- මුල් මාස හතේ සංචාරක පැමිණීම් 1,343,418ක් වෙයි
ජූලි මාසයේදී මෙරට වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 196,845 ක් ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංචාරකයන් 200,244 හා සැසඳීමේදී සියයට 1.7 ක අඩුවීමක් ලෙසත්, 2018 පැමිණි සංචාරකයන් 217,829 හා සැසඳීමේදී සියයට 9.6 ක අඩුවීමක් ලෙසත් සටහන් වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අතර වසරේ මුල් මාස හත තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,343,418 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 වසරේ මුල් මාස හතේ පැමිණි සංචාරකයන් 1,368,288 හා සැසඳීමේදී සියයට 1.8 ක අඩුවීමකි.
එහිදී ජනවාරි සිට ජූලි දක්වා පිළිවෙළින් සංචාරක පැමිණීම් 277,327ක්, 279,328ක්, 183,979ක්, 135,643ක්, 145,745ක්, 124,551ක් සහ 196,845ක් ලෙස මෙම සංචාරක පැමිණීම් සටහන්ව තිබේ.
ජනවාරි, පෙබරවාරි සහ මැයි යන මාස හැර අනෙක් සියලු මාසවලදීම සංචාරක පැමිණීම් පසුගිය වසරේ අදාළ මාසවලට සාපේක්ෂව පහත වැටීමක් වාර්තා කර තිබේ. එහිදී වැඩිම පහත වැටීම වන සියයට 22.3 අප්‍රේල් මාසයේදී වාර්තා විය.
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන්ගෙන් 338,230ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එක්සත් රාජධානියෙන් 130,401 ක් පැමිණ තිබේ. එසේම චීනයෙන් 88,507ක් පැමිණ ඇත. රුසියාවෙන් සහ ජර්මනියෙන් පැමිණි සංඛ්‍යාව පිළිවෙළින් 79,206ක් සහ 78,596ක් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd