- මෝටර් වාහන ආනයනයෙන් රු. බිලියන 896.4ක බදු ආදායමක් හිමි වෙලා
- ලංකා වාණිජ මණ්ඩලයේ Motor Vehicle Industry Report 2025/26) වාර්තාව පවසයි
මේ වසරේ මුල් මාස හයක කාලය තුළදී මෙරට වෙත අලුතින් මෝටර් රථ 327,000 කට වැඩි ගණනක් ආනයනය කර තිබෙන බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව මේ හරහා රජයට රුපියල් බිලියන 896.4ක රේගු බදු ආදායමක් හිමිව ඇති බවත් රාජ්‍ය මූල්‍ය සඳහා එම අංශයේ වැදගත්කම මින් මනාව පැහැදිලි වන බවත් එම මණ්ඩලය පවසයි.
ලංකා වාණිජ මණ්ඩලය පසුගියදා නිකුත් කළ මෝටර් රථ කර්මාන්ත වාර්තාව 2025/26 (Motor Vehicle Industry Report 2025/26) වාර්තාවේ මෙම කරුණු සඳහන්ව තිබේ. එම මණ්ඩලය විසින් මෙම වාර්තාව වසර හයකට පමණ පසුව ප්‍රකාශයට පත් කිරීමත් විශේෂත්වයකි. රට වෙත වාහන ආනයනය නැවැත්වීමත් සමගින්ම මෙම වාර්තාව නිකුත් කිරීමක් සිදු නොවුණි.
ඒ අනුව නැවතත් මෝටර් රථ ආනයනය ආරම්භ වී මෙම කර්මාන්තය නව අදියරක් වෙත පිවිසෙන අවස්ථාවේදී මෙම වාර්තාව නිකුත් කිරිමට ලැබීම සුවිශේෂී කරුණක් බව එම මණ්ඩලය පවසයි.
මෙම වාර්තාව තුළ කර්මාන්තයේ ප්‍රවණතා, ප්‍රතිපත්ති වෙනස්කම්, වෙළෙඳපොළ දත්ත සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ අංශයේ අනාගත ඉදිරි දැක්ම පිළිබඳව කරුණු ඇතුළත් වන බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd