ලලිත්-අනූෂ අභියාචන පෙත්සමේ තීන්දුව 13 දා ඇප මත සිටින ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව නොවැම්බර් මස 13 වනදා ප්‍රකාශයට පත් කිරීමට අද (23) දින නියම කළේය. 23 October 2020
රියාජ්ගේ පෙත්සමේ අතුරු නියෝගය හෙට රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලනවාද ? නැත්ද ? යන වග අතුරු නියෝගය හෙට ( 21) ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය අද (20) තීන්දු කළේය. 20 October 2020
දැව සංස්ථාවේ හිටපු සභාපති ගොනු කළ පෙත්සම සළකා බැලීමට දිනයක් අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02ක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණයේ ලබා දුන් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලමින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් 26 වැනිදා සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීරණය කළේය. 19 October 2020
ඩල්ජිත් අලුවිහාරේ නඩුව ඉල්ලා අස්කර ගනී මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා (එජප)පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 40 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් එම නඩුව නිශ්ප්‍රභා කිරීමට මාතලේ මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (19) නියෝග කළේය . 19 October 2020
‘ජිනා මැඩම්ට ‘ අත්හිටවූ සිර දඬුවම්-දඩ ගණිකාවන් බවට පත් කිරීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් ‘ජිනා මැඩම්’ නමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (19) අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කළේය. 19 October 2020
අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමට කමිටු පහක් අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමේ හා අධිකරණ ක්ෂෙත්රයේ උන්තිය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 ක් පත් කරන ලදී. 16 October 2020
‘පොඩි ලැසී’ට ඇප සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (16) නියෝග කළේය. 16 October 2020
සායනිත අපද්‍රව්‍ය බහාලුම් ගෙන්වූවන්නට නඩු පවරන්නැයි නීතිපතිට දන්වයි එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ අඩංගු බහාලුම් (කන්ටේනර් ) ගෙන්වූ අයට එරෙහිව වහාම නඩු පවරන්නැයි අභියාචනාධිකරණය අද (14) නීතිපතිවරයාට දැනුම් දුන්නේය. 14 October 2020
වෛද්‍ය සාෆිගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාර්තුවට කල් යයි කිසිදු හේතුවක් නොදක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන වර්ෂයේ මාර්තු 1 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය. 13 October 2020
රවීට-අර්ජුන්ට උසාවි එන්නැයි සිතාසි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින බව කියන කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ රුපියල් කෝටියකට වඩා වටිනා නිවසක් ලබාගැනීම හා එම නිවස සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලබන නෙවැම්බර් 18 වැනිදා අධිකරණ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (12) සිතාසි නිකුත් කළේය. 12 October 2020
ගිනිගත් නෞකාවේ කපිතාන්ට මහාධිකරණයේ නඩු පවරයි ශ්‍රී ලංකා සමුද්‍රය දුෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (8) නඩු පවරන ලදී. 08 October 2020
විස්සට පක්ෂව ඇමැතිවරු 3 ක් ඇතුළු 7 කගෙන් අතරමැදි පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අතරමැදි පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. 29 September 2020
මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝග නොතකා දේශපාලන පළිගැනීම් කොමිසමට යයි යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 7දෙනාට එරෙහි නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දීමකින් තොරව කිසිඳු කොමිසමක් හමුවේ පෙනී නොසිටින නියෝග කළත් නඩුවේ සාක්කිකරු වන ජේ. එම්. රන්බණ්ඩා නමැත්තා දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිට සාක්කි ලබාදී ඇති බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (22) හෙළි විය. 22 September 2020
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 12 මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කරමින් , පරිසර වාර්තාවක් නොමැතිව ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම නොවැම්බර් 12 වැනිදා සලකා බැලීම අභියාචනාධිකරණය ඊයේ (22) දින නියම කළේය. 22 September 2020
තෙල් කාන්දුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ හානිය ගැන නීතිපති වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුව හේතුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ විනාශය සම්බන්ධ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස නීතීපතිවරයා සමුද්‍රීය පරිසර අධිකාරියට හා ඔවුන් සමඟ සමීපව කටයුතු කරන විශේඥයින්ට අද (21) දැනුම් දුන්නේය. 21 September 2020
අජිත් ප්‍රසන්නගේ ඇප අයැදුම ඉවතට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයක් ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු දැක්වීමෙන් එම නඩුවට බලපෑම් කිරීම හා අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ඇප ඉල්ලා ගොනු කළ ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය. 18 September 2020
විද්‍යා දැරිය මැරූ ශෂිකුමාර් - විජයකලා මහේෂ්වරන් අතර සම්බන්ධයක් තිබුණා යාපනය විද්‍යා දැරිය ඝාතනය කළ මහලිංගම් ශෂිකුමාර් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අතර කිට්ටු සම්බන්ධාවයක් තිබූ බව චුන්නාකම් පොලිසියේ හිටපු කොස්තාපල්වරයකු වූ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඥානලිංගම් මයුරන් මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17) පැවසීය. 18 September 2020
පාස්කු දා ප්‍රහාරයට පෙර පල්ලි යද්දී දුරකතනය වාහනයේ අසුන යට තැබුවා “පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දිනයේ පල්ලි යද්දි දුරකතනය නාදවීම අක්‍රිය කරලා (Silent Mode) මෝටර් රථයේ අසුන යට තැබුවා. පාස්කු දිනයේ ප්‍රහාරයෙන් පසු දුරකතනය අතට ගන්නා තුරු එයට ඇමතුම් ලැබී තිබු බව මම දැක්කේ නැහැ” යැයි හිටපු ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (17) පැවසීය. 18 September 2020
සහරාන්ලාගේ අවදානමේ තොරතුරු පසුව හරි අසාගැනීම ආරක්ෂක ලේකම්ගේ වගකීමක් “නායකයෙක් කියන්නේ පහළ නිලධාරියා කරයි කියලා බලාගෙන ඉන්න කෙනාට නොවෙයි. පහළ නිලධාරියා මෙහෙයවන කෙනාටයි. මම බුද්ධි සමාලෝචන රැස්වීමේදී සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම ගැන කියවුණ තොරතුර ගැන මා නොකියා සිටියේ නම් රැස්වීම අවසානයේ හෝ පසු දිනයේ හෝ වෙලාවක් වෙන් කරගෙන නිලන්ත මේක පැහැදිලි කරන්න කියලා කියන්න ආරක්ෂක ලේකම්වරයාට වගකීමක් තිබුණා” යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (16) පැවැසීය 17 September 2020
ජාත්‍යන්තරය සතුටු කරන්න ත්රස්තයන්ගේ නම් කපලා ජාත්‍යන්තරය සතුටු කිරීම සඳහා යහපාලන ආණ්ඩුව මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධාන සහ ත්රස්තවාදීන්ගේ නම් අඩුවෙන් අසාදු ලේඛනගත කර ඇති බව දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ උත්පල දයානන්ද බස්නායක මහතා ඊයේ (16) පැවැසීය. 17 September 2020
රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ලැබෙන තොරතුරු රැස්වීමට ඉදිරිපත් කිරීම ඔහුගේ වැඩක් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු තොරතුර ගැන බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කිරීම ඔහුගේ වගකීමක් මිස තමන්ගේ වගකීමක් නොවන බව ද ඔහු කිසිම අවස්ථාවක තමන්ගෙන් උපදෙස් නොපැතූ අතර ඔහුට උපදෙස් දීමේ වගකීමක් තමන්ට නොමැති බව ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පෙරේදා (14) පැවැසීය. 16 September 2020
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 23 දා සළකා බලයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, ඔහුව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 23 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය. 16 September 2020
හේමසිරිගේ - නිලන්තගේ හඬපට අහද්දි ඔවුන් කිසිවකු ආරක්ෂා කරන බවක් හැඟෙනවා “හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් කොමිසමට ඉදිරිපත් කරන ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා ජයවර්ධන මහතා අතර දුරකතන සංවාදයක් ඇතුළත් හඬ පටය ශ්‍රවණය කරන විට ඔවුන් කිසියම් පුද්ගලයකු ආරක්ෂා කරන්නට උත්සාහ කරන බවක් හැඟී යනවා” යැයි පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපති, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඊයේ (14) ප්‍රකාශ කළේය. 15 September 2020
රවී-ඇලෝසියස් ඇතුළු 7 කගේ පෙත්සම් වැඩිදුර සළකාබැලීම කල්යයි හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් වැඩිදුර සළකා බැලීම ලබන 21 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය. 14 September 2020
මුස්ලිම් අන්තවාදයට එරෙහිවන්න කලින් ආණ්ඩුවට කොන්දක් තිබ්බේ නෑ මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට කලින් පැවැති ආණ්ඩුවට පිටකොන්දක් නොතිබූ බව ද එසේ කටයුතු කිරීමෙන් මැද පෙරදිග රටවල් ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් ඇතිවේ යැයි බිය වූ බව ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී. විජේවීර මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (12) ප්‍රකාශ කළේය. 14 September 2020
සහරාන්ගේ 2015 මැතිවරණ යෝජනා පිළිගත්තත් අත්සන් කළේ නෑ සහරාන්ලාගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සියලු දේශපාලන පක්ෂ එකතු කර 2015 මහමැතිවරණයේදී යෝජනා මාලාවක් ඉදිරිපත් කර ගිවිසුමකට අත්සන් තැබීමට සාකච්ඡා කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස අපි ඔවුන්ගේ ඇතැම් යෝජනා පිළිගත්තත් ගිවිසුමට අත්සන් කළේ නැහැ යැයි මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් මහතා ඊයේ (07) පැවසීය. 08 September 2020
මන්ත්‍රී මනූෂ නානායක්කාරට වරෙන්තු නඩුවක සාක්කිදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) වරෙන්තු නිකුත් කළේය. 04 September 2020
රවී ඇතුළු 7කගේ පෙත්සමට විරෝධතා ගොනුකරන්න නීතිපතිට කල් දෙයි හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට ලබන 14 වැනිදා තෙක් කල් ලබාදීමට අභියාචනාධිකරණය අද(25) තීන්දු කළේය. 04 September 2020
චොකා මල්ලීගේ ඉල්ලීම සලකා බැලීම 7 දා මරණ දඩුවම් නියමව සිටින තේරීපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙනවාද නැත්ද යන්න පිළිබද අතුරු නියෝගය ලබන සදුදා (07) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. 04 September 2020
සාක්කි දීමේදී නිශාන්ත සිල්වා බලපෑම් කළා මාධ්‍යවේදී කීත් නෝයර් මහතා පැහැරගෙන ගොස් පහරදීමට හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව පවසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා බලපෑම් කළ බව යුද හමුදා බුද්ධි බලකායේ මාණ්ඩලික විශ්‍රාමික සැරයන් ප්‍රියන්ත කුමාර මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (31) පැවසීය. 01 September 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025