(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,340 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 79 දෙනෙක් සහ කාන්තාවෝ 39 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 101 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 17 දෙනෙක් ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට කීයක් මැරෙනකම්ද මෙහෙම බලන් ඉන්නේ
මැරෙන ගණන වැඩි වෙන්න වැඩි වෙන්න මෙයාලාට ලැබෙන විදේශ ආධාර වැඩි වෙනවා .ඉතින් මොකටද රට වහන්නේ
ඊයේ මරණ වාර්තා වුණු රටවල් 125 අතරින් වැඩිම වාර්තා වීමේ පිළිවෙළ අනුව අපේ රට 18වැනි තැන කියලා තිබුණා. අපි අංක 01ට එනකම්ද බලා ඉන්නේ..?