උපදෙස් - බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා
බොහෝදෙනා අධික රුධිර පීඩනය ගැන දැනගෙන හිටියෙ මැදිවිය පසු වුණාම හැදෙන සුව කළ නොහැකි නමුත් ඖෂධවලින් පාලනය කළ හැකි රෝගයක් විදියටයි. නමුත් අද වනවිට අධික රුධිර පීඩනය තරුණවියේ සිටින පිරිස් අතරත් පැතිරෙන්න පටන් අරන්. ඒ විතරක්ද දරුවන් අතරිනුත් අධික රුධිර පීඩනය රෝගී තත්ත්වයට ලක්වුණු රෝගී දරුවන් හමුවෙමින් තිබෙනවා. මෙය අපේ දරුවන් මුහුණදෙන වඩාත් අඳුරු පැතිකඩක් බව පළමුව කිව යුතුමයි. වැඩිහිටිවිය, තරුණවිය ඉක්මවා ළමාවියද ආක්‍රමණය කර මින් තිබෙන අධික රුධිර පීඩනයෙන් අපේ දරුවන් මුදවාගන්න බැරිද? මේ කතා කරන්නෙ ඒ ගැනයි.
මොනවගේ රෝගයක්ද?
රුධිර පීඩනය යනුවන් හඳුන්වන්නෙ පුද්ගලයෙකුගේ රුධිර නාළ හරහා රුධිරය ගලායන පීඩනයයි. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය120/80 mm Hgක් ලෙස සටහන් වෙනවා. ඊට වැඩි ඕනෑම මට්ටමක් අධික රුධිර පීඩනය ලෙස සලකනවා. ඊට පහළින් පෙන්වන දත්ත සාමාන්‍ය රුධිර පීඩනය ලෙස හඳුනාගන්නවා. එහෙත් අධික රුධිර පීඩනයේ පරිමාව පුද්ගලයෙකුගේ වයස අනුවත් වෙනස්වෙන්න පුළුවන්.
අධික රුධිර පීඩනය දරුවෙක් උපන්දා පටන් සෑදිය හැකි රෝගයක්. එනම් ඕනෑම වයසකදී සෑදිය හැකියි.
දරුවන්ගේ මනින ක්‍රමය වෙනස්
දරුවන්ගේ අධික රුධිර පීඩනය මනින්නෙ වැඩිහිටියන්ගේ වග ෙප්‍රෂර් මීටරයකින් නොවෙයි. විශේෂිත කප් වර්ගවලින්. ඒ වගේම එය ඉතා නිවැරදිව මැන ප්‍රස්ථාර ගත කළ යුතුයි. එය නිවසේදී කළ හැකි දෙයක් නොවෙයි. එය වඩාත් සාර්ථක වෛද්‍යවරයෙකුගේ මගපෙන්වීම මත සිදු කළ විටයි.
රෝග ලක්ෂණ
දරුවෙකුට අධික රුධිර පීඩනය ඇතිවිට අධික හිසරදය, ක්ලාන්තය, වමනය, මූත්‍ර සමග ලේ පිටවීම වැනි රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. 
හැදෙන්නේ ඇයි?
දරුවෙකුට අධික රුධිර පීඩනය හැදෙන්න ක්ෂණික හේතු වගේම දිගුකාලීන හේතුත් බලපාන්න පුළුවන්.
- අනතුරකට ලක් වී මොළයට රුධිරයට ගලන විට
- හෝමෝන ගැටලු
- ස්නායු රෝග සහ තවත් ගැටලු
- සමහර පිළිකා තත්ත්ව
- හෘද සංස්ථානික ධමනියේ ගැටලුවලට
- වකුගඩුවලට හානි සිදු වූ විට
සුව කරන්න පුළුවන්ද?
දරුවෙක් අධික රුධිර පීඩනයට ගොදුරු වුවහොත් ඊට බලපා ඇති හේතුව ඉක්මනින් නිශ්චිතවම සොයා ගැනීමට වෛද්‍යවරු කටයුතු කරනවා. ඒ ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කළ යුතු නිසයි. නමුත් නොකඩවා ජිවිත කාලය පුරාම ඖෂධ ගැනීමට සිදුවෙන්නෙ නම් ඉතාම කලාතුරකින්.
වළක්වාගන්න මෙහෙම කරන්න
ක්‍රීඩාවකට යොමු කරන්න
දරුවෙක් නිරෝගීවීමට නම් ක්‍රියාශිලී විය යුතුමයි. දරුවා පොතපතට පමණක් සීමා නොකර පාසලේ ඇති ක්‍රීඩාවකට යොමු කරන්න. එය ජයග්‍රහණය ලබා ගැනීමටම නොව දරුවාගේ යහපත් කායික සහ මානසික සෞඛ්‍ය තත්ත්වය සඳහා ඉතාම සුදුසු ක්‍රියාවක්.
අධික තරුබාරුව ලෙඩ ගොඩකට හේතුවක්
දරුවන් අධික රුධිර පීඩනයෙන් වළක්වා ගැනීමට නම් කළයුතු ප්‍රධානම දේ දරුවා අධික තරබාරුවෙන් මුදවා ගැනීමයි.
අධික තරබාරු දරුවෙක් අධික රුධිර පීඩනයට පමණක් නොව දියවැඩියාව, හෘද වැනි රෝග සඳහා අඩු වයසින්ම ගොදුරුවීමේ අවදානම ඉතා ඉහළයි.
සෙල්ලම් කරන්න වෙලාවක්
දරුවෙකුට දෛනික ව්‍යායාම් අත්‍යවශ්‍යයි. එහෙත් අද බොහෝ දරුවන්ට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. උදේ පාසල්, හවස ටියුෂන්. අඩුම තරමින් දරුවාට බයිසිකලයක් පදින්නට හෝ වෙලාවක් වෙන් කරදෙන්න.
ලුණු - සීනි අඩු ආහාර දෙන්න
මේ වනවිට බිලිඳෙකුට මාස හයක් වනතුරු මවුකිරි ලබාදීමටත් වසරක් ගතවනතුරු ලුණු හෝ සීනි ආහාරයට එක් නොකිරීමටත් නියම කර තිබෙනවා. එය දරුවෙක් බෝනොවන රෝගවලින් මුදවා ගැනීමට ඉතා හොඳ පියවරක්. එහෙත් එම කාලය තවත් වසරක් දෙකක් වුවද පමා කළ හැකි නම් එය දරුවාගේ යහපත පිණිසම හේතුවෙනවා.
හොඳ ආහාර රටාවක්
- ක්ෂණික ආහාර වෙනුවට වැඩිපුර පළතුරු හා එළවළු ආහාරයට එක් කරන්න.
- රූපවාහිනිය නැරඹීම, පරිගණකය භාවිත කිරීම සහ වීඩියෝ ක්‍රීඩාවල නියැළීම අවම කරන්න.
- සිසිල් බීම, මේදය හා සීනි අධික කෙටි ආහාර අවම කරන්න.
- තෙලින් බැද ගන්නවාට වඩා පුලුස්සා ගැනීම, තම්බා ගැනීම හෝ වාෂ්පයෙන් පිසගැනීම වැනි පිසීමේ ක්‍රම භාවිත කරන්න.
- උදේ ආහාරය අතපසු නොකිරීමට වගබලා ගන්න. එක් වේලක් අතපසු කිරීම ඊළඟ වේල වැඩියෙන් ගැනීමට හේතු විය හැකියි.
- ගෙදර වැඩවලට දරුවත් හවුල් කරගන්න.
- රුපවාහිනිය, දුරකතනය නරඹමින් ආහාර ගන්නවා වෙනුවට කෑම මේසයේ ඉඳගෙන ආහාර ගැනීමට පුරුදු කරන්න.
උදේශිකා නෙලුම්දෙනිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd