IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා

හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට  ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


විදේශ ගතව රැකියාවක් කරන සැමියා සමග කතා කිරීම සඳහා බිරිඳට නවීන පන්නයේ ජංගම දුරකතනයක් තිබුණි. සැමියාගේ මව්පියන් සමග නිවසේ කටයුතු කරන අතර තුර මුහුණු පොතේ වෙනත් නමකින් ගිණුමක්ද නිර්මාණය කරගෙන දුරකතනය සමග දවසේ වැඩි කාලයක් ඇය ගත කළාය.


ටික දිනක් ගතවද්දී මුහුණු පොත හරහා හඳුනාගත් පුද්ගලයකු සමග පණිවුඩ හුවමාරු කරගනිමින් සිටි අතර නොදැනම ඔවුහු පෙම්වත්තු වූහ. ඇය නිතර නිතර මුහුණු පොත ඔස්සේ පෙම්වතා සමග කතාබහ සිදුකළද  මාමණ්ඩියට හා නැන්දණියට හොර රහසේ එය සිදුකළාය. 


තමා හමුවීමට පැමිණෙන ලෙස පෙම්වතාගෙන් ලද ආරාධනාව ඈ ප්‍රතික්ෂේප කළේ තනිවම ගමන් බිමන් යාමට සැමියා දමා තිබූ තහනම නිසාය. සති අන්ත දිනයක මාමා සහ නැන්දා දුවගේ නිවෙසට යන බව දැනගත් ඇය එදින බොරු අසනීප තත්ත්වයක් පෙන්වා නිවසේ රැඳී සිටීමට තීරණය කළාය. සැලසුම් කරගත් පරිදි පෙම්වතාව නිවෙසට ගෙන්වා ගැනීම ඇයගේ අදහස විය.


වැඩිහිටියන් උදෑසනම සිය දියණියගේ නිවෙසට යාමට පිටත්වූ අතර දොරවල් වසා පරිස්සමට ඉන්නා ලෙස ලේලියට උපදෙස් දීමටද ඔවුහු අමතක නොකළහ. යතුරු පැදියකින් පැමිණි කඩවසම් තරුණ පෙම්වතා දුටු කාන්තාව සතුටින් ඉපිළ ගියාය. පෙම්වතා  නිවෙසට ගත් කාන්තාව දොර වසා දැමුවාය. තමා විවාහවී සිටින බව ඇය පෙම්වතාට පැවසුවද එය ප්‍රශ්නයක් කර නොගන්නා ලෙස ඔහු පැවසීම නිසා කාන්තාවගේ සතුට දෙගුණ තෙගුණ විය. කිසිවකුත් නැති නිවෙසේ සිත්සේ පෙම්සුව විඳීමට දෙදෙනා අමතක නොකළහ.


උපක්‍රමශීලීව සියලු දේ කරගත් පෙම්වතා කාන්තාවට නින්ද යාමට සලස්වා ඇගේ නවීන දුරකථනය හා ලැප්ටොප් පරිගණකය අල්මාරියේ තිබූ රන්ආභරණ ආදිය සියල්ලම රැගෙන නිවසින් පිටව ගියේය.


දැඩි තෙහෙට්ටුව සමග නින්දගොස් සිටි කාන්තාව පියවි සිහියට පැමිණියේ මාමා සහ නැන්දා පැමිණ කතා කිරීමෙන් පසුවය. දිවාකාලය පිළිබඳව මෙනෙහි කරමින් සිටි ඇය පෙම්වතාට ඇමතුමක් ලබා ගැනීමට සිතා දුරකතනය සෙව්වද එය සොයාගත නොහැකි විය. සිය කාමරයේ මේසය මත තිබූ ලැප්ටොප් පරිගණකයද නොමැති බව දුටු ඇය ඇතිවූ සැකය නිසා වහා අල්මාරිය විවෘතකර බැලු‍වාය. අල්මාරියේ තිබූ රත්රන් බඩු ටිකද නොමැති බව දුටු ඇගේ දෙලොවම  රත්විය..


පෙම්වතා පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා නිසා ඇය අවසානයේ වැඩිහිටියන් දෙදෙනාට සත්‍යය හෙළි කළාය. පුතාට සිද්ධිය සැල කළ මව්පිය දෙදෙනා ලේලිය සිය මහ ගෙදරට යැවීමට කටයුතු කළහ. ලේලිය පිළිබඳ රහස නැන්දණියගේ මුවින් පිටවීම නිසා කතාව ගමපුරා පැතිරීමට වැඩි දිනක් ගත නොවීය.



අදහස් (1)

ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා

ජේ එස් හේවාගම Saturday, 26 November 2022 04:47 PM

කලියුගයේදී බලවත් වන්නේ අධර්ම කාමය සහ විෂම ලෝබය බවට ධර්මයේ සඳහන්ව ඇත. මෙම කරුණ එය සනාථ කරයි...!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site