ඌරගස්මංහන්දිය අමරසිරි රණසිංහ
අල්ලපු ගෙදර බල්ලා නමත් එක්කම රුපියල් 20000 කට හොරෙන් විකුණා මාට්ටු වූ පුවතක් දකුණු පළාතේ එක්තරා ගමකින් ඉකුත්දා අසන්නට ලැබිණ.

මෙම අරුමපුදුම ගනුදෙනුව කළ පුද්ගලයා මැද පෙරදිග රටක කලක් සේවය කර මෑතක ලංකාවට පැමිණි අයෙකි. ඔහු උදෑසන නවය දහය පමණ වනතුරු නිදාගැනීමට පුරුදුව සිටින්නෙකි. අල්ලපුගෙදර බල්ලාගේ කරදරකාරී බිරුම් ඝෝෂා හඬ ඔහුගේ නින්දට දින කිහිපයක්ම බාධාවක් විය.
කරදරකාරී බල්ලා සිටින නිවෙසේ සිටි කාන්තාව රෝහලේ වෛද්‍ය සායනයට යාමට පිටත්ව යන අයුරු දුටු අසල්වාසී පුද්ගලයා ඔහුගේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් ගත්තේය. “අපේ ගෙදර ජර්මන් සෙපර්ඩ් බල්ලෙක් ඉන්නවා රුපියල් 25000 කට ගන්න ඕනෑම කෙනෙකුට දෙනවා”
විනාඩි පහකට පමණ පසු මිතුරාගෙන් ඇමතුමක් ලැබිණ. “ අපේ මාමා බල්ලා රුපියල් 20000 කට ගන්න කැමතියි. ඒත් ගෙදරට ගෙනත් දෙන්න වෙනවා”
බල්ලාගේ කරදරයෙන් බේරෙන්න හොඳම අවස්ථාව ලැබී ඇතැයි සිතමින් තමාගේ ත්‍රිරෝද රථයට අල්ලපු ගෙදර බල්ලා නංවාගෙන මිතුරා සොයා ගියේ කාටවත් නොපෙනෙන පරිදිය.
“මම තව දින කිහිපයකින් රට යනවා මෙයා බලාගන්න කෙනෙක් නැහැ. මෙන්න මම එයාගේ පිඟානයි කෝප්පයයි ගෙනාවා. මෙයාගේ නම ටූබී”
බල්ලාගේ නව අයිතිකරු මුණුපුරාගේ උපන් දින ත්‍යාගය ලෙස ටූබී තෑගි කළේය. දිනක් දෙකක් ගතවත්ම ටූබී ළමයා සමග මිතුරු වීය. දිනක් ළමයාට බල්ලාගේ කූඩුව වැසීමට අමතකව ගියේය. රාත්‍රියේම බල්ලා පෙර අයිතිකරු සොයා නිවෙසින් පැන ගොස් තිබිණ.
ඔවුන් දවස් කිහිපයක් දන්නා කියන සෑම තැනකම සෙව්වද බල්ලා සොයා ගැනීමට නොහැකි වූ බැවින් බල්ලා දුන් ගෙදරට ගොස් බල්ලා පැමිණියේදැයි සොයා බැලීය. බල්ලා එම ගෙදරටද පැමිණ සිටියේ නැත.
බල්ලා මිලට ගත් පුද්ගලයා ජංගම දුරකතනයේ තිබෙන ඡායාරූපයක් පෙන්වමින් මගතොට හමුවන අයගෙන් නැති වූ සුරතලා සොයන අතර බල්ලාගේ මුල් අයිතිකරුට ද එම ඡායාරූපය පෙන්වීය.
බල්ලාගේ ඡායාරූපය දුටු මුල් අයිතිකරු බල්ලා හැඳින ගත්තේය. බල්ලා ලැබුණු අයුරු අසා දැනගත් ඔහු බල්ලා සොයමින් සිටි පුද්ගලයා නිවෙසට එක්කගෙන ආවේය.
‘අයියා සොයන බල්ලා අපේ ගෙදර හිටිය ටූබී යැයි පවසමින් බල්ලාගේ බෙහෙත් විදින කාඩ් එක හා ඔහුගේ දුරකතනයේ තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන පෙන්වීය.
මම බල්ලා ගත්තේ අන්න අර ගෙදරින් යැයි පවසමින් බල්ලා අවසන් වරට මිලට ගත් පුද්ගලයා යාබද නිවෙසක් පෙන්වීය.
දෙදෙනාම එම නිවෙසට ගොස් “ මල්ලී ඔයා විකුණපු බල්ලාගේ කාඩ් එක දෙන්න අමතක වෙලා” යැයි කීය. බල්ලා විකුණූ පුද්ගලයා ත්‍රිරෝද රථයේ නැගී වේගයෙන් නිවෙසින් පිටව ගියේය.
මිතුරන් කිහිප දෙනකුගේ උදව් ඇතිව පැය හතරක සෝදිසි මෙහෙයුමකින් බල්ලා සොයාගෙන රුපියල් 20000 වන බලු ගනුදෙනුව ද බේරුම්කර බල්ලාගේ මුල් අයිතිකරුට ඌ ගෙනැවිත් දී බලු කුක්කකු මෙන් අසල්වැසි තරණයා පිටව ගියාලු.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලු ගනුදෙනුවෙන් අසල්වැසියා බලුවෙලා