සියලු තොරතුරු තිබුණත් ප්‍රහාරයට පෙර සහරාන්ලා අල්ලන්න බැරිවුණා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂිම් ඇතුළු කල්ලියේ තොරතුරු ලැබී තිබියදීත් අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංක දෙකේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් තරංග කුමාර මහතා ඊයේ (31) පැවසීය. 01 September 2020
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක කවුන්සිලය දිනපතාම රැස්වුණා ඉකුත් 2019 පෙබරවාරි මාසයෙන් පසු පාස්කු ඉරුදින ප්‍රහාරය වන තෙක් නොකැඳ වූ ආරක්ෂක කවුන්සිලය එම ප්‍රහාරයෙන් පසු දිනපතා රැස්වන තත්ත්වයක් මතු වූයේ යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙරේදා (24) පැවසීය. 26 August 2020
කෝටි එකහමාරේ වංචාවකට කෝටි 2 ක වන්දියක් ‘පාර්ක් හොස්පිටල්’ ආයතනයේ සේවිකාවක වශයෙන් කටයුතු කරමින් එම ආයතනය සතු රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වංචනික අන්දමින් සිය ගිණුමට බැර කරගැනීමේ චෝදනාවට වරද පිළිගත් එහි ගිණුම් සහයකවරියකට වසර 2ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පාර්ක් හොස්පිටල් සමාගමට රුපියල් කෝටි 2 වන්දියක් ගෙවීමට ද නියම කළේය. 25 August 2020
නෙල්ලිගල විහාරාධිපති හිමියන්ට සහරාන්ලාගෙන් මරණ තර්ජන තමන් ඝාතනය කරන බවට තර්ජනය කර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ 2019 මැයි 14 වැනිදා ලිපියක් ලැබුණු බව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුකුඹුරේ ධම්මරතන හිමියෝ පසුගියදා හෙළි දරව් කළහ. 25 August 2020
සහරාන්ගේ වැඩ සොයා ගැනීමට නොහැකිවීම බුද්ධි නිලධාරීන්ගේ දුර්වලකමක් නොවෙයි “සහරාන්ලාගේ අන්තවාදී කටයුතු පිළිබඳව තොරතුරු සොයා ගැනීමට බුද්ධි නිලධාරීන්ට නොහැකි වීම ඔවුන්ගේ දුර්වලකමක් හෝ අකාර්යක්ෂමතාවක් ලෙස දකින්න බැහැ. ජනතාවගෙන් ඔවුන්ට නිසි තොරතුරු නොලැබීම හා ත්‍රස්තවාදී කල්ලිය සූක්ෂමව තමන්ගේ කටයුතු කරගෙන යාමට සමත් වීමයි මෙහි ඇති ප්රශ්නය” යැයි නැගෙනහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා ඊයේ (18) පැවැසීය. 19 August 2020
ගන්සයිඩ් කඳවුර ගෝඨා කඳවුර ලෙස නම්කළා ගන්සයිඩ් කඳවුරක් ගෝඨා කඳවුර ලෙස නම් කර තිබුණේ එවකට පැවති යහපාලන ආණ්ඩුවට දේශපාලන වාසි ලබාගැනීමට බව නාවික හමුදාවේ කොමදෝරු සුමිත් රණසිංහ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (12) ප්‍රකාශ කළේය. 13 August 2020
සහරාන්ලා කලින් අල්ලාගන්න බැරිවුණා එක නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පැවැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු යටතට පත්වූ පසු විමර්ශන කටයුතුවලදී අංශ දෙක අතර තරගකාරිත්වයක් නිර්මාණය වූ අතර එම අංශ අතර තොරතුරු හුවමාරුව හා අන්‍යෝන්‍ය සබඳතාව බිඳවැටුණ බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ, අන්තවාදී මූලධර්මවාදීන් පිළිබඳ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගයාන් රත්නායක මහතා ඊයේ (12) පැවසීය. 13 August 2020
ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂකවරයාව ලබන 20 වෙනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (07)නියම කළේය. 07 August 2020
බදියුදීන්ගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) තීන්දු කළේය. 07 August 2020
නාකොටික් නිලධාරීන් 13 දෙනා රිමාන්ඩ් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා අගෝස්තු 18 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය. 04 August 2020
බදියුදීන්ට එරෙහි විල්පත්තු නඩුව 26 වැනිදාට කල්යයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචිකිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම පිළිබඳ තීන්දුව අද (31 ) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද එම නඩුව කැඳවූ අධිකරණ ශාලාවේ සියලුම නඩු අගෝස්තු 26 යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය දැන්වීමක් මඟින් දැනුම් දුන්නේය. 31 July 2020
මට්ටක්කුලියේ පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) මරණ දඬුවම නියම කළේය. 30 July 2020
සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලීමක් හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන්නැයි සම්පායෝ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අභියාචනාධිකරණයෙන් අද (28) ඉල්ලා සිටියේය. 28 July 2020
වරෙන්තුව වළක්වාලන අතුරු නියෝගය ගැන තීන්දුව හෙට හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැද්ද ? යන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙටට (28) කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය. 27 July 2020
විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගන්න - නාගානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජය වෙත නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතීඥභාවය තාවකාලිකව අත්හිටුවා ඇති සිවිල් ක්‍රියාධරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කර ඇත. 27 July 2020
අනුර කුමාර-ශානි අබේසේකර කොමිසමට කැඳවීම තාවකාලිකව අත්හිටුවයි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලකට අදාළව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට එම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණය හමුවේ අද (27) එකඟතාවය පළ කළේය. 27 July 2020
මීගමු හිටපු බන්ධනාගාර අධිකාරීගේ වරෙන්තුවේ තීන්දුව සඳුදා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගය ලබා දෙනවාද නැද්ද යන තීන්දුව ලබන සඳුදා (27) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය. 24 July 2020
බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට සිදුවී ඇති හානිය ගැන කුරුණෑගල මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? යන්න මෙන්ම ඉන්සිදුවී ඇති හානිය හා එය පිළිසකර කිරීමට ගතවන කාලය පිළිබඳ ලබන 31 වැනිදාට පෙර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට හා ජාතික ගොඩනැඟිලි පරීක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා මෙහි අවට ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබා ගන්නා ලෙස පොලිසියට අද (23) නියම කළේය. 23 July 2020
ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සම විභාගයට මිලියන 600 ක් වැය කරමින් සිල්රෙදි බෙදා දීමේ සිද්ධියට එවකට ජනාධිපති ලේකම්ව සිටි ලලිත් වීරතුංග මහතා අදාල මුදල් විදුලි සංදේශ ගිණුමට බැර කළත් ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට ලබා ගෙන නැතැයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් අද (23) අභියාචනාධිකරණය විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහත්වරුන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ කංචන රත්වත්ත මහතා කියා සිටියේය. 23 July 2020
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සළකා බැලීම හෙට රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ සංශෝධන රිට් පෙත්සම හෙට ( 24) සලකා බැලීමට අභියාචනාධිකරණය අද ( 23) දින නියම කළේය. 23 July 2020
නිවසේ සුරතලා හොර්ටන්තැන්නට රැගෙන ගිය යුවළට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට සුනඛයෙකු රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගන්නා ලද දෙදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කළේය. 23 July 2020
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අත්අඩංගුවට ගන්න නියෝග මීගමු බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වරෙන්තු මත අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා අපරාධ පරීෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයාට අද (22) උපදෙස් දුන්නේය. 22 July 2020
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගෙන් රිට් පෙත්සමක් රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. ඩබ්ලිව්.යූ.පී. ඒ. සම්පායෝ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 22 July 2020
ගල්කිස්ස මුහුදු තීරය ගොඩකළ බලධරයන් උසාවියට කැඳවයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය. 21 July 2020
රංජිත් මද්දුම බණ්ඩාරගේ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (21) තීන්දු කළේය. 21 July 2020
කුරුදු පොලු නඩුව සැප්තැම්බර් 30 වැනිදා විභාගයට කුරුදු පොලු නඩුව ලබන සැප්තැම්බර් 30 වැනිදා විභාගයට ගන්නා බවත් එදිනට සියලුම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (20) නියෝග කළේය. 20 July 2020
රතුපස්වල නඩුව සැප්තැම්බර් 11 වැනිදා විභාගයට වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වූ රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 94 ක් යටතේ යුද හමුදා බ්‍රිග්‍රේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයන් සිවුදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 11 වැනිදාට විභාගයට ගැනීමට අද (17) වැනිදා නියම කෙරිණි. 17 July 2020
ඇවන්ගාඩ් සභාපතිගේ ප්රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය පිළිබද තීන්දුව හා එම පෙත්සම විභාගයට ගන්නවාද ? නැත්ද යන්න ලබන 31 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය. 17 July 2020
හිටපු වැටුප් අධ්යක්ෂ ජනරාල් ඇතුළු 95 ක් ගොනු කළ පෙත්සම සළකා බැලීමට යයි විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප් දීමනාව වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු වන කේ. ඒ. තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සදහා ලබන සැප්තැම්බර් මස 29 දා කැඳවීමට අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය. 17 July 2020
වරද පිළිගත් හොර දොස්තරට අත්හිටවූ සිරදඬුවම් ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීතිවිරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල යෙදුණු පුද්ගලයෙකුට එරෙහිව සෞඛ්‍ය නිලධාරීන් බිබිල අධිකරණයේ පවරා තිබූ නඩුවක් විභාග කළ මහෙස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා වරද පිළිගත් සැකකරුට රුපියල් 25,000 ක දඩයක්ද, වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක්ද නියම කළේය. 17 July 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025