(ඉන්දිකා රාමනායක)
රටවල් කිහිපයක සහභාගීත්වයෙන් ඉන්දීයන් සාගරයේ මෙහෙයුම් වල නිරත නාවික ඒකාබද්ධ සමුද්‍රය බලකාය විසින් මේ වසරේ මුල සිට මේ දක්වා ඉන්දියන් සාගරය හරහා ප‍්‍රවාහන කරමින් තිබු හෂීස් මත්ද්‍රව්‍ය ටොන් 28 ක් හා හොරොයින් ටොන් දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව කියයි.
රටවල් කිහිපයක් ඒකාබද්ධව මෙම සහයෝගිතා මෙහෙයුම් කි‍්‍රයාක්මක කර ඇති අතර ඉන්දියන් සාගර හරහා මෙම වෙනත් රටවලට ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පත්ව ඇති බව නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසීය.
මේවායේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක් බවත් මේවා ශි‍්‍ර ලංකාව ඇතුලූ වෙනත් රටවලට ප‍්‍රවාහනය කරන්නට ඇති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කියා සිටියේය.
මේවා ප‍්‍රවාහනය කර බොට්ටු 13 ක් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම මෙහෙයුම් තුළින් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනට මෙන්ම නීතිවිරෝධී සංක‍්‍රමනිකයින් ප‍්‍රවාහනයට ද බාධා එල්ල වී ඇති බවත් මේ හේතුවෙන් ශි‍්‍ර ලංකාව හරහා සිදුවන නීතිවිරෝධී ජාවාරම්, සංක‍්‍රමණික ජාවාරම්වල ද විශාල අඩුවක් සිදුව ඇති බවද පියල් ද සිල්වා මහතා සඳහන් කළේය.
නාවික හමුදා මුලස්ථානයේ අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මේ වසරේදී ඉන්දියන් සාගරය හරහා හෂිස් මත්ද්‍රව්‍ය ටොන් 28ක් ගෙන්වලා