
‘මට ඇප උපස්ථාන කරනවා යයි කියමින් මුහුණු පොතේ දමමින් මට ලැබුණු පිරිකර සහ තවත් දේවල් ගෙදර ගෙනිච්චා. මෙහේ මොකක්වත් එතුමාට පෙන්නන්න බැරිව ගියා. බැරිම තැන මම එයා පන්සලට එන එකත් නැවැත්තුවා’ යයි උන්වහන්සේ කීවේ මන්ත්‍රීවරයා කම්මුලට අත ගසා ගනිද්දී ය.
තමන්ට සභා රැස්වීමේ දී අවස්ථාවක් ආවිට ඊට මෙයත් හොඳ අවස්ථාවක් කර ගත හැකි යයි සිතමින් ඔහු නිවෙසට පැමිණියේ ය.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්