IMG-LOGO

ටෙලිකොම් ආයතනයට අතුරු නියෝගයක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තරුණ නව නිපැයුම්කරුවෙකු නිර්මාණය කර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බාර දුන් අධි වෝල්ටීයතාවයෙන් සහ අකුණු සැර වලින් ආරක්ෂා කිරීමේ සංහෘත පරිපථයක අඩංගු තොරතුරු කිසිවක් හෙළි නොකරන ලෙස හෝ එම තොරතුරු උපයෝගී කිරීම වළකාලමින් වාණිජ මහාධිකරණ විනිසුරු ඇම්.අශාන් ආර් .මරිකාර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අද (21) අතුරු නියෝගයක් නිකුත් කළේය.

එම නව නිපැයුම්කරු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම ලබන මාර්තු 08 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කෙරිණි.

නව නිපැයුම්කරුවෙකු වන ඒ.ඇම්.ටී.නිර්මල මහතා ගොනු කර තිබූ මෙම නඩුවේ වගඋත්තරකරු හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නම් කරනු ලැබ ඇත.

ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු ඉංජිනේරු ඉගෙනුම් පසුබිමක් සහිත නව නිපැයුම්කරුවෙකි.ඔහුගේ නිර්මාණ දායකත්වය උපයෝගී කර ගෙන ‘‘ අකුණු වැළැක්වීම සහ අධි වෝල්ටීයතාවයෙන් උපකරණ ආරක්ෂා කර ගැනීමේ සංහෘත පරිපථයක් නිර්මාණය කළේය.

අනාගතයේදී හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් මෙම පරිපථය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ඉදිරිපත් කළේය.ඊට පෙර පෙත්සම්කරු සහ ටෙලිකොම් ආයතනය අතර සාකච්ඡා ගණනාවක් පැවැත්වූ අතර ඔවුන් විසින් මෙම පරිපථයේ පටපතක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

පෙත්සම්කරු මෙම පරිපථයට පේට්න්ට් අයිතිය ලබා ගැනීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරු රහස්‍යභාවයෙන් තබා ගන්නා ලෙසද වගඋත්තරකාර ආයතනයට දැනුම් දුන්නේය.

පරිපථය බාර දී සති හයක් ඉක්ම වුවත්ම එය රැගෙන යන ලෙස ටෙලිකොම් ආයතනය පෙත්සම්කරුට දැනුම් දුන්නේය.පෙත්සම්කරු වගඋත්තරකාර ආයතනයට ගොස් පරිපථය පරීක්ෂා කිරීමේදී එය විවෘත කොට පරීක්ෂා කර ඇති බව දැක ගන්නට ලැබී තිබේ.

පරිපථයේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමේ අරමුණින් මෙම ක‍්‍රියාව සිදු කර ඇති බව පෙත්සම්කරු කියා සිටී.

එබැවින් මෙම සංහෘත පරිපථයේ තොරතුරු අඩංගු වාණිජමය සංවේදී තෙරතුරු භාවිතා කිරීම හෝ හෙළි කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.



අදහස් (6)

ටෙලිකොම් ආයතනයට අතුරු නියෝගයක්

Amila Monday, 21 January 2019 12:54 PM

ඔන්න ඕකයි මේ රටේ දක්ෂයෝ සහ හොඳ දේවල් ඉතුරු වෙන්නේ නැත්තේ. අර මනුස්සයා මහන්සි වෙලා හොයා ගත්ත දේ... අනිවා දෙන්න ඇති එයාලා දන්න අායතනයකට හෝ පුද්ගයෙකුට.

:       2       311

DU Monday, 21 January 2019 01:10 PM

නිර්ලජ්ජිතයි මේ වැඩ. නීතියේ පිහිට පැතීම ඉතා බුද්ධිමත් හා විශිෂ්ට ක්‍රියාවක්. මේ තුළින් නව නිපැයුම්කරුවන් ආරක්ෂිතව හා බුද්ධිමය දේපල සඳහා නීතියේ රැකවරණය ඇති බව විශ්වාස කරාවි. මුදල් ගසා කනවාට අමතරව දැන් බුද්ධිමය දෙපලත් කොල්ලකනවා.

:       2       191

rocky Monday, 21 January 2019 01:24 PM

ඕකේ ලොක්කගේ හැටි දන්නවනේ! ලඟින් ගියොත් අැහැක් නැහැ. නිෂ්පාදකයාට තිබුනේ ඔය උපකරණය විදේශයක පේටන්ට් කරන්න උදව් ලබා ගැනීමයි. මෙහෙ බැලු බැලු අතේ ඉන්නේ හොරු!

:       4       139

Sapumal. Monday, 21 January 2019 01:32 PM

වාණිජ අධිකරණය වෙත අපගේ ගෞරවනීය ප්‍රණාමය... මේ වගේ සුපිරි මොලකාරයෙකුට ටෙලිකොමා සලකපු විධිහ නම් ඉතා නින්දිතයි. අපගේ ශාස්ත්‍රීය සංගීතය විකෘති කොට වටිනා ගායක ගායිකාවන්ගේ උසස් ගීත භක්ෂණය කොට වෙනස් ආකාරයකින් විකෘතිකොට තමන්ගේ ගීත මෙන් බෙරිහන්දෙන රස්තියාදුකාර සමහර ඝෝෂකයින් මට්ටුකර එම ගීත නිර්මාණ ජාතියට ආරක්ෂා කරදීමට බුද්ධිමතුන් හට මේ ආකාරයෙන්ම නුවණ පහළවේවා !!!

:       0       259

Nuwan Monday, 21 January 2019 01:41 PM

කවුද ටෙලිකොම් එකේ සභාපති කියමු බලන්න. ඔහුට තනතුරට අදාල සුදුසුකම් නැත්නම්, අනිකුත් සියලු ටෙලිකොම් විධායකයින්ට සුදුසුකම් නැති බව තමයි මේ වගේ පහත් වැඩ කළාම අපට තේරෙන්නේ..

:       1       164

Saman Monday, 21 January 2019 03:26 PM

හැම තැනම ඔහොම තමයි. දැන් ඉතින් තව තැනකින් මේක මතුවෙයි ' "යුරේකා" කියල. විමලෙ කලෙත් මේ වගේම වැඩක් තමයි. අධිකරණය නම් නියමයි දැන්.

:       0       98

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site