
ඒකාබද්ධ සෞඛ්‍ය ආරක්ෂණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා වන විශ්ව සෞඛ්‍ය ආවරණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය ගිවිසුමකට පිවිසීම පසුගියදා සිදු විය.
එසේම එම බැංකුවේ වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර භාර අරමුදල (වසංගත අරමුදල) මගින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 6.9ක ප්‍රදානයක් ලබාදීමද මීට සමගාමීව සිදු කර තිබේ.
මෙහිදී අදාළ ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට අත්සන් තැබීම මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පේරුම සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ටකාෆුම් කඩෝනො අතර සිදුව තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය පොදු ප්‍රාග්ධන සම්පත් යටතේ ලබා ගනු ලබන ඩොලර් මිලියන 100ක ඉහත ණය මුදල මගින් විශ්වීය සෞඛ්‍ය ආවරණය සහතික කිරීම යොදා ගන්නා බව පැවසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විශ්වීය සෞඛ්‍ය ආවරණ වැඩසටහනට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්