IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


සිහින් හැඩැති සිරුරකට සෞඛ්‍ය පුරුදු 08ක්

හැඩැති සිහින් සිරුරකට අකැමැති කවුද? එවන් සිරුරක් කාන්තා ලාලිත්‍යය වඩාත් ඔප්නංවන්නකි. නිරෝගීභාවයේ කැඩපතකි. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අපේ ආහාර සහ ජීවන රටාවයි. එක් අතකට සිහින් හැඩ සිරුරක් පවත්වා ගෙන යාම ඉලක්කයක් කරා යන ගමනකි. එසේනම් ඉලක්කය සපුරා ගන්නේ කෙසේද කියා අද බලමු.

01)  ඔබගේ බර මැන ගන්න

මෙය ඉතාම වැදගත් සාධකයකි. නියමිත බරෙහි ඔබ නැත්නම් බර ඉක්මවා ඇත්නම් ඔබ ගන්නා ආහාර රටාවත්, දෛනිකව ගන්නා ජල ප්‍රමාණයත් ප්‍රමාණවත්දැයි බලන්න. සාමාන්‍ය පුද්ගලයකුගේ දිනක ජල අවශ්‍යතාව ලීටර් දෙක හමාරත් තුනත් අතර තිබිය යුතුය. ඔබ නියමිත බර පවත්වා ගැනීම මෙතැන් සිට අරඹන්න.

02)  පැණි රස භාවිතය හැකිතාක් සීමා කරන්න.

පැණි රසැති බීම, කෙටි කෑම වර්ග, අධික සීනි භාවිතයෙන් ඉවත් වන්න. දෛනික සීනි අවශ්‍යතාව තේ හැඳි 06කි. එය ඉක්මවා නොයන්න.

03)  ව්‍යායාම අනිවාර්යයි.

සෑම දිනකම විනාඩි 30ක්වත් නොකඩවා ව්‍යායාමයක යෙදෙන්න. කඩින් කඩ ව්‍යායාම කිරීම සිදු නොකරන්න.

04)  ක්‍රියාශීලී විය යුතුයි.

දිනක ඇරැඹුමේ සිට නිමාව දක්වාම උදාසීන ගති වෙනුවට ප්‍රබෝධයෙන් ක්‍රියාශීලී වීම අත්‍යවශ්‍යවේ.

05)  වාඩි වී සිටින කාලය අඩු කළ හැකි නම් ඉලක්කයට යාමට වඩාත් පහසුයි.

එකතැන දිගු වේලාවක් එකම ඉරියව්වකින් රැඳී සිටිනවාට වඩා ඇවිදීම ,දිවීම වැනි ක්‍රියාකාරකම්වලත් නියැළීමට වගබලා ගන්න.

06)  හොඳ නින්දකුත් ලබා ගන්න.

නියමිත පැය ගණන සපුරමින් ලබන සුව නින්ද සේම සංසුන් මනසකින් යුතුව නින්දකට යා යුතුයි.

07)  ලුණු භාවිතයත් සීමා කිරීමට අමතක නොකරන්න.

අධික ලුණු භාවිතය හිතාමතාම සීමා කරන්න. ලුණු තේ හැඳි 01ක් යනු දෛනික ලුණු අවශ්‍යතාවයි.

08)  තමා ගන්නා ආහාර ප්‍රමාණය විශේෂිත කරුණකි.

බඩ ඉක්මවා යන පරිදි ආහාර ගැනීම අපි කරන විශාල වරදකි. දුටු දුටු දේ තම කෑම පිඟානේ තබා ගෙන පරිභෝජනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය දේ අවශ්‍ය පරිදි ආහාරයට එකතු කර ගන්න.

නිවැරැදි ආහාර හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීම තුළ ඉතා කෙටි කලකින්ම ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට පහසු වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

සිහින් හැඩැති සිරුරකට සෞඛ්‍ය පුරුදු 08ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 76 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 173 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1028 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site